follow

aaaa
aaaa

Tuesday, December 23, 2014

K.P වහාම නීතිය හමුවට ගෙන එනු… අපරාධ වලට දඩුවම් දෙනු…

K.P වහාම නීතිය හමුවට ගෙන එනු… අපරාධ වලට දඩුවම් දෙනු… (K.P ට සැප දෙන රාජපක්ෂ කොටි හුරතලය – 2 කොටස)
කොටි හුරතල් කරන සැබෑ දේශද්‍රෝහීන් කවුරුන්ද යන්න ලෝකයට හෙළිදරව් කිරීම –  K.P ට සැප දෙන රාජපක්ෂ කොටි හුරතලය – දෙවන කොටසේ අරමුණයි.
ජාත්‍යන්තර මානුෂවාදී නීති රීති වලට වලට අනුව ත්‍රස්තවාදියෙකුට රැකවරණය දීම උදව් උපකාර කිරීම හා ඔහුව නීතිය ඉදිරියට ඉදිරිපත් නොකිරීම මත ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව නිතිමය පියවර ගත හැකි බව අමෙරිකාවේ ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වාදෙයි. මන්ද ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ජ්‍යාතන්තර මානුෂවාදී සම්මුතීන් වලට හා ගෝලීය ත්‍රස්තවාදය පිටු දකීමේ සම්මුතීන් වලට අත්සන් තබා ඇති බැවිනි.
K.P සම්බන්දයෙන් ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක මාධ්‍ය ලිලිපුට්ටන් විසින් K.P අත්අඩංගුවට ගත් පසු (2009 අගෝස්තු 7) සහ පසු ගිය දින කිහිපය තුල ලබා දුන් ප්‍රකාශ සැලකිල්ලට ගත යුතුය.(K.P ට සැප දෙන රාජපක්ෂ කොටි හුරතලය පිළිබඳව පළමු ලිපියෙන් අප ඒවා අනාවරණය කළේය) ඒවා රජයේ ස්ථාවරය නියෝජනය කරන වැදගත් සාක්ෂි ද වේ.
අමෙරිකාව හා ඉන්දීය රජය මේ පිළිබද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ, ආසියානු ත්‍රස්තවාදී කටයුතු පිළිබඳව නිලධාරීන් මෙය ඉතා සියුම්ව නිරීක්ෂණයට ලක් කරමින් සිටී.ඔවුන්ගේ අදහස වන්නේ ලොව කොතැනක කවුරුන් හෝ ත්‍රස්තවාදයටඋදවු දෙනවාද ඒ තැනැත්තා අපරාධකරුවෙකු බවයි.බින් ලාඩන් හා K.P අතර කිසිදු වෙනස් කමක් නැති බවත්, දෙදෙනාම ලොව භයානකම ත්‍රස්තවාදී ජාලයන් දෙකක නායකයින් බවත් ඔවුන් පෙන්වා දෙයි. මානව වර්ගයාට සිදු කළ අපරාධ සැලකීමෙදී K.P නීතිය ඉදිරියට පමුනවා දැඩි දඬුවම් පැමිණවීම  ශ්‍රී ලංකා රජයේ අත්හල නොහැකි වගකීමක් බවත්, ලොව කිසිම තැනක අහිංසක ත්‍රස්තවාදීන් නොමැති බව අමෙරිකාවේ ස්ථාවරය බවද ඔවුන් පෙන්වා දෙයි. “there is no innocent terrorist in the world”.
දැන් අපි ලංකාවේ යුද වීරයින් දෙසට හැරෙමු.
“යුද අපරාධ චෝදනා දානවෝ… අන්තර් ජාතික කුමන්ත්‍රණ ගේනවෝ… කොටි සමග එක්ව රට පාවා දෙනවෝ…” යැයි කට මත දෙඩවූ පචායුධ වීරවංසලා, ඇල්ලේ ගුණවංසලා, චම්පික රණවකලා, අතුරලියේ රතනලා, ඕමල්පේ සොභිතලා වැනි දේශප්‍රේමී අප්පුහමිලා දැන් කියන්නේ මොකද්ද?
ඇත්තටම එලිපිට K.P හුරතල් කරන්නේ කව්ද?
දේශප්‍රේමීන් යැයි කියාගන්නා බොල් පිළිම ඇයි නිහඬ?
කටුගේ සොරුන් අල්ලන යැයි කියා පාරට බැස්ස රතනලා, ඕමල්පේ සොභිතලා අද  K.P, කරුණා,පිල්ලෙයාන්ලා සමග හරි හරියට යහන් ගත වෙයි. සමහරු කරේ අත දමා ගෙන ජයාරූප වලටද පෙනී සිටී. K.P වහාම නීතිය හමුවට ගෙන එනු… අපරාධ වලට දඩුවම් දෙනු කියා රාජපක්ෂ දෙබෑයන්ට කියන්න තරම් ඔවුන්ට කොන්දක් නැත. දේශප්‍රේමයක් ද නැත. මේ ඒ දේශප්‍රේමීන්ගේ සැබෑ නිරුවතයි.
රජයේ ස්ථාවරයට අනුව කිසිම චෝදනාවක් නැති, නඩුවක් නැති K.P දැන් හරි හරියට මාධ්‍යටද ප්‍රකාශ නිකුත් කරන මයික් ටයිසන් කෙනෙක් බවට පත් වී ඇත. තමන් අතින් වැරදි සිදුවූ බවත් තමන් සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ ඉන්දීය රජය විසින් බව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වර්තමාන නායක කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. ඊයේ පෞද්ගලික ගුවන්විදුලියට ප‍්‍රකාශ කළේය.දේශපාලනයට පැමිණීමට දැනට බලාපොරොත්තුවක් නොමැති බවත් ඉදිරියේදී ජනතාව සහ කාලය එය තීරණය කරනු ඇති බවත් මේ කුප්‍රකට ත්‍රස්තවාදියා පවසා තිබිණ. දේශපාලනයට නොව මරණ මංචකයට කැදවිය යුතු මේ පාහරයාට මේ තරම් ඔක්සිජන් ලබා දෙන්නේ කවුද?  
“අයි බැරි? නෑ එන්ජීඕ එකට අපිනේ පර්මිෂන් දෙන්නේ.”                                                   අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
“කේ .පී හට එරෙහිව කිසිදු නඩුවක් පවරා නැහැ. ඔහු දැනට උතුරේ සංවර්ධන කටයුතු සඳහා කැප වුනු රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා ගෙන යනවා.”                        ලක්ෂ්මන් හුළුගල්ල
මීට පෙරත් ඉන්දීය මාධ්‍යකට රුපවාහිනී සාකච්ජාවක් ලබා දෙමින් K.P සඳහන් කලේ රජිව් ගාන්ධි ඝාතනය තමන් අතින් සිදුවූ නිවැරදි කළ නොහැකි අත්වැරැද්දක් බවත් ඊට සමාවන ලෙසත්ය. Pathmanathan,(K.P) who was Treasurer of LTTE and its chief arms procurer, said,
“I want to say to the Indian people and especially to the Gandhi family…I want to apologise for Prabhakaran’s mistake. Please forgive us. We beg you….Sorry for all this. We know the feelings of the son (Rahul) of Rajiv Gandhi….How father and daughter are attached (reference to Rajiv’s daughter Priyanka)”.අපේ අහිංසක සිංහල, දෙමල පාසල් දරුවන්,වයසක වැඩිහිටියන්, උපාසක උපාසිකාවන්, නොදරුවන් ඇතුළු දස දහස් ගණනක් ජීවිත මහා මගදී  බිලිවූයේ K.P ගෙන්වූ මාරක ක්ලේමෝ බෝම්බ, බිම් බෝම්බ හා මරාගෙන මැරෙන බෝම්බ වලින්ය. කැබිතිගොල්ලෑව, නුගේගොඩ, අනුරාධපුර, දෙහිවල සිද්ධීන් මා ඔබට යලි සිහිපත් කරමි.

ඒ දුක් බර කර ගැසූ පවුල්වල ඤාතීන්  K.P ට සමාව දීමට සුදානම්ද?

රාජපක්ෂ රෙජීමයේ අදහස: 

“සමාව දෙනවද ඒ සියල්ල අමතක කරනවද කියන එක නෙමෙයි. අපිට යම්කිසි නීතියේ ඉඩක් තියෙනව නම්, ඊට වඩා පුළුල් වූ චිත්‍රයක් තුල, ඊට වඩා සමාජ සාධාරණයක් උඩ කටයුතු කරන්නට ඒ වෙනුවෙන් සලකා බැලීමට රජය ඒ ස්ථාවරයේ ඉන්නවා,” 

මේ ලිපිය කියවන ශ්‍රී ලාංකීය ඔබ K.P ට සමාව දීමට සුදානම්ද?

K.P වහාම නීතිය හමුවට ගෙන එනු… අපරාධ වලටඩුවම් දෙනු..


ශානක ද සිල්වා

facbook


Contact Form

Name

Email *

Message *