follow

aaaa
aaaa

Friday, January 2, 2015

Breaking news – මෛත්‍රීපාල සිරිසේනගේ පැල්මඩුල්ලේ රැස්වීමට ප්‍රහාරයක් :

පැල්මඩුල්ල ප්‍රදේශයේ දැන් පැවැත්වෙන රැස්වීමට මැර ප්‍රහාරයක් එල්ල වූ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එම ප්‍රහාරයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
Read More ->>

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයත් මෛත්‍රී හමුවෙයි

වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන විශාලම වෘත්තිය සමිතිය වන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයේ විධායක සභාව අද උදැසන අටට පමණ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී භමුවී ඇති බව ලංකාඩේලී වෙත වාර්තා වේ.
හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එම ක්ෂෙත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව කෙරුණු බව එම සංගමයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත් මේ සඳහා එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සහභාගී වී නැත. අනෙකි සියළූම විධායක සභිකයන් මීට සම්බන්ධ වී තිබේ.
Read More ->>

වෙල්ගම හා සමරසිංහ සිරිකොතට ඒම වලක්වන්න මෙහෙයුමක්.

ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ  විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප

පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි  බුද්ධි අංශ විසින් වර්තා කිරීම නිසා නාමල් රාජපක්ෂගේ නිල බලකාය සිරිකොත වැටලීමට සූදානම් වෙමින් සිටි බව වාර්තා වේ. 
 
එහිදී ගැ‍ටුම් කාරිත්වයක ඇතිවේ යැයි  සලකා මිරිහාන පොලීසිය කැරළි මර්දන ඒකකය සිරිකොත අසල සීරුවෙන් තබා ඇත. 
 
මේ අතර අපට වාර්තා වූයේ,
 
තාත්තිව දිනවන්න වැඩ කරන්නේ නැතැයි කියමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම මහතාට රාජපක්ෂ පුත්‍රයකු විසින් කනට ගසා ඇති බවය. 
 
ජනාධිපතිවරණය පරාජය වන බවට සියළු බුද්ධි අංශ වාර්තා  තහවුරු කර ඇති අතර මේ සම්බන්ධයෙන් වියරු වැටීම නිසා මේ වන විට මහින්ද රාජපක්ෂ ගේ ප්‍රචාරක වැඩ වලට සක්‍රියව දායක නොවන් ප්‍රදේශවල සිටින ඔහුගේ මිතුරු මන්ත්‍රීවරු හමුවී බැණ වැදීමටත් පහර දීමටත්  මෙම ජනාධිපති පුත්‍රයා කටයුතු කර තිබේ.
 
සෙනාල් වෙල්ගම, කුමාර වෙල්ගම ඇමැතිවරයගේ පුත්‍රයා වන අතර මෙම සිදුවීම නිසා කුමාර වෙල්ගමද රාජපක්ෂවරුන් කෙරෙහි කළකිරී සිටින බව අපට වාර්තාවේ. කෙසේ නමුත් අද යාපනයේ පැවැත්වෙන සන්ධාන ‍රැස්වීමටත් ඔහු සහභාගී වීමට තීරණය කර ඇත. 
 
මහින්ද සමරසිංහ මහතාද  අද යාපනය ‍රැස්වීමට සහභාගී වීම සඳහා ගොස් ඇති බවත් වාර්තා වේ.
 
මේ අතර  මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගමටද මේ ජනාධිපති පුත්‍රයා  ඉතා නොසරුප් ලෙස බැණ වැදී ඇති බවද වාර්තාවේ. උඹේ මහ එකාත් යනවලු නේද? ආදී වශයෙන් රාජකීය පුත්‍රයා ප්‍රශ්න කර තිබේ.මේ අනුව අමුණුගම පවුලද විපක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
Read More ->>

වයඹ පළාත් සභාවෙන් තව එකක් ගැලවේ

 වයඹ පළාත් සභා මන්ත්‍රී (එක්සත් ජනතා නිදහස් සන්ධානය) ලක්ෂ්මන් වෙඩරුව මහතා මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කළේය.
Read More ->>

Wednesday, December 31, 2014

dj-sp-remix

Read More ->>

Thursday, December 25, 2014

පරාජයෙන් වියරු වැටුණු රා’ක්‍ෂ සුනඛයින්ගේ නිවට - බියගුළු කි‍්‍රයාවක්....... අද (25) රාත්‍රී 8.30 ට පමණ මාතර හක්මන පාරේ පිහිටි මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මහතාගේ කාර්යාල අසලට පැමිණි සන්නද්ධ මැර පිරිසක් විසින් එහි සවි කර තිබූ නාම පුවරු සහිත තොරණ කඩා විනාශ කර දමා ඇත. එසේම, එහි ප‍්‍රවේශ මාර්ගය දෙපස සවිකර තිබූ කොඩි කණු සහ පුවරු විශාල ප‍්‍රමාණයක් ද පැහැරගෙන ගොස් තිබේ. මේ අවස්ථාව වන විට මන්තී‍්‍රවරයා කාර්යාලයෙන් බැහැරව රැස්වීම් සඳහා සහභාගි වී සිටි බව ද වාර්තා වේ. 15 - 20 පමණ මැර පිරිසක් කඩු, පොලූ ආදියෙන් සන්නද්ධව අහසට වෙඩි තබමින් ඝෝෂ කරමින් පැමිණි බව මේ අවස්ථාවේ කාර්යාලයේ රැඳී සිටි අය ප‍්‍රකාශ කරයි.

Read More ->>

කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට

කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට... ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග‍්‍රසයේ උප නායක එම්. උදය කුමාර මහතා තීරණය කර තිබෙනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැත්වුණු මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්. කෙසේවෙතත් කොටගල ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහලේකම් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ප‍්‍රකාශ කළේ තම පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහය ලබාදෙන බවයි.
Read More ->>

facbook


Contact Form

Name

Email *

Message *