follow

aaaa
aaaa

Wednesday, December 24, 2014

මේ රටේ පාලකයා වැනි දාමරික දුෂිත අල්ලස් සංස්කෘතිය රජ කරන රට විනාශ කරන රටේ ජනතාවගේ අනාගතය බලාපොරොත්තු බිල්ලට දීල රටම ණය කරල රටටම බදු බර පටවල රට විනාස කරන පුද්ගලයෙක් එක්ක එකතු වෙනවට වඩා හොඳයි ජීවිතේ හානි කරගන්න එක කියලයි මම හිතන්නේ. එක හන්දා මම ජනතාවට ආදරයෙන් කියනවා මම ගැන විශ්වාසය තියන්න මම කවදාවත් මේ දුෂිත පාලකයාට එරෙහිව ගෙනියන සටන අතහරින්නේ නෑ
Full Statement.....
මේ දිනවල මේ රටේ පාලකයා, ඔහුගේ රජය, ජනතාව මුළා කරන්න ප්‍රචාරයක් අරිනව මම වරදාන වරප්‍රසාද බලාපොරොත්තුව රජයට එකතුවෙනවා ඔවුන් මට රජයේ ඉහල තනතුරක් දෙනවා කියල. අගමැති තනතුර බලාපොරොත්තුව මම රජයට එකතුවෙන්න හදනව කියල. මම රටේ ආදරණීය ජනතාවට කියන්න කැමතියි මම නිළ ඇඳුම ගලවල හමුදාවෙන් ඉවත්වෙන්න ඉස්සෙල්ලත් 2010 ඔය පාලකයා මගේ ඉවත්වීම වලක්වන්න මට නොයෙක් දේවල් පොරොන්දු වුණා. අමාත්‍යංශ දෙන්නද කියල ඇහුව. ජනාදිපති ලේඛම් තුමා මගේ ගෙදරට එවල පැය 2ක් සාකච්චා කරලා මට ලේඛම් දුර දෙකක් බාරගන්න ලිපි පවා එවුවා. ආරක්ෂක ලේඛම්ගේ තනතුරේ වගකීම් දෙකට කඩල මට දෙන්නද ඇහුව. අගමැතිකම දෙන්නද ඇහුව. ඒ එකක්වත් බාරගන්න මම කැමති වුනේ නෑ. මම ඉතා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කලා. මම කිවුව දුෂිත පාලකයෙක් යටතේ දාමරික මැර ජනතාවගේ අභිවෘධිය වෙනුවට පවුලේ අභිවෘධිය ගැන හිතන රට විකුණන රට ණය කරන රටේ අනාගතය විනාශ කරන පාලකයෙක් යටතේ ඉන්න මම කිසිම වරදානයක් වරප්‍රසාදයක් බාරගන්න කැමති නෑ කියල. එහෙම කියල එලියට ආපු මට දැන් මඩ ප්‍රචාරයක් ගෙනියනවා ඒගොල්ලෝ දේශපාලන වාසි ගන්න. මම නැවතත් එවැනි වරදාන වරප්‍රසාද හමුවේ ඔවුන් ඉදිරියට ගිහිල්ල ඔවුන් සමග එකතු වෙන්න හදනවා කියල. මම කියන්න කැමතියි මම කිසි දිනෙක එවැනි දේවල් වලට හිස නමන කෙනෙක් නෙමෙයි. මම හිරේ දාල, මට හිරිහැර කලා. අවුරුදු දෙකහමාරක් මම හිරබත් කෑවා. එත් මම එවැනි දේට හිස නැමුවේ නෑ. මගේ ගෙදර ඉන්න සුනඛයෙක් හෝ බළල් පැටියෙක් හෝ හිස නමන්නේ නෑ. එවැනි නායෙකයෙකුට එවැනි පාලකයෙකුට මේ රටේ පාලකයා වැනි දාමරික දුෂිත අල්ලස් සංස්කෘතිය රජ කරන රට විනාශ කරන රටේ ජනතාවගේ අනාගතය බලාපොරොත්තු බිල්ලට දීල රටම ණය කරල රටටම බදු බර පටවල රට විනාස කරන පුද්ගලයෙක් එක්ක එකතු වෙනවට වඩා හොඳයි දේශපාලනය කරන්න ජීවිතේ හානි කරගන්න එක කියලයි මම හිතන්නේ. එක හන්දා මම ජනතාවට ආදරයෙන් කියනවා මම ගැන විශ්වාසය තියන්න මම කවදාවත් මේ දුෂිත පාලකයාට එරෙහිව ගෙනියන සටන අතහරින්නේ නෑ.

facbook


Contact Form

Name

Email *

Message *