- පරාජය අභිමුව වියරු වැටීම
”ජනවාරි 08 වැනිදායින් පස්සෙත් මමයි ජනාධිපති.” ඒ මහින්ද මේ දවස්වල නිතර කියන කතාවය. මහින්ද විතරක් නොව ඇමතිවරුද මේ කතාවම කියති. දිනුවත් පැරදුනත් මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවෙ ඉන්නවා. ආණ්ඩු හිතවාදී උග‍්‍ර පාක්ෂිකයන්ගේ කතාවය. ලොක්කට අනුව පොඞ්ඩෝ මේ කතාව තැන් තැන්වල පතුරුවති. එය එසේ විය හැකිද? කිසිසේත්ම විය නොහැක්කකි. රටේ ජනාධිපතිගේ කාලය තීරණය කරන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. අපේ ව්‍යවස්ථාවට අනුව ජනවාරි 08 මහින්ද පැරදුනාම අනිවාර්යයෙන්ම ගෙදර යා යුතුය. එක මොහොතක්වත් බලයේ ඉන්නට බැරිය.
මෙය මහින්ද නොදන්නවා නොවේය. සැබවින්ම මෙය මානසික උපක‍්‍රමයකි. ජනතාව තුළ භීතිය ඇති කරවන්නකි. මහින්ද පැරැුද්දවීමට ඉදිරියට එන අයව දුර්වල කිරීමකි. මහින්දගේ කේවට්ටයන්ට අනුව මේ මතය පැතිරවීම තාවකාලිකව හෝ ඔවුන්ට සහනයකි. එහෙත් ඉතා පැහැදිලිව නිතියට අනුව ඔහුගේ කාලය ඉන් අවසන් වෙයි. ඉතිරිව තිබූ අවුරුදු දෙකේ කාලය ද ඉන් ඔහුට අහිමිවී යයි. ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වූ කෙනෙකුට තවදුරටත් බලයේ සිටිය නොහැක. එසේ සිටින්නේ නම් එය බලහත්කාර කමකි. ගෝඨාභය හිතනවා නම් හමුදා බලය යොදාගෙන බලයේ සිිටින්නට එය අමුම අමු මෝඩකමකි. 2010 දී සැලසුම් හැදුවේ ඒකටය. එහෙත් දැන් තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. පළමුවෙන්ම මෙයට විරුද්ධව නැ`ගී සිටින්නේ හමුදාවය. හමුදාවේ ඇත්ත තත්වය දන්නා ඕනෑම කෙනෙකුට මෙය තේරුම් ගත හැකිය.
ජනතා බලය ඉතා ශක්තිමත්ය. මෙවන් තත්වයක් ඇති වුවහොත් රටේ ජනතාවෝ ලක්ෂ ගණනින් ඉදිරියට එති. එය වැළැක්වීමට ගෝඨාගේ හිතවත් බලකායන්ට කිසිම හැකියාවක් නැත. එදාට ගෝඨාගේ අණ පිළිගන්නා හමුදාපතිවරයෙකු හෝ පොලිස්පතිවරයෙකු නැත. සියල්ල ජනතා බලයට යටය. එහෙත් දැන් උත්සාහ කරන්නේ හොඳින් හෝ නරකින් බලය පවත්වාගෙන යනවාය, යන මතය තහවුරු කරන්නටය. එකී මතය සමාජගත කරන්නයට. භීතිය ඇති කර සියල්ල යටපත් කරන්නටය.
මේ දවස්වල මිනිස්සු අහන තව කතාවක් ඇත. එනම් අපේ ඡුන්දෙන් මෙදාපාර මහින්ද නම් පරද්දනවා. ඒත් මොකක් හරි හොරකමක් කරයි ද? බස් එකේ කෝච්චියේ වැඩපළේ හැමතැනම මේ ප‍්‍රශ්නය සාකච්ඡුා කරයි. පහුගිය කාලය පුරාවටම ඇතිවෙච්ච දේවල් මෙම ප‍්‍රශ්නයට බලපා ඇත. හැමෝ තුළම පැරැුද්දවීම පිළිබඳ සැකයක් නැත. එහෙත් හොර ක‍්‍රමයකින් කොහොම හරි ගනී ද කියන සැකය, අවිශ්වාසය ඇත. සැකය සාධාරණය. එහෙත් සැකය තුළින් මන්දෝත්සාහය වර්ධනය කරයි. මහින්දට අද ඇත්තේ ඩූ ඕ ඩයි ගේමකි. එබැවින් දන්න සෙල්ලම් ඔක්කොම දාන්න පුළුවන්ය. එහෙත් එය එසේ යැයි සිතා පස්සට යාම ඔහුටම වාසියකි. පළමුව පැරැුද්දවීමට ඡුන්දය දිය යුතුය. දෙවනුව එකී ඡුන්දයේ හොරකම් නතර කර ගත යුතුය. එය කළ හැක්කේ මිනිසුන්ගේ පැත්තෙන් අවදියෙන් සිටීමෙන් හැමතැනම හැමවිටම සොදිසියෙන් සිටීමෙන් ය. සමස්ත ජනතාවම මෙය හරියට කරන්නේ නම්, මහින්දගේ ඡුන්ද හොරකම් නතර කළ හැකිය.
මේ දේශපාලන පක්ෂවලට භාරදීමෙන් පමණක් ඉටුවන්නේ නැත. දේශපාලන පක්ෂවලට ද මෙහි වගකීමක් ඇත. එහෙත් එතැනට සීමා නොවිය යුතුය. සමස්ත පොදු ජනතාවම මෙයට මැදිහත් විය යුතුය. එහි වගකීමක් සෑම පුරවැසියෙකුටම ඇත. මෙය වඩාත් පහසු වන්නේ පසුගිය හොරකම් ගැන දන්නා මෛතී‍්‍රලා, රාජිතලා අද අනික් පැත්තේ සිටීම නිසාය. ඔවුහු ඉතා හොඳින් පසුගිය සෙල්ලම් දන්නෝය. එබැවින් වැඬේ පහසුය. ජනතාවගේ පැත්තෙන් බය නැතිව ඉදිරියට ඒමක් අවශ්‍ය වන්නේ ඔය හොර මගඩි සියල්ල පරාජය කිරීමට ය.
දැනටමත් රාජ්‍ය බලය, රාජ්‍ය සම්පත් ඡුන්දයට යොදා ගැනීමට එරෙහිව ජනතාව කි‍්‍රයාත්මක ය. මහින්දගේ කටවුට් මේනියාවට ප‍්‍රබල ජනතා විරෝධයක් ආවේ ඒ නිසාය. ඇත්තෙන්ම මහින්දට තිබිච්ච තත්වය තවත් වට්ටගත්තේ කටවුට් වලින්ය. ඒ වගේම මේ දවස්වල කොහේ හරි අක‍්‍රමිකතාවයක් වුනොත් ජනතාව ස්වාධීනව ඊට ප‍්‍රතිචාර දක්වයි. ආණ්ඩුවේ වාහන හා ආණ්ඩුවේ නිලධාරීන් ඡුන්දයට යොදා ගැනීමට ආයතනවලින්ම විරෝධය මතුවෙමින් පවතී. මෙතෙක් ඒ ගැන කතා නොකරපු අය අද බය නැතිව ඊට හමුදා පොලිසිය ඇතුළේ මේ තත්වය වර්ධනය වී ඇත. මහින්දගේ ඡුන්දය තවතවත් කිට්ටු වෙනකොට මෙම විරෝධය තවත් ප‍්‍රබල වෙනු ඇත.
භීතිය පැතිරවීම බලයේ පැවැත්මේ එක උපක‍්‍රමයකි. හිට්ලර් එදා මුළු ජර්මනිය පුරාම පැතිර වූයේ මෙකී භීතියයි. විදේශ ආක‍්‍රමණ පිළිබඳ භීතිය ජනතාව තුළ පැතිරවූයේ ය. එය හිට්ලර්ගේ ඒකාධිපති පාලනයට තාවකාලික වාසියක් විය. එහෙත් සදාකාලිකවම ජනතාව හිට්ලර්ට වෛර කරයි. හිට්ලර් මිය ගිය ද හිට්ලර්ගේ නමට ජනතාව වෛර කරයි. ඕනෑම ඒකාධිපතියෙකුට මෙය එසේමය.
මහින්ද සරත් ෆොන්සේකාව හිරේ දැම්මේ පළිගැනීමට ය. පළිගැනීමට පමණක් නොව තමන්ට විරුද්ධව නැගී සිටින අයට අත්වන ඉරණම මේ යැයි ජනතාවට පෙන්වීමටය. ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහකිරීම හරහා ද කළේ එයයි. රටේ අග‍්‍රවිනිශ්චයකාරවරිය වුවද තමන්ට එරෙහි වන්නේ නම් විශ‍්‍රාම වැටුප පවා නැති කරන්නට හැකි බව මහින්ද පෙන්නුවේය. මෙය පළිගැනීමක් මෙන්ම ජනතාව බිය වැද්දීමකි. පහුගිය කාලය පුරාම මහින්දගේ බලයේ ක‍්‍රමය එය විය. එහෙත් මේ සියල්ල ජනතාව දැන් හොඳින් තේරුම් ගෙන ඇත. එබැවින් මෙතැනින් එහාට ජනතාව බිය වද්දන්නට මහින්දට හැකියාවක් නැත. ඇත්තටම අද බිය වී ඇත්තේ මහින්දය.
මහින්ද අද හැම වෙලාවෙම හිතන්නේ මගෙන් කවුරු පැනලා යයිද කියාය. අද කොච්චර එකට හිටියත් ඡුන්දයේ අන්තිම රැුළ්ල ගහනකොට බොහෝ දේවල් වෙන්නට ඉඩ ඇත. ?ට නින්දට යන්නේ ඒ භය හිතේ තියාගෙනය. දවසින් දවස තමන්ගෙන් පිරිස ඈත්වී යයි. එය මහින්දට පමණක් නොව මුළු පවුලටම දරාගන්නට නොහැකිය. මේ භය පටන් ගත්තේ මෛතී‍්‍ර එළියට ඒමත් එක්කය. මහින්ද හිතුවේ රනිල් ඡුන්දයට එයි කියාය. ඒ ගැන හිත හදාගෙන මහින්ද ඡුන්දය ගෙනාවේය. එහෙත් සිද්ධ වෙච්ච දෙය මහින්දට කරකවලා අත හැරියේය.
රනිල්ව ජනාධිපතිවරයාට ගෙන ඒමේ කොන්ත‍්‍රාත්තුවේ ප‍්‍රධානියා වූයේ තිස්ස අත්තනායකය. මහින්ද මුලින්ම තිස්සව අල්ල ගත්තේ ඒකටය. තිස්සව අල්ලගෙන කොහොම හරි සජිත් නියෝජ්‍ය නායකයා කළේය. සජිත්, රනිල්, රවි ගැටුම අවසන් කළේය. මහින්ද හිතුවේ දැන් වැඬේ හරි කියාය. තිස්සට උපරිමයෙන් සැලකුවේ මේ වැඬේටය. එහෙත් සියල්ල කණපිට පෙරළුණේය. තිස්සගෙ වැඬේ මුළුමනින්ම බකල් වුනේය. චන්ද්‍රිකා, මංගල, රනිල් සියලූ දෙනා එක්ව මෛතී‍්‍රව එළියට ගත්තේය. තිස්සට කර කියා ගන්නට දෙයක් නැති විය. ගත්ත දේවල් ආපහු දෙන්නට විදියක් ද නැත. එහෙම කළත් සියල්ල මහින්ද හෙළිදරව් කරන එක වලක්වන්නට බැරිය. අන්තිමේදී තිස්ස ආණ්ඩුවට පැන්නේය. ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ ඩයස්පෝරා කුමන්ත‍්‍රණ කීවද ඇත්ත කුමන්ත‍්‍රණය වූයේ මෙයයි. පවුලේ අයිය මලෝල ඔක්කොම එක්ක හදපු කුමන්ත‍්‍රණය ලප් තැනම ලොප් වුණේ එලෙසින්ය.
මේ වෙනකොට මහින්ද ගහපු එක තුරුම්පුවක්වත් හරියට වැඩ කළේ නැත. ගහන ගහන තුරුම්පුව අතේ පත්තු විය. ඔක්කොම තුරුම්පු ඉවර වුනාම රාජ්‍ය බලය උපරිමයෙන් පාවිච්චි කරන තැනට තල්ලූවීම ඕනෑම ඒකාධිපතියෙකුගේ සාමාන්‍ය හැසිරීමයි. එහෙත් අද එය ද තමන්ට විරුද්ධ ජනමතයක් ගොඩනැෙ`ගන තත්වයට පත්වී ඇත. ලංගම බස් ගන්න ගන්න ජනතාව ඊට විරුද්ධ වෙයි. හිරකරුවන් ඡුන්ද වැඩවලට ගන්න ගන්න ජනතා අප‍්‍රසාදය තව තවත් වැඩිවෙයි. මැති ඇමැතිවරු කොතරම් පාරම්බෑවත් එය ආපස්සට හරවන්න බැරිය. එහෙත් මේ තත්වය හමුවේ තව තව වියරු වන්නට බැරි නැත. වියරුව වැඩියෙන් මතුවන්නේ බලය ගිලිහෙන ඔන්න මෙන්න අවස්ථාවේදීය. විපක්ෂයේ කාර්යාල ගිනි තියන්නේ මෙම වියරුවයි. හෙට අනිද්දා තව තවත් බොහෝ දේවල් වියරුවෙන් කළ හැකිය. එහෙත් මහින්ද වියරු වන්න වන්න නැති කරගන්නේ ජනතා ප‍්‍රසාදයයි. හැකි නම් වියරුවෙන් ද`ගලන්නට ඕනෑ තරම් ඉඩදිය යුතුය. එතකොට වියරුවෙන් ද`ගලන සැබෑ ඒකාධිපතියාගේ නිරුවත ඡුන්දයට කළින් ජනතාවට දැකබලා ගත හැකිය. ඡුන්දයේෙදී මේ සියල්ල එකතුකොට පරද්දන තීන්දුව තව තවත් ශක්තිමත් කර ගත හැකිය. පරාජය අභිමුව වියරු වැටීම පාලකයාගේ ස්වභාවයයි. වියරුව අභිමුව පරාජය කිරීම ජනතාවගේ ස්වභාවයයි.
ලංකා ජගදාක්ෂි
follow
aaaaaaaa
Monday, December 22, 2014
facbook
Contact Form
FEEDJIT
Popular Posts
-
මාධ්‍ය මාධ්‍ය සදහා නොව මාධ්‍ය ජනතාව සදහා විය යුතුයි මාධ්‍යක ප්‍රධාන කාර්යභාර්ය ජනතාවට ගමන් කළ යුතු දිසාන්තය වෙනුවෙන් මගපෙන්වීම ඒ සදහා මාධ්...
-
වයඹ පළාත් සභා මන්ත්‍රී ( එක්සත් ජනතා නිදහස් සන්ධානය) ලක්ෂ්මන් වෙඩරුව මහතා මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ස...
-
පැල්මඩුල්ල ප්‍රදේශයේ දැන් පැවැත්වෙන රැස්වීමට මැර ප්‍රහාරයක් එල්ල වූ බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත...
-
වියරු වැටිසිටින ඒකාදිපතිවාදයේ ඉතාලි අනුගාමිකයන් විපක්ෂ ක්‍රියාකාරින්හට තර්ජන හා ගර්ජන සිදුකිරිමට පටන් ගෙන ඇතැයි මිලානෝ නුවර උපුටා දක්ව...
-
ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි බුද්ධි අංශ විසින් ව...
-
වෛද්‍ය ක්ෂේත්රයේ තිබෙන විශාලම වෘත්තිය සමිතිය වන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයේ විධායක සභාව අද උදැසන අටට පමණ නව ප්රජාතන්ත්රවාදී පක්ෂය...
-
පරාජයෙන් වියරු වැටුණු රා’ක්ෂ සුනඛයින්ගේ නිවට - බියගුළු කි්රයාවක්....... අද (25) රාත්‍රී 8.30 ට පමණ මාතර හක්මන පාරේ පිහිටි මාතර දිස්ති්ර...
-
කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට... ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහ...
-
කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන කතාව යසට ඔප්පු කරන්නට සමන්මලී සකලසූරිය අක්කා සමත් විය. අක්කාට "රහ වහ වී වහ...

Archive
-
▼
2014
(70)
-
▼
December
(70)
- dj-sp-remix
- පරාජයෙන් වියරු වැටුණු රා’ක්ෂ සුනඛයින්ගේ නිවට - බි...
- කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට
- එරාවුර්හි සිත්තන්ඩියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන...
- සිරදඬුවමක් නියම වී බන්ධනාගාරගතව
- රටක අධිවේගි මාර්ග වැනි යටිතල පහසුකම් වැඩි
- Predictions for 2015 - http://goo.gl/ZixbGI
- මුතුහෙට්ටිගමට වරෙන්තු - ආරක්ෂකයින් තිදෙනාට ඇප
- මෛත්‍රී, රනිල් විශේෂ මාධ්‍ය හමුවක (VIDEO)
- මගේ ඇහෙනුත් කඳුළු බිංදුවක් වැටුනා
- කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන ...
- මේ රටේ පාලකයා වැනි දාමරික දුෂිත අල්ලස් සංස්කෘති...
- තරුණ පරපුර මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධයි - “අලුත...
- සුභාශිංසන පණිවුඩය රනිල් වික්‍රමසිංහ
- ආදරණිය රාජ්‍ය සේවකයින් නැවතත් වරක් මුලා කරලා. 50...
- ඡන්ද ප්‍රතිඵලයක් කලින්ම
- මෛත්‍රීට ජය පතා ලන්ඩනයේ පිංකමක්
- ජාතික සඟ සමුළුවේ සහාය මෛත්‍රීට
- තිස්ස අත්තනායකට මෛත්‍රීගෙන් නඩු
- නැගෙනහිර සභානායක මෛත්‍රී ට
- K.P වහාම නීතිය හමුවට ගෙන එනු… අපරාධ වලට දඩුවම් දෙනු…
- හමුදා බලය යොදා පරාජය යටපත් කිරීමේ රාජපක්ෂගේ කුමන්ත...
- විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් වැඩිහරියක්ම මහින්ද රාජ...
- මහින්ද රාජපක්ෂගේ ඔටුන්න කුමරු පුත් නාමල් රාජපක්ෂ
- අද තැපැල් ඡන්ද සළකුණු කිරීමේ ප්‍රතිශතය සියයට 70 ක්.
- රහසිගත ගිවිසුමක් නෑ. තිස්ස පෙන්නුවේ ව්‍යාජ ලියවිල්...
- රජයට සම්බන්ධ ප‍්‍රබල දේශපාලකයෙකුගෙන් පිල් මාරුවක්.
- වියරු වැටිසිටින ඒකාදිපතිවාදයේ ඉතාලි අනුගාමික...
- මාධ්‍ය මාධ්‍ය සදහා නොව මාධ්‍ය ජනතාව සදහා විය යුත...
- කල ගුණ සලකන්න කියල අපිත් ගියපාර දුන්න තමයි. එ...
- වඳුරඹ රැස්වීම් භූමියේ ගිනි තැබීම සම්බන්ධයෙන් අව...
- කොටියා කව්ද..? ඇමැති සුසිල් කොටි සමග හෙලුවෙන්..!!
- රාජපක්ෂලාගේ චීන කොමිස් ගැහිල්ල ...
- පොලොව ඉඹින මහින්ද දැක රණවිරුවෝ හූ කි...
- මෙන්න අප වෙත ලැබුණු පුවතක් ප...
- Janitha Kumara (FB
- No title
- බොරු අත්සන් දාලා ගිවිසුම් හදන්න අපිටත් පුලුවන්
- විශේෂ දැනුම් දීමයි.හෙට...
- මෛත්‍රීට ඡන්දෙ දෙන්නැයි ආනන්දසංගරී කියයි ...
- ඇමැති සමඟ 70ක් මෛත්‍රී...
- පොලීසියෙන් සිසුන්ට ප්‍රහාරයක්
- ගණිකා මඩම් පිටුපස සුමේධා
- දකුණේ ධීවර ඇමති කොරියානු රැකියා මගඩියක
- පුළුවන් නම් වත්කම් - බැරකම් හෙළිකරන්න......
- මහින්දගේ කටවුට් රැකීමට පොලිසියේ 9000 ක් රටපුරා...
- රත්නසිරි වික්‍රමනායක මෛත්‍රී ට..
- විමල්ගෙ එකක් සහ මහින්...
- ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී දැවැ...
- ජනාධිපතිගේ වියදම්වල විශේෂම තත්වය පවතින්නේ මෙම වසරේ...
- ලංකා නැගූ ප්‍රශ්ණය - ඔබ වාද පිටියේදී කළ වැඬේ ...
- පරාජය අභිමුව වියරු වැටීම”ජනවාරි 08 වැනිදායින්...
- විධායකයා, ඉහගෙන කනහැටි මහින්ද රාජපක්ෂ විසින් කැ...
- සිරකරුවන් පවා යොදාගත් මහින්දගේ ඡුන්ද ගේමආඳා මාළු...
- රිෂාඩ් බදුර්දීන් සමග මන්ත්‍රීවරුන් 76 ක් විපක්ෂය...
- ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සහායත් මෛතිටපොද...
- පැරැුදුනු ජනාධිපති බලය අත්හැරියේ නැත්නම් ති‍්‍ර...
- රටේ ජනතාව රවටා.. තමනු...
- මුස්ලිම් කොංග්‍රසයේ සහාය මෛත්රීපාලටමුස්ලිම් ක...
- ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී දැ...
- http://dinushaarea.blogspot.com
- රටේ ජනතාව දිනපතා ආණ්ඩුවට ගෙවන බදු මුදල්වලින් පාලකය...
- රටේ ජනතාව දිනපතා ආණ්ඩුවට ගෙවන බදු මුදල්වලින් පාලකය...
-
▼
December
(70)