follow

aaaa
aaaa

Wednesday, December 24, 2014

සුභාශිංසන පණිවුඩය රනිල් වික්‍රමසිංහ

සුභාශිංසන පණිවුඩය

තම බලය හා අධිකාරීත්වය රැක ගැනීම සඳහා තමාට එරෙහි වෙතැයි සිතන සකල විධ බලවේග මුලිනුපුටා දමන්නට බලවත්හූ ක්‍රියා කරන අවස්ථා ඈත ඉතිහාසයේ සිට අද දක්වාම අප අසා - කියවා - දැක – විඳ ඇත්තෙමු. 
යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ අවස්ථාව ද එවැනි යුගයකි. හෙරොද් රජ බෙත්ලෙහෙම හා අවට ප්‍රදේශයන්හි සිටි âවුරුදු හා ඊට අඩු සියළුම පිරිමි දරුවන් මරා දමන්නට අණ නියම කළේය. 
තම තමන්ගේ පෞද්ගලික වාසිය උදෙසා ප්‍රතිපත්ති පමණක් නොව පුද්ගලයන් පාවා දෙන්නෝ ද එදා සිට අද දක්වාම අපි දැක ඇත්තෙමු. ලෝකවාසීන්ට සාමයේ හා පේ‍ර්මයේ පණිවුඩය දේශනා කළ ජේසු ස්වාමි දරුවන්, රිදී මිල තිහකට පාවා දුන්නේ එතුමාගේම සමීප ශ්‍රාවකයෙකු වූ ජුදාස් විසිනි.
මේ ඓතිහාසික සත්‍යය අද ද අපි නැවත දකිමින් හා වි¼දිමින් සිටින්නෙමු. අද ද හෙරොද් ලා බල තන්හාව පෙරදැරිව, ජනතාවට වද වේදනා උරුම කරවමින් සදාකාලිකව බලයේ රැඳී ඉන්නට උත්සාහ කරති. රජුගේ වරප්‍රසාදයන්ට හා අල්ලසට යටවූ ජුදාස් ලා සිය ආත්මයන් පාවා දෙති.
අප මේ අන්ධකාර තත්ත්වය වෙනස් කළ යුතු වෙමු. යහපත් පාලනයක්, ශීලාචාර ආණ්ඩුවක් හා තෘප්තිමත් සමාජයක් යළි ගොඩනැංවිය යුතු වෙමු. අලෝකවත් දේශයක් නිර්මාණය කර ගත යුතු වෙමු.
යේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශනා කළ පරිදි, ර්‍ණසිරුරට පහන ඇස ය. එහෙයින් ඔබේ ඇස නිරෝගී නම් ඔබේ මුළු සිරුර ආලෝකවත් වේ. ඔබේ ඇස රෝගී නම් ඔබේ මුළු සිරුරම අඳුරු වේ. ඔබ තුළ ඇති ආලෝකය අඳුරු වී ගිය හොත් එය කෙතරම් ඝණ අන්ධකාරයක් ද?”
අප තුළ ඇති ආලෝකය අඳුරු නොකර ගැනීමට අපි මේ නත්තලේ අධිෂ්ඨාන කර ගනිමු. 
සුබ නත්තලක්..!

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක හා විපක්‍ෂ නායක 


2014.12. 25

facbook


Contact Form

Name

Email *

Message *