follow

aaaa
aaaa

Wednesday, December 24, 2014

මුතුහෙට්ටිගමට වරෙන්තු - ආරක්ෂකයින් තිදෙනාට ඇප

සුළු අපනයන භෝග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ ඔහුගේ රියදුරු මෙත්සිරි චාමින්ද යන දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරමින් බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා අද (24) වරෙන්තු නිකුත් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයාට උසාවියේ පෙනී සිටින ලෙස නොසීති නිකුත්කරන ලෙස පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගත හැකි වරදක් සිදු කර ඇති බවයි.
මේ අතර රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි ඇමති ආරක්ෂකයන් තිදෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
වදුරඹ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැළියේ වේදිකාවට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පොලිස් අත්අඩංගුවෙන් රැගෙන ගියැයි සැකපිට අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කළ ඇමති ආරක්ෂකයන් තිදෙනා සම්බන්ධ නඩුව යළි විභාගයට ගත් අවස්ථාවේ දී මේ නියෝග නිකුත් කළේය. එම නඩුව ලබන  29 වැනිදාට කල් තැබිණි.

facbook


Contact Form

Name

Email *

Message *