follow

aaaa
aaaa

Monday, December 22, 2014


ලංකා නැගූ ප‍්‍රශ්ණය - ඔබ වාද පිටියේදී කළ වැඬේ සදාචාරාත්මකද?

පා.ම. රංජන් රාමනායක මහතා ලබා දුන් පිළිතුර - මාතර සුනිල් කියල කෙනෙක් කතා කළානම් ඔහු ඉදිරිපත් කළේ පෞද්ගලික මතයක් නෙවෙයි. ලංකාවේ පොදු ජනතාවගේ මුදල් සොරකම් කරගෙන ධනවත් වුණු ඇමැතිවරයෙක් ගැන ප‍්‍රශ්න කළා. ප‍්‍රශ්නය නැගුවේ එම නාලිකාවේ තිරයේ ප‍්‍රදර්ශනය කළ දුරකථන අංකයට. මේ අංකයට කෙළින් කතා කළොත් කවදාවත් අවස්ථාව ලැබෙන්නෙ නෑ. මූලික මිනිස් අයිතිවාසිකම් පවා සීමා කරලා තියෙන්නෙ. ආගමකට අපහාස නොකරන්න, අසභ්‍ය වචන නොකියන්න, විනයක් තියෙන්න ඕනෙ. ඒ කොන්දේසිවලට යටත්ව මාතර සුනිල් හෝ වන්ෂොට් හෝ මම හෝ ඇසුව ප‍්‍රශ්නයට අදාල පුද්ගලයා ගැන එයාගෙ බිරිඳම අධිකරණයට කියල තියෙනව. පාර්ලිමේන්තුවේදි ප‍්‍රකාශ කරලා තියෙනවා. ආශා අලූත්ගමගේ ඒ ගැන කඩුවෙල උසාවියේ සාක්‍ෂි කියනවා. මේ වගේ තත්වයක් යටතේ පේ‍්‍රක්‍ෂකයෙකුට ඒ වගේ ප‍්‍රශ්නයක් අහන්න අයිතියක් තියෙනවා. ඒක සදාචාර විරෝධී කියල කියන්න බෑ. දේශපාලනයේදී උපක‍්‍රමශීලී දේවල් තියෙනවානේ. ඔය ගැන නීති නිමිත්තක් තියෙන නිසා මම බොහොම ප‍්‍රවේශමෙන් උත්තර දෙන්නේ. මට කියන්න ඕනෑ, අතිගරු ජනාධිපතිතුමාත් කියනවානේ, ෆයිල් තියෙන අය ඉන්නවා කියල. ඒවා එළිකරගන්න අයිතියක් රටේ ජනතාවට තියෙනවා. මහින්ද අමරවීර ඇමැතිතුමා කියන්නෙ හොරා කාලා කාලා තව ඕනිනම් වටලප්පන් කන්න විතරයි ඉඩ තියෙන්නෙ කියල. මේ ප්‍රේක්‍ෂකයා ඇහුවෙ ඒ ගැන. එතන සදාචාරය ගැන ප‍්‍රශ්නයක් නෑ. සමස්ත ජනතාව ඇසිය යුතු ප‍්‍රශ්නයක් එක් අයෙක් ඇහුවා. හොරුන්ට විරුද්ධව නැගුණු හ`ඩක්. රූපවාහිනී සංවාදවලට එන මැති ඇමැතිවරුන්ගෙන් ප‍්‍රශ්න අහන්න දැන් ජනතාව නිර්භීතව ඉදිරිපත් වෙනවා. ඒ කෝල්එක නිසා හොඳ ප‍්‍රවනතාවයක් ඇතිවුණා කියල මං හිතනවා.

facbook


Contact Form

Name

Email *

Message *