follow

aaaa
aaaa

Wednesday, December 31, 2014

dj-sp-remix

Read More ->>

Thursday, December 25, 2014

පරාජයෙන් වියරු වැටුණු රා’ක්‍ෂ සුනඛයින්ගේ නිවට - බියගුළු කි‍්‍රයාවක්....... අද (25) රාත්‍රී 8.30 ට පමණ මාතර හක්මන පාරේ පිහිටි මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මහතාගේ කාර්යාල අසලට පැමිණි සන්නද්ධ මැර පිරිසක් විසින් එහි සවි කර තිබූ නාම පුවරු සහිත තොරණ කඩා විනාශ කර දමා ඇත. එසේම, එහි ප‍්‍රවේශ මාර්ගය දෙපස සවිකර තිබූ කොඩි කණු සහ පුවරු විශාල ප‍්‍රමාණයක් ද පැහැරගෙන ගොස් තිබේ. මේ අවස්ථාව වන විට මන්තී‍්‍රවරයා කාර්යාලයෙන් බැහැරව රැස්වීම් සඳහා සහභාගි වී සිටි බව ද වාර්තා වේ. 15 - 20 පමණ මැර පිරිසක් කඩු, පොලූ ආදියෙන් සන්නද්ධව අහසට වෙඩි තබමින් ඝෝෂ කරමින් පැමිණි බව මේ අවස්ථාවේ කාර්යාලයේ රැඳී සිටි අය ප‍්‍රකාශ කරයි.

Read More ->>

කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට

කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට... ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග‍්‍රසයේ උප නායක එම්. උදය කුමාර මහතා තීරණය කර තිබෙනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැත්වුණු මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්. කෙසේවෙතත් කොටගල ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහලේකම් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ප‍්‍රකාශ කළේ තම පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහය ලබාදෙන බවයි.
Read More ->>
එරාවුර්හි සිත්තන්ඩියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද කාර්යාලයට අද (25) අලුයම වෙඩි තබා අලාභහානි කැර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කැර ඇත. නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ ටී එම් වී පී පක්ෂයේ බව කියන පිරිසක් එම කාර්යාලයට පහරදී ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
Read More ->>

සිරදඬුවමක් නියම වී බන්ධනාගාරගතව

සිරදඬුවමක් නියම වී බන්ධනාගාරගතව සිටින සංජේ දත්ට සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව නිවසට යාමට අවසර ලබාදී තිබෙනවා. සිය නිවස වෙත යාමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මෙම කාලය තුළදී තමාගේ බර කිලෝග‍්‍රෑම් 18 කින් අඩු වී ඇති බවයි. වසර 05 ක සිරදඬුවමක් නියම වී සිටින සංජේ දත් මේ වනවිට මාස 18 ක ආසන්න කාලයක් බන්ධනාගාරයේ සිටිනවා. මීට පෙර 2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ සහ 2013 දෙසැම්බර් මාසවල ඔහුට දින 28 බැගින් වූ නිවාඩු බන්ධනාගාරය විසින් ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. බොලිවුඩ් චිත‍්‍රපට අධ්‍යක්ෂ රාජ් කුමාර් හිරානි සංජේ දත්ගේ ජීවිත කතාව අලලා
චිත‍්‍රපටියක් නිෂ්පාදන කිරීමේ කටයුතුද මේ වනවිට අරඹා තිබෙනවා.
Read More ->>

රටක අධිවේගි මාර්ග වැනි යටිතල පහසුකම් වැඩි

රටක අධිවේගි මාර්ග වැනි යටිතල පහසුකම් වැඩි වුණාම ඒ රටට ආයෝජන ගලා එනවා. ඒත් කනගාටුවට කාරණය අපේ රටට එහෙම එන ආයෝජනයක් නැති කමයි....මේ පාරවල් වල දුවන වාහන කුලියෙන් අඩුම ගාණේ ගත්තු ණය වල පොලියවත් ගෙවන්න බැ..ඒකනිසා මේක රටට මහ බරක්... තරඟකාරී ටෙන්ඩර් පටිපාටියක් නෝමැතිව කරන ලද ව්‍යාපෘති නිසා අනිවාර්නේම දූෂණ වංචා මහාපරිමානයෙන් සිදුවෙලා තියෙනවා කියන සැකය කුඩා දරුවෙකුට වුණත් ඇතිවෙන්නක්...පාරවල්වලට දැම්මේ රත්තරන්ද කියලා මිනිස්සු අහන්නේ ඒකයි. අධිවේගී පාරවල් හැදීමට, ඈත පිටිසර සිරියාවතිලාගේ බූමිතෙල් කාලෙන්, කිරිපිටි පැකට්‍ටුවෙන් බදු ගැසීම සාධාරණ නොවන බව ඉතා සධාරණ තර්කයක් උනත්, පෙර කි පරිදි රට තුළ විදේශ ආයෝජනයන් අතිවුයේ නම් පෙරලා එම ප්‍රතිලාභ සිරියාවතිලාටද ලැබෙනු ඇති...එහෙත් කුමන හෝ වරදකින් මහින්ද මහතාගේ අසාර්ථක ව්‍යාපෘති ගොඩට මහ බරක් දෙමින් අධි වේගි මාර්ගද පතිත වි ඇත
Read More ->>

Wednesday, December 24, 2014

Predictions for 2015 - http://goo.gl/ZixbGI

photo

5,720,185 Votes

47.43 %

photo

6,340,200 Votes

52.57%   

වෙබ් siteපිටුව http://goo.gl/ZixbGI



                       

Read More ->>

මුතුහෙට්ටිගමට වරෙන්තු - ආරක්ෂකයින් තිදෙනාට ඇප

සුළු අපනයන භෝග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ ඔහුගේ රියදුරු මෙත්සිරි චාමින්ද යන දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරමින් බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා අද (24) වරෙන්තු නිකුත් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයාට උසාවියේ පෙනී සිටින ලෙස නොසීති නිකුත්කරන ලෙස පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගත හැකි වරදක් සිදු කර ඇති බවයි.
මේ අතර රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි ඇමති ආරක්ෂකයන් තිදෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
වදුරඹ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැළියේ වේදිකාවට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පොලිස් අත්අඩංගුවෙන් රැගෙන ගියැයි සැකපිට අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කළ ඇමති ආරක්ෂකයන් තිදෙනා සම්බන්ධ නඩුව යළි විභාගයට ගත් අවස්ථාවේ දී මේ නියෝග නිකුත් කළේය. එම නඩුව ලබන  29 වැනිදාට කල් තැබිණි.

Read More ->>

මෛත‍්‍රී, රනිල් විශේෂ මාධ්‍ය හමුවක (VIDEO)

විපක්ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේවන විට පැවැත්වේ. “ස්ථාවර සංකල්ප සහිත ව්‍යාපාරික පරිසරයක්“ මැයෙන් විශේෂ ව්‍යාපාරික හමුවක් පැවත්වේ. එහි සජීව විකාශය පහතින් නරඹන්න
Read More ->>

මගේ ඇහෙනුත් කඳුළු බිංදුවක් වැටුනා

මගේ ඇහෙනුත් කඳුළු බිංදුවක් වැටුනා, ජගත් චමිල..... ඒ උඹට වගේ මුදලට පෙනී ඉඳලා, රණවිරුවන් විකුණගෙන කන දැන්වීමෙදි වගේ ග්ලිසරින් කඳුලක් නොවෙයි මචං... රට බේරගත්ත අපේ රණවිරුවන් ලවා දේශපාලන පෝස්ටර් අලවනව දැකල මම සංවේදී වුණු නිසා.... 
Read More ->>

කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන කතාව




කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන කතාව යසට ඔප්පු කරන්නට සමන්මලී සකලසූරිය අක්කා සමත් විය.
අක්කාට "රහ වහ වී වහ රහ වී" ඇති බැව් පෙනේ.70 දශකයේදී තාත්තාව අතින් අල්ලා දේශපාලන ලෝකයට ගෙන ආවේ කවුදැයි අක්කාට පරණ ඇල්බම් පෙරලුවොතින් බලා ගන්නට පුළුවන් ය.ඊට පසු කාලයේ අක්කා පුංචි සන්දියේ චන්ද්‍රිකා මැතිණියගේ තුරුළේ හුරතල් උන හැටිද මතක ඇතැයි සිතමි.අක්කා අක්කා කෙනෙක් නොව අයියා කෙනෙක් වී "පිස්සු බල්ලාගේ" අසික්කිත කතාව සාධාරණය කරන්නට තැතනුවා නම් අපට එතරම් දුකක් නැත.ඇයත් දරු මුණුපුරන් සිටින අම්මා කෙනෙක් බැව් ගැහැණියක් වූ අක්කාට අමතක වන්නට ඇත.ගැහැණියකගේ දුක දන්නේ තවත් ගැහැණියකැයි කියන කතාව ඇත්ත උවත් අක්කලාට එය අදාළ නැති සෙයකි.රාජකුමාරයාගේ හිත දිනාගන්නට අක්කා කන්න දුන්නු අත හපා කෑවාට අපට කමක් නැත.ගැහැණියක නිරුවත් කොට මහමග ඇවිද්දවනවා යැයි ප්‍රසිද්ධියේ කියන "පිස්සු බල්ලෙකුට" සුදු හුණු ගාන්නට ගොස් මඩ බාල්දි ගණන් නාගන්නා මේ දවස් වලවත් හොඳට හිතාගන්න "අක්කත් ගැහැණියක්" කියලා.හොඳේ
Read More ->>
මේ රටේ පාලකයා වැනි දාමරික දුෂිත අල්ලස් සංස්කෘතිය රජ කරන රට විනාශ කරන රටේ ජනතාවගේ අනාගතය බලාපොරොත්තු බිල්ලට දීල රටම ණය කරල රටටම බදු බර පටවල රට විනාස කරන පුද්ගලයෙක් එක්ක එකතු වෙනවට වඩා හොඳයි ජීවිතේ හානි කරගන්න එක කියලයි මම හිතන්නේ. එක හන්දා මම ජනතාවට ආදරයෙන් කියනවා මම ගැන විශ්වාසය තියන්න මම කවදාවත් මේ දුෂිත පාලකයාට එරෙහිව ගෙනියන සටන අතහරින්නේ නෑ
Full Statement.....
මේ දිනවල මේ රටේ පාලකයා, ඔහුගේ රජය, ජනතාව මුළා කරන්න ප්‍රචාරයක් අරිනව මම වරදාන වරප්‍රසාද බලාපොරොත්තුව රජයට එකතුවෙනවා ඔවුන් මට රජයේ ඉහල තනතුරක් දෙනවා කියල. අගමැති තනතුර බලාපොරොත්තුව මම රජයට එකතුවෙන්න හදනව කියල. මම රටේ ආදරණීය ජනතාවට කියන්න කැමතියි මම නිළ ඇඳුම ගලවල හමුදාවෙන් ඉවත්වෙන්න ඉස්සෙල්ලත් 2010 ඔය පාලකයා මගේ ඉවත්වීම වලක්වන්න මට නොයෙක් දේවල් පොරොන්දු වුණා. අමාත්‍යංශ දෙන්නද කියල ඇහුව. ජනාදිපති ලේඛම් තුමා මගේ ගෙදරට එවල පැය 2ක් සාකච්චා කරලා මට ලේඛම් දුර දෙකක් බාරගන්න ලිපි පවා එවුවා. ආරක්ෂක ලේඛම්ගේ තනතුරේ වගකීම් දෙකට කඩල මට දෙන්නද ඇහුව. අගමැතිකම දෙන්නද ඇහුව. ඒ එකක්වත් බාරගන්න මම කැමති වුනේ නෑ. මම ඉතා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කලා. මම කිවුව දුෂිත පාලකයෙක් යටතේ දාමරික මැර ජනතාවගේ අභිවෘධිය වෙනුවට පවුලේ අභිවෘධිය ගැන හිතන රට විකුණන රට ණය කරන රටේ අනාගතය විනාශ කරන පාලකයෙක් යටතේ ඉන්න මම කිසිම වරදානයක් වරප්‍රසාදයක් බාරගන්න කැමති නෑ කියල. එහෙම කියල එලියට ආපු මට දැන් මඩ ප්‍රචාරයක් ගෙනියනවා ඒගොල්ලෝ දේශපාලන වාසි ගන්න. මම නැවතත් එවැනි වරදාන වරප්‍රසාද හමුවේ ඔවුන් ඉදිරියට ගිහිල්ල ඔවුන් සමග එකතු වෙන්න හදනවා කියල. මම කියන්න කැමතියි මම කිසි දිනෙක එවැනි දේවල් වලට හිස නමන කෙනෙක් නෙමෙයි. මම හිරේ දාල, මට හිරිහැර කලා. අවුරුදු දෙකහමාරක් මම හිරබත් කෑවා. එත් මම එවැනි දේට හිස නැමුවේ නෑ. මගේ ගෙදර ඉන්න සුනඛයෙක් හෝ බළල් පැටියෙක් හෝ හිස නමන්නේ නෑ. එවැනි නායෙකයෙකුට එවැනි පාලකයෙකුට මේ රටේ පාලකයා වැනි දාමරික දුෂිත අල්ලස් සංස්කෘතිය රජ කරන රට විනාශ කරන රටේ ජනතාවගේ අනාගතය බලාපොරොත්තු බිල්ලට දීල රටම ණය කරල රටටම බදු බර පටවල රට විනාස කරන පුද්ගලයෙක් එක්ක එකතු වෙනවට වඩා හොඳයි දේශපාලනය කරන්න ජීවිතේ හානි කරගන්න එක කියලයි මම හිතන්නේ. එක හන්දා මම ජනතාවට ආදරයෙන් කියනවා මම ගැන විශ්වාසය තියන්න මම කවදාවත් මේ දුෂිත පාලකයාට එරෙහිව ගෙනියන සටන අතහරින්නේ නෑ.
Read More ->>

තරුණ පරපුර මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධයි - “අලුත් පරපුර

තරුණ පරපුර මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධයි - “අලුත් පරපුර”
දෙවන සංස්කරණය -
කසුන් කල්හාර, මොහාන් රාජ්මඩවල, ජගත් මනුවර්ධන, ඉන්ද්‍රචාප ලියනගේ, අමා විජේසේකර සහ සමනලී ෆොන්සේකා ඇතුළු කලාකරුවන් විශාල පිරිසකගෙන් සමන්විත “අලුත් පරපුර” සංවිධානය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවක් අද (23) පිටකෝට්ටේ සෝලීස් ශාලාවේදී පැවැත්වින.
එහිදී අදහස් දැක්වූ කලාකරුවන් ප්‍රකාශ කර සිටියේ තව දුරටත් බියෙන් සැකෙන් නොසිට ගමින් ගමට ගොස් වත්මන් පාලනය වෙනස් කිරීමට ජනතාව දැනුමවත් කරන බවයි.
එහිදී අදහස් දැක්වූ කලාකරුවන් ප්‍රකාශ කර සිටියේ මෙවර මැතිවරණයේදී තරුණ පරපුර විශාල වශයෙන් වත්මන් පාලනයට විරුද්ධ බවයි. සමාජයේ අසාධාරනකම්වලට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් සංවිධානය වී ඇති බවත්, එය පාලකයන්ට උහුලාගත නොහැකිව ජාත්‍යන්තර කුමන්ත්‍රණ නමින් හදුන්වන බවත් ඔවුන් පවසයි.
ප්‍රජාතන්තුවාදී අයිතිවාසිකම් නැතිවී යනවාට, නීතියක් නැතිව යනවාට මිනිසුන් බිය විය යුතු යැයිද ඉන් මිදීමට මේ පැමිණ ඇත්තේ අවසාන අවස්ථාව බැවින් පෙරට විත් සත්ය තේරුම් ගෙන ක්‍රියා කරන්නැයි සුප්‍රකට ගායන ශිල්පී කසුන් කල්හාර අද ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු එසේ ඉල්ලා සිටියේ පවතින පාලනයට එරෙහිව ‘මුලාවෙන් මිදෙමු‘ සටන් පාඨය යටතේ ‘අලුත් පරපුර‘ එහිදී එම කලා කරුවන් ‍වැඩිදුරටත් මෙසේ අදහස් දක්වන ලදී..
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ෆේස් බුක් ගිණුමට එක් දිනයක් ඇතුළත කැමැත්ත පළ කිරීම් (ලයික්) ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආවා. මහින්ද රාජපක්ෂ මහතාට දින දහයක දී හැත්තෑ නම දහසක් කැමැත්ත පළ කිරීම් ලැබී තිබුණා. දළ වශයෙන් ගත්තොත් ජනාධිපතිට දවසට කැමැත්ත පළ කිරීම් අට දහසක් පමණ එද්දි සිරිසේන මහතාට ලක්ෂයකටත් වැඩි ප්‍රමාණයක් ආවා.
ඡන්දෙට සති දෙකයි තියෙන්නේ. අපි දැක්කා සඳුදා විශ්ව විද්‍යාල සිසුන්ට පහර පොලිසියෙන් පහර දුන් ආකාරය. ඡන්දයක් අත ළඟ තියාගෙන මෙහෙම නම් මොවුන් ඡන්දෙන් දිනුවොත් මොනවා කරයිද
Read More ->>

සුභාශිංසන පණිවුඩය රනිල් වික්‍රමසිංහ

සුභාශිංසන පණිවුඩය

තම බලය හා අධිකාරීත්වය රැක ගැනීම සඳහා තමාට එරෙහි වෙතැයි සිතන සකල විධ බලවේග මුලිනුපුටා දමන්නට බලවත්හූ ක්‍රියා කරන අවස්ථා ඈත ඉතිහාසයේ සිට අද දක්වාම අප අසා - කියවා - දැක – විඳ ඇත්තෙමු. 
යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ අවස්ථාව ද එවැනි යුගයකි. හෙරොද් රජ බෙත්ලෙහෙම හා අවට ප්‍රදේශයන්හි සිටි âවුරුදු හා ඊට අඩු සියළුම පිරිමි දරුවන් මරා දමන්නට අණ නියම කළේය. 
තම තමන්ගේ පෞද්ගලික වාසිය උදෙසා ප්‍රතිපත්ති පමණක් නොව පුද්ගලයන් පාවා දෙන්නෝ ද එදා සිට අද දක්වාම අපි දැක ඇත්තෙමු. ලෝකවාසීන්ට සාමයේ හා පේ‍ර්මයේ පණිවුඩය දේශනා කළ ජේසු ස්වාමි දරුවන්, රිදී මිල තිහකට පාවා දුන්නේ එතුමාගේම සමීප ශ්‍රාවකයෙකු වූ ජුදාස් විසිනි.
මේ ඓතිහාසික සත්‍යය අද ද අපි නැවත දකිමින් හා වි¼දිමින් සිටින්නෙමු. අද ද හෙරොද් ලා බල තන්හාව පෙරදැරිව, ජනතාවට වද වේදනා උරුම කරවමින් සදාකාලිකව බලයේ රැඳී ඉන්නට උත්සාහ කරති. රජුගේ වරප්‍රසාදයන්ට හා අල්ලසට යටවූ ජුදාස් ලා සිය ආත්මයන් පාවා දෙති.
අප මේ අන්ධකාර තත්ත්වය වෙනස් කළ යුතු වෙමු. යහපත් පාලනයක්, ශීලාචාර ආණ්ඩුවක් හා තෘප්තිමත් සමාජයක් යළි ගොඩනැංවිය යුතු වෙමු. අලෝකවත් දේශයක් නිර්මාණය කර ගත යුතු වෙමු.
යේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශනා කළ පරිදි, ර්‍ණසිරුරට පහන ඇස ය. එහෙයින් ඔබේ ඇස නිරෝගී නම් ඔබේ මුළු සිරුර ආලෝකවත් වේ. ඔබේ ඇස රෝගී නම් ඔබේ මුළු සිරුරම අඳුරු වේ. ඔබ තුළ ඇති ආලෝකය අඳුරු වී ගිය හොත් එය කෙතරම් ඝණ අන්ධකාරයක් ද?”
අප තුළ ඇති ආලෝකය අඳුරු නොකර ගැනීමට අපි මේ නත්තලේ අධිෂ්ඨාන කර ගනිමු. 
සුබ නත්තලක්..!

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක හා විපක්‍ෂ නායක 


2014.12. 25
Read More ->>
ආදරණිය රාජ්‍ය සේවකයින් නැවතත් වරක් මුලා කරලා. 50,000 අමතරව තව අවුරුදු 5ක් 
තමුන්නාන්සෙලාගෙ වැටුප කප්පාදු කරනවා.” — සජිත් ප්‍රේමදාස                                                                                                                                                                                                           සිරිකොත බුදු පිළිමෙටත් හානි
සිරිකොත ප්‍රහාරයෙන් අඩු ගණනේ 11 දෙනකුවත් තුවාල ලබන්නට ඇතැයි සිරිකොත ආරංචි කියයි.                                                               
Read More ->>

Tuesday, December 23, 2014

ඡන්ද ප්‍රතිඵලයක් කලින්ම

ආණමඩුවේ ආඬිගම හා පල්ලම සේරු කැලේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයක් කඩා විනාශකැර ඇතැයි පොලිසියට පැමිණිලි කැර තිබේ.
Read More ->>

මෛත්‍රීට ජය පතා ලන්ඩනයේ පිංකමක්

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය පතා 22  වැනි ඉරු දින උතුරු ලන්ඩනයේදී විශේෂ අධිෂ්ඨාන පූජාවක් පැවැත්විණි.
අද ශ්‍රී  ලංකාවට අවශ්‍ය යහ පාලනය උදාකිරීම සදහා ජන හිතකාමී නායකත්වයක් පත්කිරීමේ වැදගත්කම එකසත් රාජධානියේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට අවබෝධ කරවීම සඳහා  කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ එක්සත් රාජධානි ශාඛාවේ සභාපති හර්ෂක කන්නන්ගර පැවැසීය. 



Read More ->>

ජාතික සඟ සමුළුවේ සහාය මෛත්‍රීට

white; font-family: 'Malithi Web', arial; font-size: 18px; line-height: 28.7999992370605px;">පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන ජාතික සඟ සමුළුව ‘දැයම එකතු වෙමු මෛත්‍රී පාරමිතාවට‘ මැයෙන් අද (24) කොළඹ හයිඩ් පිටියේ දී පැවැතිවිණි.

Read More ->>

තිස්ස අත්තනායකට මෛත්‍රීගෙන් නඩු

තිස්ස අත්තනායකට මෛත්‍රීගෙන් නඩු
අමාත්‍ය තිස්ස අත්තනායක මහතා ඊයේ කළ ප්‍රකාශය පිළිබඳ තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ (22) ශ්‍රිලංනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සහ සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එජාපය අත්සන් කල ගිවිසුම මව්බිම පාවාදෙන සහ රණවිරුවන් ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන යන බරපතළ ගිවිසුමක් බවයි.
එම ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බවත් තිස්ස අත්තනායක මහතා පෙන්වූ එම ගිවිසුමේ සඳහන් තමන් හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ඒවා බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසී ය.
ඔහු මේ බව පැවසූවේ මේවන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ රනිල් වික්‍රමසිංහ මහතා හා තමන් කිසිදු ලියවිල්ලක් අත්සන් කර නොමැති බවයි.
Read More ->>

නැගෙනහිර සභානායක මෛත්‍රී ට

නැගෙනහිර සභානායක මෛත්‍රී ට නැගෙනහිර පළාත් සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී හා එම පළාත් සභාවේ සභානායක ප්‍රියන්ත පතිරණ මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කිරීම සදහා විපක්ෂයට එක්වීමට තීරණය කර අැත.. නැගෙනහිර පළාත් සභාව තුල ආණ්ඩුව නියෝජනය කල සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකු ද එම පක්ෂයේ නායක කර්මාන්ත හා වාණිජ කටයුතු හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සමග ඊයේ පොදු අපේක්ෂකයාගේ සහයට එක්විය. මේ අතර, උතුරු මැද පළාත් සභාවේ ශ්‍රී ලනිප මන්ත්‍රී පි.බි. දිසානායක මහතාද පොදු අපේක්ෂකයාට සහයදීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. ඔහු 1994 සිට 2001 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
Read More ->>

K.P වහාම නීතිය හමුවට ගෙන එනු… අපරාධ වලට දඩුවම් දෙනු…

K.P වහාම නීතිය හමුවට ගෙන එනු… අපරාධ වලට දඩුවම් දෙනු… (K.P ට සැප දෙන රාජපක්ෂ කොටි හුරතලය – 2 කොටස)
කොටි හුරතල් කරන සැබෑ දේශද්‍රෝහීන් කවුරුන්ද යන්න ලෝකයට හෙළිදරව් කිරීම –  K.P ට සැප දෙන රාජපක්ෂ කොටි හුරතලය – දෙවන කොටසේ අරමුණයි.
ජාත්‍යන්තර මානුෂවාදී නීති රීති වලට වලට අනුව ත්‍රස්තවාදියෙකුට රැකවරණය දීම උදව් උපකාර කිරීම හා ඔහුව නීතිය ඉදිරියට ඉදිරිපත් නොකිරීම මත ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව නිතිමය පියවර ගත හැකි බව අමෙරිකාවේ ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වාදෙයි. මන්ද ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ජ්‍යාතන්තර මානුෂවාදී සම්මුතීන් වලට හා ගෝලීය ත්‍රස්තවාදය පිටු දකීමේ සම්මුතීන් වලට අත්සන් තබා ඇති බැවිනි.
K.P සම්බන්දයෙන් ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක මාධ්‍ය ලිලිපුට්ටන් විසින් K.P අත්අඩංගුවට ගත් පසු (2009 අගෝස්තු 7) සහ පසු ගිය දින කිහිපය තුල ලබා දුන් ප්‍රකාශ සැලකිල්ලට ගත යුතුය.(K.P ට සැප දෙන රාජපක්ෂ කොටි හුරතලය පිළිබඳව පළමු ලිපියෙන් අප ඒවා අනාවරණය කළේය) ඒවා රජයේ ස්ථාවරය නියෝජනය කරන වැදගත් සාක්ෂි ද වේ.
අමෙරිකාව හා ඉන්දීය රජය මේ පිළිබද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ, ආසියානු ත්‍රස්තවාදී කටයුතු පිළිබඳව නිලධාරීන් මෙය ඉතා සියුම්ව නිරීක්ෂණයට ලක් කරමින් සිටී.ඔවුන්ගේ අදහස වන්නේ ලොව කොතැනක කවුරුන් හෝ ත්‍රස්තවාදයටඋදවු දෙනවාද ඒ තැනැත්තා අපරාධකරුවෙකු බවයි.බින් ලාඩන් හා K.P අතර කිසිදු වෙනස් කමක් නැති බවත්, දෙදෙනාම ලොව භයානකම ත්‍රස්තවාදී ජාලයන් දෙකක නායකයින් බවත් ඔවුන් පෙන්වා දෙයි. මානව වර්ගයාට සිදු කළ අපරාධ සැලකීමෙදී K.P නීතිය ඉදිරියට පමුනවා දැඩි දඬුවම් පැමිණවීම  ශ්‍රී ලංකා රජයේ අත්හල නොහැකි වගකීමක් බවත්, ලොව කිසිම තැනක අහිංසක ත්‍රස්තවාදීන් නොමැති බව අමෙරිකාවේ ස්ථාවරය බවද ඔවුන් පෙන්වා දෙයි. “there is no innocent terrorist in the world”.
දැන් අපි ලංකාවේ යුද වීරයින් දෙසට හැරෙමු.
“යුද අපරාධ චෝදනා දානවෝ… අන්තර් ජාතික කුමන්ත්‍රණ ගේනවෝ… කොටි සමග එක්ව රට පාවා දෙනවෝ…” යැයි කට මත දෙඩවූ පචායුධ වීරවංසලා, ඇල්ලේ ගුණවංසලා, චම්පික රණවකලා, අතුරලියේ රතනලා, ඕමල්පේ සොභිතලා වැනි දේශප්‍රේමී අප්පුහමිලා දැන් කියන්නේ මොකද්ද?
ඇත්තටම එලිපිට K.P හුරතල් කරන්නේ කව්ද?
දේශප්‍රේමීන් යැයි කියාගන්නා බොල් පිළිම ඇයි නිහඬ?
කටුගේ සොරුන් අල්ලන යැයි කියා පාරට බැස්ස රතනලා, ඕමල්පේ සොභිතලා අද  K.P, කරුණා,පිල්ලෙයාන්ලා සමග හරි හරියට යහන් ගත වෙයි. සමහරු කරේ අත දමා ගෙන ජයාරූප වලටද පෙනී සිටී. K.P වහාම නීතිය හමුවට ගෙන එනු… අපරාධ වලට දඩුවම් දෙනු කියා රාජපක්ෂ දෙබෑයන්ට කියන්න තරම් ඔවුන්ට කොන්දක් නැත. දේශප්‍රේමයක් ද නැත. මේ ඒ දේශප්‍රේමීන්ගේ සැබෑ නිරුවතයි.
රජයේ ස්ථාවරයට අනුව කිසිම චෝදනාවක් නැති, නඩුවක් නැති K.P දැන් හරි හරියට මාධ්‍යටද ප්‍රකාශ නිකුත් කරන මයික් ටයිසන් කෙනෙක් බවට පත් වී ඇත. තමන් අතින් වැරදි සිදුවූ බවත් තමන් සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ ඉන්දීය රජය විසින් බව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වර්තමාන නායක කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. ඊයේ පෞද්ගලික ගුවන්විදුලියට ප‍්‍රකාශ කළේය.දේශපාලනයට පැමිණීමට දැනට බලාපොරොත්තුවක් නොමැති බවත් ඉදිරියේදී ජනතාව සහ කාලය එය තීරණය කරනු ඇති බවත් මේ කුප්‍රකට ත්‍රස්තවාදියා පවසා තිබිණ. දේශපාලනයට නොව මරණ මංචකයට කැදවිය යුතු මේ පාහරයාට මේ තරම් ඔක්සිජන් ලබා දෙන්නේ කවුද?  
“අයි බැරි? නෑ එන්ජීඕ එකට අපිනේ පර්මිෂන් දෙන්නේ.”                                                   අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
“කේ .පී හට එරෙහිව කිසිදු නඩුවක් පවරා නැහැ. ඔහු දැනට උතුරේ සංවර්ධන කටයුතු සඳහා කැප වුනු රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා ගෙන යනවා.”                        ලක්ෂ්මන් හුළුගල්ල
මීට පෙරත් ඉන්දීය මාධ්‍යකට රුපවාහිනී සාකච්ජාවක් ලබා දෙමින් K.P සඳහන් කලේ රජිව් ගාන්ධි ඝාතනය තමන් අතින් සිදුවූ නිවැරදි කළ නොහැකි අත්වැරැද්දක් බවත් ඊට සමාවන ලෙසත්ය. Pathmanathan,(K.P) who was Treasurer of LTTE and its chief arms procurer, said,
“I want to say to the Indian people and especially to the Gandhi family…I want to apologise for Prabhakaran’s mistake. Please forgive us. We beg you….Sorry for all this. We know the feelings of the son (Rahul) of Rajiv Gandhi….How father and daughter are attached (reference to Rajiv’s daughter Priyanka)”.අපේ අහිංසක සිංහල, දෙමල පාසල් දරුවන්,වයසක වැඩිහිටියන්, උපාසක උපාසිකාවන්, නොදරුවන් ඇතුළු දස දහස් ගණනක් ජීවිත මහා මගදී  බිලිවූයේ K.P ගෙන්වූ මාරක ක්ලේමෝ බෝම්බ, බිම් බෝම්බ හා මරාගෙන මැරෙන බෝම්බ වලින්ය. කැබිතිගොල්ලෑව, නුගේගොඩ, අනුරාධපුර, දෙහිවල සිද්ධීන් මා ඔබට යලි සිහිපත් කරමි.

ඒ දුක් බර කර ගැසූ පවුල්වල ඤාතීන්  K.P ට සමාව දීමට සුදානම්ද?

රාජපක්ෂ රෙජීමයේ අදහස: 

“සමාව දෙනවද ඒ සියල්ල අමතක කරනවද කියන එක නෙමෙයි. අපිට යම්කිසි නීතියේ ඉඩක් තියෙනව නම්, ඊට වඩා පුළුල් වූ චිත්‍රයක් තුල, ඊට වඩා සමාජ සාධාරණයක් උඩ කටයුතු කරන්නට ඒ වෙනුවෙන් සලකා බැලීමට රජය ඒ ස්ථාවරයේ ඉන්නවා,” 

මේ ලිපිය කියවන ශ්‍රී ලාංකීය ඔබ K.P ට සමාව දීමට සුදානම්ද?

K.P වහාම නීතිය හමුවට ගෙන එනු… අපරාධ වලටඩුවම් දෙනු..


ශානක ද සිල්වා

Read More ->>

හමුදා බලය යොදා පරාජය යටපත් කිරීමේ රාජපක්ෂගේ කුමන්ත්‍රණය හෙළිවේ

හමුදා බලය යොදා පරාජය යටපත් කිරීමේ රාජපක්ෂගේ කුමන්ත්‍රණය හෙළිවේ! ස්ථාන 14 කින් කොළඹ නගරය වටකිරීමේ සැලැස්ම මෙන්න Exclusive
Gota's planපරාජයෙන් වියරු වැටී සිටින මහින්ද රාජපක්ෂ ජනවාරි 9 වැනිදා කෙසේ හෝ බලය ඇල්ලීමේ නින්දිත කුමන්ත්‍රණයක නිරත වන බව අනාවරණය වේ. මෙය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වීමෙන් පසු කෙසේ හෝ බලය ඇල්ලීමේ අවසන් සැලසුම බවද රටට ආදරය කරන හමුදා බුද්ධි අංශ සාමාජිකයින් NEWSBIRD වෙත හෙළි කළේය. අදාළ සැලසුමට අනුව ස්ථාන 14කින් කොළඹ නගරය හමුදා බලය යොදා වටකොට පොලිස් ඇඳිරි නීතියද ක්‍රියාත්මක කිරීමට කතිකා කරගෙන ඇත. කාරණා පෙළ ගැසෙන ආකාරය අනුව මුළු රටටම හෝ කොළඹ දිස්ත්‍රික්කයට අදාළ වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට නියමිතව ඇත.
කොළඹ නගරය කලාප 5කට (ABCDE) බෙදෙන සේ අදාළ සැලැස්මට ක්‍රියාත්මක කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරු 6 දෙනෙක් පත් කර ඇත. ඊට අමතරව අවසන් සටනේ බලසේනාංකාධිපති වරුන් ලෙස කටයුතු කල එකල කර්නල් මට්ටමේ සිටි දැනට බ්‍රිගේඩියර් මට්ටමේ සිටින නිලධාරීන් කිහිපදෙනෙක්ද කොළඹට කැඳවා ඇත. සැලැස්මට අනුව කොළඹ නගරයට ඇතුළුවන පිවිසුම් මාර්ග සියල්ලම වසා දැමෙනු ඇත. එම මාර්ග යුධ ටැංකි හා බෆල්රථ යොදා අවහිර කෙරෙන අතර මැතිවරණ දෙපාර්තුමේන්තුව අවට කලාපය අධි ආරක්ෂක කලාපයක් බවට පත් කෙරෙනු ඇත. හදිසි තත්වයක් මත පුර්ණ ලෙස හමුදා බලය පාවිච්චි කිරීමට හැකිවන ලෙස සැලසුමේ අණ හා පාලනය සකස් කර ඇත.
Gota's military plan for PE 2015A කලාපය – බල ප්‍රදේශය සිතියමේ අංක 1,2,3,4
විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී එගොඩවෙල / විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ජයසුන්දර
මෝදර පිහිටි රොක් හවුස් සන්නාහ සන්නද්ධ බළකා මුලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම කලාපයට මෝදර, සීදුව, කටුනායක, පෑලියගොඩ කොලොන්නාව, කිරිබත්ගොඩ හා කඩවත අයත් වේ. පරණ මිගමු පාර / කටුනායක මිගමු පාර / කොළඹ නුවර පාර / පෑලියගොඩ අධිවේගය පිවිසුම, කොළඹ හංවැල්ල ලෝලෙවල් හා අවිස්සාවේල්ලපාර යන මාර්ගයන් වසා දැමීමේ බලය පවරා ඇත.
සිතියමේ අංක 1 – සන්නාහ සන්නද්ධ බළකා මුලස්ථානය – මෝදර
සිතියමේ අංක 2 – විශේෂ බළකා මුලස්ථානය – සිදුව
සිතියමේ අංක 3 – නාවික හමුදා අනුකණ්ඩය – වැලිසර
සිතියමේ අංක 4 – කොමාන්ඩෝ රෙජිමේන්තු මුලස්ථානය – ගනේමුල්ල
B කලාපය – බල ප්‍රදේශය සිතියමේ අංක 5,6 – විශ්‍රාමික මේජර් ජෙනරාල් වසන්ත බණ්ඩාර
පොල්හේන්ගොඩ පිහිටි යුධ හමුදා පොලිස් මුලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම කලාපයට කිරුලපන, නාරාහේන්පිට, නාවල, බොරැල්ල, රාජගිරිය හා වැලිකඩ අයත්වේ. නාවල පාර, කනත්ත හන්දිය, ශ්‍රී ජයවර්ධනපුර මාවත, පාර්ලිමේන්තු වටරවුම ඔබේසේකරපුර පාර කොට්ටේපාර හා තලවතුගොඩ පාර යන මාර්ගයන් වසා දැමීමේ බලය පවරා ඇත.
සිතියමේ අංක 5 – යුධ හමුදා පොලිස් මුලස්ථානය – පොල්හේන්ගොඩ
සිතියමේ අංක 6 – යුධ හමුදා ස්වේච්ඡා බළකා මුලස්ථානය – පැලවත්ත
C කලාපය – බල ප්‍රදේශය සිතියමේ අංක 7,8 – විශ්‍රාමික මේජර් ජෙනරාල් සීවලී වනිගසේකර
පනාගොඩ යුධ හමුදා කඳවුර මුලස්ථානය කර ගනිමින් මෙම කලාපයට හෝමාගම, කොට්ටාව, තලවතුගොඩ , මහරගම, නුගේගොඩ, පිළියන්දල, බොරලැස්ගමුව හා පාමංකඩ දක්වා අයත් වේ. හයිලෙවල් පාර ස්ථාන 4 කින් වසා දැමීමට නියමිත අතර බොරල්ස්ගමුව දෙහිවල පාර , පමුණුව පාර, පරණ කොට්ටාව පාර, පැපිලියාන පාර, පරණ කැස්බෑව පාර හා ස්ටැන්ලි තිලකරත්න මාවත යන මාර්ගයන් වසා දැමීමේ බලය පවරා ඇත.
සිතියමේ අංක 7 – යුධ හමුදා කඳවුර – පනාගොඩ
සිතියමේ අංක 8 – යුධ හමුදා පස්වන ක්ෂේත්‍ර බළකා රෙජිමේන්තුව – පොල්ගස්ඕවිට
D කලාපය – බල ප්‍රදේශය සිතියමේ අංක 9,10,11 – විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු
කොල්ලුපිටියේ යුධ හමුදා ඉලෙක්ට්‍රික් හා යාන්ත්‍රික බළකා මුලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම කලාපට ගාලුපාර හා කොල්ලුපිටියේ සිට රත්මලාන දක්වා ගාලු පාරට අවතීර්ණ වන සියලුම ප්‍රදේශයන් ආවරණය වනු ඇත. කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මරදාන හා නවම් මාවත අයත් වන අතර පොලිස් විශේෂ කාර්ය බලකාය අවශ්‍ය ඕනෑම විටෙක ස්ථාන ගත කරවීමේ බලයද පවරා දී ඇත.
සිතියමේ අංක 9 – රත්මලාන ගුවන් හමුදා කඳවුර
සිතියමේ අංක 10 – දෙහිවල ගාලු පාරට අනියුක්ත කෙරෙන කටුකුරුන්දේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ඒකකය
සිතියමේ අංක 11 – යුධ හමුදා ඉලෙක්ට්‍රික් හා යාන්ත්‍රික බළකා මුලස්ථානය – කොල්ලුපිටිය
E කලාපය – බල ප්‍රදේශය සිතියමේ අංක 12,13,14 – ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ
ඉහත කලාප හතර භාර විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන්ට සෘජුවම අණ දෙනු ලබන්නේ මිනීමරු ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඊට අමතරව අරලියගහ මන්දිරය, ජනාධිපති මන්දිරය, ජනාධිපති ආරක්ෂක අංශය, රුපවාහිනී සංස්ථාව, ජනමාධ්‍ය අමාත්‍යංශය හා ත්‍රිවිධ හමුදාවේ අණ සහ පාලනය මිනීමරු ගෝඨා විසින් භාර ගෙන ඇත.
සිතියමේ අංක 12 – ගුවන් හමුදා මුලස්ථානය – කොළඹ
සිතියමේ අංක 13 – යුධ හමුදා මුලස්ථානය – කොළඹ
සිතියමේ අංක 14 – නාවික හමුදා මුලස්ථානය – කොළඹ
මිනීමරු ගෝඨාභයගේ උපදෙස් මත විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ, කර්නල් සුරේෂ් සැලේ හා ගජබා රෙජිමේන්තුවේ තමාගේ සට්ටඹියන් දෙදෙනෙකුගේ සහාය ඇතිව මෙම සැලසුම සකස් කර තිබේ.
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මේ පිළිබඳව දැනුවත් කොට මේ විනාශකාරී සැලසුමෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් ගලවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලෙසද එම රටට ආදරය කරන හමුදා බුද්ධි අංශ සාමාජිකයින් NEWSBIRD වෙතින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියහ.
2010 වසරේ ජනාධිපතිවරණය අවසානයේ විපක්ෂයේ නායකයින් රැඳී සිටි කොළඹ ට්‍රාන්ස් ඒෂියා හෝටලය වැටලීම ඔවුන් සිහිපත් කරන අතර මෙවර හමුදාව හෝ තමන්ගේ කුලීකාර මැර හමුදාව යොදා ලේ සෙලවීමකට රාජපක්ෂලා නොයන බවට සහතිකයක් ලබා දිය නොහැකි බවත් ඔවුන් පෙන්වා දෙති. පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා හලාවත ධීවරයෙක් ඝාතනය කිරීමත්,පොලිසියම යොදවා කටුනායක වෙළඳ කලාපයේ සේවකයෙක් ඝාතනය කිරීමත්,රතුපස්වල ජනතා විරෝධය මර්ධනයට හමුදා රෙජිමේන්තුවක්ම කැඳවා හතර අතට වෙඩි තබා මිනිසුන් හා පාසල් දරුවන් ඝාතනය කල බවත් ඔවුන් සිහිපත් කරති.
NEWSBIRD කතුවරයාගේ සටහන:  NEWSBIRD කතුවරයාගේ සටහන:   NEWSBIRD කතුවරයාගේ සටහන:
පෙළ ගැසෙමින් තිබෙන තත්වයන් දෙස බලද්දී මහින්ද රාජපක්ෂ පරාජය පිළිගෙන මහත්මයෙක් සේ පුටුවෙන් බැස මැදමුලනට යාවි යැයි කියා කිසිසේත් සිතිය නොහැක. එම නිසා මේ තත්වය ඉතාමත් වගකීමෙන් කළමනාකරණය කිරීමටත්, අවශ්‍ය වුවහොත් ජනරාල් ෆොන්සේකාගේ යුද හමුදාවේ සිටින මිතුරු පාර්ශව සමග එක්ව ප්‍රති මෙහෙයුමකට අවශ්‍ය සැලසුම් කල්පනාකාරීව දියත් කිරීමට කටයුතු කල යුතු බව පොදු අපේක්ෂක ක්‍රියාන්විතයේ වගකීම් භාර සියලු දෙනා හට මතක කර දෙනු කැමත්තෙමි.
Read More ->>

විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් වැඩිහරියක්ම මහින්ද රාජපක්ෂහට කඩේ යනු ලබන්නේ ඉතාලියේ

විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් වැඩිහරියක්ම මහින්ද රාජපක්ෂහට කඩේ යනු ලබන්නේ ඉතාලියේ එය ඔබ සියළු දෙනා දන්නා කාරණයක් විශේෂයෙන්ම නාවලගේ බැනට් කුරේ තමයි දැනට ඉතාලියේ සිටින තානාපතිවරයා ඊටපෙර සිටි කොළඹ අළුත් කඩේ යකා හැටියට ප්‍රසිද්ද හේමන්ත වර්ණකුලසූරිය මේ සි‍යළු දෙනා කොන්දේසි විරහිතව තම රාජකාරිය පසකින් තබා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ ගිය පුද්ගලයෝ ඉතාලිය තුළ ශ්‍රමිකයන් ලෙස විශාල පිරිසක් සිටිනවා විවිද නම් වලින් තමන් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෝ තමන් ඒ ඇමතිගේ මස්සිනා මේ ඇමතිගේ නෑනා කියා ගන්නා පිරිස් සිටි ඒත් මෙම පුද්ගලයෝ එතරම් දේශපාලනයක් සහිත වු පුද්ගලයන් නොවේයි එම නිසා මැදමුලන මරා මහින්ද රාජපක්ෂ වැනි ආත්මාර්ථකාමි පටුහැගිම් වලින් යුත්තව දේශපාලකයෝ මෙම පුද්ගලයන්ගේ අඩු දේශපාලන දැනුම තම වාසිය තකා පාවිච්චි කරනු ලබයි පසුගිය පැවති මානවහිමිකම් සැසිවාරයෙදි මහින්ද රාජපක්ෂ රැකගන්න මහින්ද රාජපක්ෂගේ තුන ආරක්ෂා කිරිමට ඉතාලියේ විශාල පිරිසක් පැමිණියා ඔහුන්හට සත්‍ය වශයෙන්ම එක්සත් ජාතින්ගේ ක්‍රමවේදය සම්බන්දයෙන් වත් හෝ ඔහුන් කිරිමට යන යෝජනාවේ ප්‍රතිපල සහා එහි අරමුණ කුමක්ද යන පෑහැදිලි අවබෝදයක් තිබුනේ නැත
ඔහුන් නුගත් මෝඩ රූකඩ පඹයන් සේ සිංහ කොඩිය අත තබාගෙන මහින්ද රාජපක්ෂ ආරක්ෂා කිරිම වෙනුවෙන් කෑගැසුවා නමුත් ඒ මගින් ඇතිවන පසු විපාක පිලිබදව අවබෝදයක් මෙම පිරිසට නොතිබිනි මෙම ක්‍රියාවට සහය දක්වපු කාන්තාවක් යනු දම්මිකා චන්ද්‍ර සේකර යන නමින් ප්‍රචලිත කාන්තාව ම්තුමිය පලල් දේශපාලනය සම්බන්දව හෝ පලල් ආර්ථික දේශපාලන ක්‍රමවේදියක් පිලිබදව අවබෝදයක් නොමැත නමුත් ඇය නිරන්තරයෙන් ඇයගේ වාචාල මුව යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ ආරක්ෂා කරගැනිමට ඇයට කල හැකි සියළු දේ කරමින් සිටිනවා
ඔබ අන්තර්ජාලය තුලදි මෑතකදි දුටු ඇති ඇය විසින් නිකුත් කල වීඩීයෝ හඩ පටයකට මමත් දෙනවා ඔයගොල්ලොත් මහින්ද රාජපක්ෂට දෙන්න කියා ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා මහින්ද රාජපක්ෂගේ තුන ශක්තිමත් කිරිමට ඇය දෙන්නට අයිතියක් තිබේ එය ඇයගේ දැනුම නමුත් ඇයට නෛතික අයිතියක් නොමැත මෙම රට විනාශ කරන ශ්‍රි ලංකාව සම්පූර්ණයෙන් බංකොලොත් කරන මහින්ද රාජපක්ෂගේ තුප්පහේ පාලනය ආරක්ෂා කිරිමට අද වෙනකොට ඉතාලිය තුළ සිටින ශ්‍රමිකයෝ යන එන මන් නොමැතිව සිටි අතේ අත වැදි සිටින තත්වයක සිටියි මෙවැනි තත්වයක් තුළ රට තුල සිටින්නාවු ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට සටන් කිරිම වෙනුවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අයත් කාන්තා සංවිධානයේ නායකවරිය හැටියට ඇය මේ ආකාරයෙන් මහින්ද රාජපක්ෂගෙ තුන ශක්තිමත් කිරිමට දරණ උත්සහය අප පිලිකුලෙන් යුතුව එලාදැකිය යුතු වනවා
ශ්‍රි ලංකාවේ කාන්තාවන්ව නිරුවතින් යවනවා යැයි පැවසු මන්ත්‍රිවරුන් ඇමතිවරුන් ආණ්ඩුවක් ආරක්ෂා කිරිමට දම්මිකා චන්ද්‍රසේකර වැනි කාන්තාවන්ට තිබෙන සදාචාර අයිතිය කුමක්ද කියන කාරණය අප ඇයගෙන් පෙරලා ඇසිය යුතු වනවාපෑහැදිලි සමාජ ආර්ථික දේශපාලන වෙනසක් කිරිම සදහා අප සියළු දෙනා ගැහි ගැහෙන්න දී ඔඋට් ගැහැණි ගන්න දේශපාලන අවසන් කරමු අරගලයෙන් තොර ජයක්ග්‍රාණයක් නොමති බව සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නව.         තුෂාර ජයරත්න
Read More ->>

මහින්ද රාජපක්ෂගේ ඔටුන්න කුමරු පුත් නාමල් රාජපක්ෂ

මහින්ද රාජපක්ෂගේ ඔටුන්න කුමරු පුත් නාමල් රාජපක්ෂ, විසින් දිවයිනේ සිටින නමගිය අපරාධකරුවන් ජනධිපතිවරණයේ මැරක්‍රියා ක්‍රියාවන් සදහා යොදා ගැනිමට තීරණය කර ඇතැයි වාර්ථාවෙයි අප ඔබට මීට පෙරද කෙටි ලිපියකින් මෙය අනාවරණය කලාය අද උදැසැන පමණ නාමල් රාජපක්ෂ හා ගම්පහ භීෂකයා ලෙස හැදින්වන සරණ ගුණවර්ධන මහර බන්දනාගාරය වෙත ගොස් වේයන්ගොඩ සමරේ නැමැත්තාව බන්දනාගාර නීතී රීති කඩ කරමින් එලියට ගෙන තිබේ සමරේ යනු නිට්ටම්ඹුව හා අත්තනගල්ල ප්‍රදේශය පුරා මහ පරිමාණයෙන් මිනිස් ඝාතන මංකොල්ල කෑම් කප්පම් ගැනිම් ඇතුළු දරුණු අපරාධ රැසකට සම්බන්ද අයෙක් බව පොලිස් මූලස්ථානයේ ඉහල නිලධාරියෙක් අප සමග පැවසිය
නැතිවී යන බලය කෙසේ හෝ ලබාගැනිමට මහින්ද රාජපක්ෂගේ ගොන් පුත් නාමල් හිතු හිතු විදියට රටේ නීතී ආධිපත්තිය සමග සෙල්ලම් කිරිමට උත්සහ දරන්නේ රාජපක්ෂවරුන්ගේ බංකොලොත් භාවය කොතෙක් දැයි පෙන්වීම නොවේද නාමල් රාජපක්ෂ මීට දින පහකට පෙර කියු දෙයක් නම් අපට කටුනායක ගුවන් තොටු පලෙන් පැනයෑමට නොහැකිනම් අපි මත්තල ගුවන් තොටුපලෙන් පැන යනවා පැවසුවෙත් නාමල් රාජපක්ෂ මෙය නාමල් රාජපක්ෂට ජන්දය දෙන ඔහුට බලයට ගෙන ඒමට කටයුතු කරන ජනතාව හොදින් අවබෝද කරගත යුතුයි
මෙවැනි මොංගල් ජනතා ද්‍රෝහි නියෝජිතයන් ජනතාව වෙනුවෙන් කුමක්ද කලේ? රටේ ප්‍රධාන පාරවල් වසා නයි කාර් රේස් පැද ජනතාවගේ ඊරිය මහන්සිය කන නාමල් වැනි මී හරක් අපේ ජනතා නියෝජිතයන් හැටියට නොසුදුසු යැයි අප ඇතුළු සහෝදර දේශපාලන විචාරකයන් පැවසුවේ එදා සිට අදත් හෙටත්ය
වේයන්ගොඩ සමරේ නැමති පාතාල සාමාජිකයාව මුදවා ගැනිමත් සමග අපට අත්තනගල්ල ජනතාව කියාසිටියේ මෙවර බැසිල් රාජපක්ෂ තියා කුමණ අයෙක් පැමිණියත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ගම්පහ දිස්ත්‍රීකයේ ජය නියත බවයි අර සමරේ මේ සමරේ ආවා කියලා අපි බය වෙන්නේ නැහැ අපිට පහර දෙන්න ආවොත් පෙරලා පහර දෙන්නේ යැයි පැවසිය මෙදාපාර තමයි රාජපක්ෂ වරුන් ඉල්ලගෙන කන වෙලාව යැයි පැවසු එම ජනතාවගේ එඩිතර ප්‍රකාශයට අප හිස නමා ආචාර කළයුතුයි දැන් ගම්පහ ජනතාවට මහින්ද රාජපක්ෂ රෙජිමයට පාඩමක් ඉගැන්වීමට කාළය එලඹ ඇත ඔහුන් ඒ සදහා කලයුත්තේ රටේ අනාගත තීරණ කරන පොදුඅපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජයක්ග්‍රාණය කිරිමයි
එසේ නොමැතිව බෝම්බයට පිස්තෝලයට බියනොමැතිව තම විරෝදය වර්තමාන මහින්ද රාජපක්ෂට පෙන්වීමය නාමල් රාජපක්ෂ හෙට අනිද්දාද බන්දනාගාරවල සිටින අපරාධකරුන් එලියට ගැනිමට පුළුවනි අපට කුමණ අපරාධකරුවෙක් එලියට ගත්තත් ප්‍රශ්ණයක් නැත ඒත් මේවා තුළින් ජනතාවගේ හඩ නැවැත්විය නොහැකියි මන්ද ජනතාව තීන්දු තීරණ අරගෙන අමාරය මේ මොහොතේ සිට අප මහින්ද රාජපක්ෂට නිසි ප්‍රතිචාර දැක්වීමට කටයුතු කිරිම වඩා යහපත් යැයි සිතමු මදුෂංක ගනේගොඩ
Read More ->>

අද තැපැල් ඡන්ද සළකුණු කිරීමේ ප‍්‍රතිශතය සියයට 70 ක්.

ජනාධිපතිවරණයේ අද ආරම්භ කෙරුණු තැපැල් ජන්ද විමසීමේ කටයුතු සාමකාමී අන්දමින් සිදු කෙරුණු බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස සඳහන් කළා. අද (23) පෙරවරු 8.30ට ඇරඹි තැපැල් ජන්ද විමසීමේ කටයුතු පස්වරු 4.15ට අවසන් කෙරුණා. මෙවර තැපැල් ජන්ද භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති රජයේ සේවකයන් සංඛ්‍යාව 5 ලක්ෂ 41 දහස් 432 ක්.

අද දිනයේ තැපැල් ජන්ද සලකුණු කිරීමේ ප‍්‍රතිශතය සියයට 70ක මට්ටමක පැවති බවයි මැතිවරණ නිරීක්ෂකයන් සඳහන් කළේ. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්ච් සඳහන් කළේ සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු කොට සමස්ථයක් ලෙස තැපැල් ජන්ද විමසීම ප‍්‍රසස්ථ මට්ටමක පැවති බවයි.

මේ අතර මාතර කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ තැපැල් ජන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානයේදී ගුරුවරුන් පිරිසකට ජන්දය භාවිතා කිරීමට නොහැකි වූ බවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණා. ඒ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මාතර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ එම ගැටළුව පසුව විස`දීමට කටයුතු කළ බවයි.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම හෙට දිනයේත් සිදුවන අතර අදාළ දින දෙකෙහි තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකිවූ රජයේ සේවකයින්ට මේ මස 30 වැනිදා සහකාර මැතිවරණ කාර්යාල වෙත පැමිණ සිය තැපැල් ඡන්දය භාවිතා කළ හැකියි.
Read More ->>

රහසිගත ගිවිසුමක් නෑ. තිස්ස පෙන්නුවේ ව්‍යාජ ලියවිල්ලක්. රනිල් පොලිස්පතිට ලියයි.

රාජ්‍ය සේවය කප්පාදු කිරිම සම්බන්ධයෙන් රහසිගත ගිවිසුමක් අත්සන් කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක ඊයේ (22) සිදුකළ ප‍්‍රකාශය පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ අද ප‍්‍රතික්ෂේප කළා. කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් කියා සිටියේ ඔහු ඉදිරිපත් කළ ගිවිසුම ව්‍යාජ එකක් බවයි. ඊට ව්‍යාජ අත්සන් යෙදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා තමන් අද දිනයේදී පොලිස්පතිවරයා ලිපියකින් දැනුවත් කළ බවයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මෙහිදී සඳහන් කළේ. 
Read More ->>

රජයට සම්බන්ධ ප‍්‍රබල දේශපාලකයෙකුගෙන් පිල් මාරුවක්.

ජනාධිපතිවරණය ආසන්නයේ මාතලේ දිස්ත‍්‍රික්කයේද ප‍්‍රබල පිල් මාරුවක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
ජනාධිපතිවරණයට ආසන්න දින කිහිපයේ රජයට සම්බන්ධ ප‍්‍රබල දේශපාලකයෙකු මෙලෙස පිල් මාරුවක් සඳහා සුදානම් වන බව විස්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අතර විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේද ප‍්‍රබල කි‍්‍රයාකාරින් රැසක් ආණ්ඩුවට සම්බන්ධකර ගැනිමට උත්සහා කරමින් සිටින බවත් එම පක්ෂයේ පිරිස් කියයි.
මේ සම්බන්ධයෙන් අප පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේ ක‍්‍රියාකාරි පිරිස් වෙතින් විමසීම් කල අතර එහිදි ඔවුන් කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ තිරනාත්මක වෙනසක් මාතලේ දිස්ත‍්‍රික්කයේ සිදුවන බවය.
ආණ්ඩුවට සම්බන්ධ එක්තරා ප‍්‍රබල අමාත්‍යවරයෙකුගේ කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් අප විමසීමක් කළ අතර අපට පිලිතුරු ලබාදුන් ප‍්‍රකාශකයා කියා සිටියේ අපුරු කතාවකි. 
ඒ ‘‘ සැමට සුභ අනාගතයක් මෛත‍්‍රි පාලනයක් මල්ලි ’’ යනුවෙන් කියා ඔහු දුරකතනය විසන්ධි කළේය.
Read More ->>

Monday, December 22, 2014


වියරු වැටිසිටින ඒකාදිපතිවාදයේ ඉතාලි අනුගාමිකයන් විපක්ෂ ක්‍රියාකාරින්හට තර්ජන හා ගර්ජන සිදුකිරිමට පටන් ගෙන ඇතැයි මිලානෝ නුවර උපුටා දක්වන විපක්ෂ ක්‍රියාකාරින් පවසයි ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ක්‍රියා කාරින්හට තර්ජනයට මූණදීමට සිදුව තිබේ මරාගේ අනුගාමිකයන් දැඩිලෙස තර්ජනය කර ඇත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඉතාලියේ මිලානෝ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ සම්බන්දිකාරක කුමාර අජිත් මහතාටයි ඔහු පවසන ආකාරයට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය සුරැකිම උදෙසා සහෝදර පක්ෂ සහාය ඇතිව තාමා ඉතාලිය තුළ අත්සන් දස ලක්ෂයක් ගැනිමේ වැඩ පිලිවෙලක් ආරම්භ කළ අතර පසුව පද්මලාල් නැමැත්තෙක් තමාට මෙම 00393248494729 , 00393276353895 , යන මෙම දුරකථන අංක හරහා තර්ජනය කරමින් කෙටි පනිවිඩ එවු බවයි කුමාර අජිත් මහතා අපට කියා සිටියේ
මැදමුලන මරා පසුගිය මාස දෙකකට පෙර පාප් වහන්සේ බැහැ දකින මුවාවෙන් ඉතාලි වතිකානුවට පැමිණ අවස්ථාවේදි මෙම පුද්ගලයා හා නාවලගේ බැනට් කුරේ ඇතුළු මිලානෝ නුවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියකාරින් රැසක් මැදමුලන මරා පිලිගැනිමේ උත්සවයක්ද පැවත්තු අතර මොහු විසින් පවත්වාගෙන යන ලක්විෂන් වෙබ් අඩවියේ ජනතාවට අසත්‍ය තොරතුරු රැසක් පලකරන බවයි වාර්ථා වන්නේ
ඉතාලියේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින් කියා සිටියේ මෙවැනි අම්බැට්ටයන්ගේ තර්ජන වලට තම හඩ නැවත්විය නොහැකි අතර තම පක්ෂය සාමාජිකයන් පැය විසිහතර පුරා උත්සහ දරන්නේ මහින්ද රාජපක්ෂ ඒකාදිපතිවාදය පලවා හැර්මේ වැඩපිලිවෙලක් බවයි ජේවීපි සාමාජිකයන් ප්‍රකාශකර සිටි

ඉතාලියේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ක්‍රියාකාරින්හට එල්ලවු මරණ තර්ජන අපද දැඩිලෙස එළාදකින අතර ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ඉතාලි සම්බන්දිකාරක කුමාර අජිත් හට එල්ල කළ තර්ජනය බියගුළු හා සිය ඒකාදිපති මහින්ද රාජපක්ෂ පවුලේ පරාජය යනු තම පරාජය කරගත් පද්මලාල් ලක්විෂන් ඇතුළු මරාගේ බත්බැලියන්ට එරෙහිව විදෙස් ගත ශ්‍රි ලාංකිකයන් ඒකාරශිවී මෙම බත්බැලියන් පරාජය කල යුතුයි යන මතය අප ඔබට සිහිපත් කරන්නෙමු ඉතාලියේ මන්දගාමි පුද්ගලයන් මේ වන විටත් ඉතාලියේ සිට මරා ජයක්ග්‍රාණය කිරිමට වැඩපිලිවෙලක් දියත්කිරිම තුලින් පැහැදිලිවන්නේ මොහු රතුපස්වල හලාවත කටුනායක රටේ සිදුවු ඝාතකයන් රැකිම නොවේයිද?

එම නිසා අප කළ යුත්තේ විපක්ෂයේ ක්‍රියාකාරින් ආරක්ෂා කිරිමයි ඔහුන් වෙනුවෙන් හඩනැගිමයි මෙ පවතින මරාගේ පාලනය පරාජය කිරිමට හැක්කෙද ඔබ වැනි විදේශ ශ්‍රමිකයන්ට අද ලක්ෂ විසිහටක ප්‍රමාණයක් මැදපෙරදිග උතුරු ආසියාවේ ඇමරිකාවේ ඔස්ටේලියාවේ යුරෝපයේ සිටි මෙවැනි විදෙශ් ගත ශ්‍රි ලාංකිකයන්ගේ සහයෝගයෙන් පුළුවන් රටේ පාලනය වෙනස් කිරිමට රටේ ජනාධිපතිවරණයේ ප්‍රතිපලය වෙනස් කිරිමට අපට පද්මලාල් ලක්විෂන්ලාට එක පනිවිඩයක් දීමට කැමෙත්තෙමු ඒ කුමාර අජිත් එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින්හට මින් ඉදිරියට මරණ තර්ජන කිරිමට උත්සහ කලොත් ඊට නිසි පිලිතුරු කලට වෙලාවට ලැබෙනු ඇතැයි අප පද්මලාල් ලක්විෂන්ට දැනුම් දෙමු.

මැදමුලන මරා පසුගිය මාස දෙකකට පෙර පාප් වහන්සේ බැහැ දකින මුවාවෙන් ඉතාලි වතිකානුවට පැමිණ අවස්ථාවේදි මෙම පුද්ගලයා හා නාවලගේ බැනට් කුරේ ඇතුළු මිලානෝ නුවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියකාරින් රැසක් මැදමුලන මරා පිලිගැනිමේ උත්සවයක්ද පැවත්තු අතර මොහු විසින් පවත්වාගෙන යන ලක්විෂන් වෙබ් අඩවියේ ජනතාවට අසත්‍ය තොරතුරු රැසක් පලකරන බවයි වාර්ථා වන්නේ
ඉතාලියේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින් කියා සිටියේ මෙවැනි අම්බැට්ටයන්ගේ තර්ජන වලට තම හඩ නැවත්විය නොහැකි අතර තම පක්ෂය සාමාජිකයන් පැය විසිහතර පුරා උත්සහ දරන්නේ මහින්ද රාජපක්ෂ ඒකාදිපතිවාදය පලවා හැර්මේ වැඩපිලිවෙලක් බවයි ජේවීපි සාමාජිකයන් ප්‍රකාශකර සිටි

ඉතාලියේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ක්‍රියාකාරින්හට එල්ලවු මරණ තර්ජන අපද දැඩිලෙස එළාදකින අතර ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ඉතාලි සම්බන්දිකාරක කුමාර අජිත් හට එල්ල කළ තර්ජනය බියගුළු හා සිය ඒකාදිපති මහින්ද රාජපක්ෂ පවුලේ පරාජය යනු තම පරාජය කරගත් පද්මලාල් ලක්විෂන් ඇතුළු මරාගේ බත්බැලියන්ට එරෙහිව විදෙස් ගත ශ්‍රි ලාංකිකයන් ඒකාරශිවී මෙම බත්බැලියන් පරාජය කල යුතුයි යන මතය අප ඔබට සිහිපත් කරන්නෙමු ඉතාලියේ මන්දගාමි පුද්ගලයන් මේ වන විටත් ඉතාලියේ සිට මරා ජයක්ග්‍රාණය කිරිමට වැඩපිලිවෙලක් දියත්කිරිම තුලින් පැහැදිලිවන්නේ මොහු රතුපස්වල හලාවත කටුනායක රටේ සිදුවු ඝාතකයන් රැකිම නොවේයිද?

එම නිසා අප කළ යුත්තේ විපක්ෂයේ ක්‍රියාකාරින් ආරක්ෂා කිරිමයි ඔහුන් වෙනුවෙන් හඩනැගිමයි මෙ පවතින මරාගේ පාලනය පරාජය කිරිමට හැක්කෙද ඔබ වැනි විදේශ ශ්‍රමිකයන්ට අද ලක්ෂ විසිහටක ප්‍රමාණයක් මැදපෙරදිග උතුරු ආසියාවේ ඇමරිකාවේ ඔස්ටේලියාවේ යුරෝපයේ සිටි මෙවැනි විදෙශ් ගත ශ්‍රි ලාංකිකයන්ගේ සහයෝගයෙන් පුළුවන් රටේ පාලනය වෙනස් කිරිමට රටේ ජනාධිපතිවරණයේ ප්‍රතිපලය වෙනස් කිරිමට අපට පද්මලාල් ලක්විෂන්ලාට එක පනිවිඩයක් දීමට කැමෙත්තෙමු ඒ කුමාර අජිත් එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින්හට මින් ඉදිරියට මරණ තර්ජන කිරිමට උත්සහ කලොත් ඊට නිසි පිලිතුරු කලට වෙලාවට ලැබෙනු ඇතැයි අප පද්මලාල් ලක්විෂන්ට දැනුම් දෙමු.

මදුෂංක ගනේගොඩ
Read More ->>
මාධ්‍ය මාධ්‍ය සදහා නොව මාධ්‍ය ජනතාව සදහා විය යුතුයි මාධ්‍යක ප්‍රධාන කාර්යභාර්ය ජනතාවට ගමන් කළ යුතු දිසාන්තය වෙනුවෙන් මගපෙන්වීම ඒ සදහා මාධ්‍ය බොහෝ පෑහැදිලි අරමුණක් සහිතව නිසි වැඩපිලිවෙලක් ඇතිව මෙහෙවීම අත්‍යවශ්‍ය වනවා විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදි රටක කිසියම් මාධ්‍ය ආයතනයක් මද්‍යස්තව රටේ සිදුවන හොර මැරකම් දූෂණ පිලිබදව ඒ ආකාරයෙන් වාර්ථා කිරිම වැදගත් එසේ නොමැතිව ව්‍යාස්ඨාදායක බලය විධායක බලය සහා අධිකරණ බලය සතු රටේ ජන්ද දායකයන්හට තම ජන්ද අයිතිය පාවිච්චි කරන්නේ කෙසේද කියා යන පිලිබදව හරිහාකාරයෙන් තීන්දු තීරණ ගැනිමට අපහසු තත්වයක් ඇතිවීමේ අවදානම මතුවෙනවා අද ඉතාලියේ පාඨක කරගත් ශ්‍රී ටීවී ආයතනය මහින්ද රාජපක්ෂගේ පොදු වැසිකිලිය බවට පත්වී තිබේ ඉතාලියේ තානාපති කාර්යාලය සමග එක්වී මහින්ද රාජපක්ෂ ඒකාදිපති පාලනයේ තුන ශක්තිමත් කිරිමට ශ්‍රී ටීවී ආයතනය බොහෝ ප්‍රචාරකත්මක වැඩසටහන් කරමින් සිටි
ඔහුන්ගේ බොහෝ වැඩසටහන් වල අන්තර්ගතය විග්‍රා කළොත් ඉතාමත් පැහැදිලි පෙනියන කාරණයක් නම් ශ්‍රී ටීවී වැඩසටහන් වල ජනතාවට යථාර්තවාදිව පෙන්වාදීම වෙනූවට හුදෙක් ජනතාව හැගිම්බර කර එහි අවසාන වාසිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ලබාදීමට යනු ශ්‍රී ටීවී උත්සහය ඒ වගේම යුද්දය කුරිරු ලෙස විකිණිමට ශ්‍රී ටීවී ආයතනය මගින් සිදුකරනු ලබයි විශේෂයෙන්ම මොහුන් විසින් පසුගිය දිනවල ජිනිවා පැවති මානවහිමිකම් සමළුවේදි වාර්ථා කලේ ඉතාමත් අශිස්ට සම්පන්න ආකාරයට ඒ කුමක් නිසාද ඕනෑම ප්‍රශ්ණයකට දෙපැත්තක් ඇත නමුත් ඔහුන් සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ ආරක්ෂා කරගැනිමේ ස්ථාවරයේ තමයි කටයුතු කරනු ලැබුවේ විශේෂයෙන්ම මෙම නාලිකාවේ විකාශයවන වැඩසටහන් සම්පාදකයන් දිහා නිරික්ෂණය කලොහොත් ඔහුන්ගේ වැඩසටන් අන්තර්ගතය නැරඹුවොත් ඉතාමත් පැහැදිලි ලෙස පෙනියන කරුණ යනු මොහුන්හට කිසියම් ප්‍රශ්ණයකදි දේශපාලනික ආර්ථික හා නෛතික තත්වය පිලිබදව ගැඹුරු විග්‍රායක් නොමැත
ශ්‍රී ටීවී නාළිකාව හුදෙක් එහෙට මෙහෙට පාවිච්චි කරමින් ජනතාවගේ හැගිම් ඇවිස්සිම යනු ශ්‍රී ටීවී ප්‍රධාන කාර්යභාර්ය වී තිබෙන්නේ මේ නිශ්විඨ මොහොතෙදි මහින්ද රාජපක්ෂ ආන්ඩුව මගින් රටේ ජනතාවගේ මොලය සෝදන ක්‍රීයාව සදහා විශේෂ මාධ්‍ය ආයතන යොදා ගනිමින් තිබෙනවා ශ්‍රී ටීවී ප්‍රධානියා තුෂාර කුරේරා නොම්බර එකේ කුපාඩියෙක් සමග ඩිලාන් පෙරේරා එක්වී මෙරට විදේශ ශ්‍රමිකයන්ගේ කඩේ යැවිමේ බරපතල ක්‍රියාව සිදු කරමින් යයි ඉතාලියේ මේ වෙනකොට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මූණදී තිබෙන ඉතාම දුක්බර අපහසුතා තත්වය පීඩාකාරි තත්වය සම්බන්දයෙන් කිසිදු වචනයක් කතා නොකරන ශ්‍රී ටීවී ආයතනය කොන්දේසි විරහිතව මහින්ද රාජපක්ෂ ආරක්ෂා කිරිම සදහා කටයුතු කරමින් සිටි
ඒ සදහා ශ්‍රී ටීවී නාලිකාව යුද්දය යන නාමය විකිණිමට එරෙහිව මෙවැනි තුට්ටු දෙකේ මාධ්‍ය ආයතන සමස්ථ සමාජයම විනාශ කරන බරපතල විෂබීජයක් ඒ වගේම ශ්‍රී ටීවී ආයතනය ප්‍රධානියා වන තුෂාර කුරේරාට බරපතල චෝදනාවක් ඇත තම මාධ්‍ය ආයතනයේ සේවකයහට වැටුප් ගෙවීම පැහැර හැරිම සම්බන්දයෙන් අවම ප්‍රමතියෙන්වත් එම සේවකයන්හට නොසලකනවා යැයි කියන චෝදනාව එම නිසා මෙවැනි මාධ්‍ය මාෆියාවට එරෙහිව අපි සියළු දෙනා නැගිසිටිමේ අවශ්‍යතාවය අප මේ අවස්ථාවේදි ඔබට සිහිපත් කරන්නෙමු ඔටු ගැහැණි දීලා ගැහි ගැහි ගැනිම වෙනුවට පැහැදිලි අරමුණක් තිබෙන දක්ෂ නායකයන් අප අපේ නායකයන් ලෙස තෝරා ගනිමු අරගලයෙන් තොර ජයක්ග්‍රාණයක් නොමැති බව සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා ඔබ සැමට ජය.
ඩී එම් තුෂාර ජයරත්න
Read More ->>

කල ගුණ සලකන්න කියල අපිත්‍ ගියපාර දුන්න තමයි. එත් ඒ දක්වපු කලගුණයට කෙලෙහිගුණ ලැබුනේ කාටද? ඒකට කෙලෙහිගුණ ලැබුනේ කුඩු කාරයන්ට, එතනෝල් කාරයන්ට, කැසිනෝ කාරයන්ට, කොමිස් කාරයන්ට KP ලට,. අපි තාම අපේ දුවා දරුවන්ට ඉස්කෝල පොත් ටික, අඳින්න ඇඳුමක් අරන් දීගන්න බැරුව හරියට තුන් වේල කන්න දීගන්න බැරුව දහ අතේ හූල්ලනව. යුද්දය විකුණගන මේ රට සුරගන කන එක සහගහන අපරාධයක්, සැබෑ යුද්ද වීරයන්ට කරන නිග්‍රහයක් අවමානයක් . අපි ආයෙත් රැවටෙන්නේ නැහැ. මේපාරත් අපි රවටුනොත් අපේ අන්නගත දරු පරපුර අපට සාප කරාවි. මේ ප්‍රෝඩා කාර, වංචාකාර කාර සංවේදී නායකයාට රැවටුනා හොඳටම ඇති. අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් එක්වෙමු
Read More ->>
  • වඳුරඹ රැස්වීම් භූමියේ ගිනි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් තුන් දෙනා තමාගේ අත්අඩංගුවේ සිටියදී ප්‍රදේශයේ දේශපාලනඥයකු විසින් පැහැර ගන්නා ලද බවත්, දැන් තමා මුහුණ දී ඇති තත්වය ‘කෙසෙල් කැනක් කපා ගත් සොරකු අල්ලා ගත් අවස්ථාවක සොරාට නොව පිහියට එරෙහිව නඩු දැමීමට සමාන තත්වයක්’ වන බවත් පොලිස් පරීක්‍ෂක පනංගල ලියනගේ කීර්ති සිංහ පවසයි.https://www.facebook.com/video.php?v=425932334231187&set=vb.103678496456574&type=2&theater
Read More ->>

facbook


Contact Form

Name

Email *

Message *