සිරකරුවන් පවා යොදාගත්
මහින්දගේ ඡුන්ද ගේම
ආඳා මාළු ඉරට්ටෙන් කන හැටි විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන් ජේ.ආර්. ජයවර්ධන දැනගෙන හිටියේය. ඔහුට ඒ සඳහා අවශ්‍ය ඉවසීම හා හික්මීම ධනේශ්වර සංස්කෘතියෙන් ලැබී තිබිණ. 1982 ජනාධිපතිවරණ ගේම ගැහීමට ජේ.ආර් ආවේ ”මට ඔටුණු පළඳන්නට කුමාරයකු හෝ කුමාරිකාවක නැත” යයි කියාගෙනය. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට ගල් ගස්සවා, අග‍්‍රවිනිශ්චයකාරවරයාට දෝෂාභියෝග ඉදිරිපත් කර, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ‘ධර්මිෂ්ඨ සමාජය’ පොත ලිවීම නිසා කාණුපල්ලේ දමා පහර දීම ආදී මෙකී නොකී සියල්ල කළේ ආඳා මාළු ඉරට්ටෙන් කන න්‍යායෙන්ය.
දැන් මහින්ද රාජපක්ෂ ජේ.ආර්.ජයවර්ධනට නොහැකි වූ ඒකාධිපති ගමන යමින් සිටින්නේය.
ඒ ධනේශ්වර සංස්කෘතියේ හැදියාවක් ගෑවිලාවත් නැතිවය. තනිකරම ‘මැදමුලන මහින්ද’ ලෙසය. ‘බඹර වළල්ල’ චිත‍්‍රපටයේ මැල් මහත්තයාගේ කියුම් කෙරුම් පරිදිය. මැල් මහත්තයා බැරිම තැන අනිකාගේ අනුකම්පාව දිනා ගැනීමට හද උණු වන කතා කියන්නේය. ‘උඹලාට මම සැලකුවේ දරුවන්ට වගේ’ යැයි කියමින් හ`ඩන්නේය. ඒ අතර ගේම තිතට දෙන්නේය. ජේ.ආර්. ජයවර්ධන ආඳා මාළු ඉරට්ටෙන් කෑව ඉස්පාසුව මහින්දට නැත. මැදමුලන මහින්ද යයි කියමින් මැල් මහත්තයාගේ චරිතයට පණ පොවමින් සිටින්නේය. ආඳා මාළු හත්පොළේ ගා ගන්නේය.
මහින්ද රාජපක්ෂ මේ ජනාධිපතිවරණයට ප‍්‍රවේශ වූ තැන් සිට දැන් මාස තුනක පමණ කාලයක් පුරා දැකිය හැක්කේ මෙයමය. දිනෙන් දින අනා ගැනීම් ඉහළට යයි. මේ ගැන ගැඹුරින් සලකා බැලූ විට මෙය මහින්දගේම වරදක් නොව ඔහු නායකත්වය දෙන ධනපති ක‍්‍රමය කුණු වී තිබෙන ප‍්‍රමාණය පෙන්නුම් කරන්නක් බව පැහැදිලි වේ. වෙනසක් ඇත්නම් තිබෙන්නේ මහින්ද රාජපක්ෂ එය ‘මැදමුලන ක‍්‍රමයට’ සිදු කිරීමය. හත්පොළේ උලා ගැනීමය.
හේතුව කුමක් වුවත්, මේ ගේම ගහමින් සිටින්නේ ජනතාවගේ අනාගතය සමගය. රටේ අනාගතය සමගය. එහෙයින් මහින්ද ගහන ගේම්වල දිග පළල පිළිබඳව අවබෝධයෙන් සිටීම ජනතාව සතු වගකීමක්ය. මාධ්‍යය හැටියට ඒ පිළිබඳ තොරතුරු හෙළිදරවු කිරීමේ වගකීමක් අපට ඇත්තේය.
මහින්ද රාජපක්ෂ ඡුන්දය ඉලක්ක කරගෙන අරලියගහ මන්දිරයේ දන්සැල ඇරඹුවේ අද ඊයේ නොවේ. විවිධ කණ්ඩායම් එයට ගෙන්වා ගෙන කෑමෙන් බීමෙන් සන්තර්පනය කළ අයුරු කවුරුත් දනී. එම එක් කණ්ඩායමකට දළ වශයෙන් 5,000ක් දෙනා අයත් වෙති. සියලූ වියදම් එකතු වූ කෑම පැකට් එකක මිල රුපියල් 900/-ක් බව වාර්තා වේ. ඒ අනුව එක් නඩයක් වෙනුවෙන් කෑම දීමට දළ වශයෙන් රුපියල් ලක්‍ෂ 45ක මහජන ධනයක් වැය වේ. අරලියගහ දන්සලට විවිධ අවස්ථාවලදී පුද්ගලයින් ලක්‍ෂයක් ගෙන්වා ගෙන ඇතැයි ඉතා අවම තක්සේරුවක් කළහොත් ඒ සඳහා පමණක් කර තිබෙන වියදම රුපියල් කෝටි නවයක්ය.
මෙම මුදල් ගෙවීමට හරි අපූරු ක‍්‍රමයක් යොදාගෙන තිබේ. ඒ ජනාධිපතිගේ වියදම්වලින් නොවේ. අරලියගහ මන්දිරයට ගෙන්වා ගනු ලබන කණ්ඩායම අයත් වන අමාත්‍යාංශයේ ලේකම් මගින්ය. නිදසුනක් ලෙස පරිසර අමාත්‍යංශය ගනිමු. ඒ යටතේ කවර හෝ අන්තයක සිටින කණ්ඩායමක් අරලියගහ මැඳුරට ගෙන්වුවහොත්, එම වියදම් පරිසර අමාත්‍යංශයේ වියදම් ලෙස දරයි. මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද අමාත්‍යාංශ ලේකම් හරහා ඇමැතිවරයාගේ අනුදැනුමකින් පවා තොරව එම මුදල් ගෙවා දමයි. මේ උත්සාහ කරන්නේ ආඳා මාළු ඉරට්ටෙන් කන බව පෙන්වීමටය. එහෙත් සිහිනුවණින් බලා සිටින්නන්ට ඇත්ත තත්ත්වය පැහැදිලි වේ.
සාමාන්‍ය තත්ත්වයේ සිටින අය පමණක් නොව කඳුළු වියැකී නොගිය උතුරේ වැසියන්ද තමන්ගේ දෙපා මුලට ගෙන්වා ගැනීමට තරම් පහත් තත්වයට ඒකාධිපති වියරුව පත්ව සිටී. උතුරේ උකස් මධ්‍යස්ථානවල උකසට තබන ලද එම වැසියන්ගේ රන් ආභරණ එල්ටිටීඊ සංවිධානය විසින් කොල්ලකා ගත් බව කවුරුත් දනී. එම භාණ්ඩ හමුදාව විසින් සොයා ගන්නා ලදුව කවුරුන් හෝ කෙරුමෙකුගේ භාරයේ නීති විරෝධීව තබාගෙන සිට හදිසියේ බෙදා දීමට මහින්ද රාජපක්ෂට සිත් පහළ වී ඇත. ඒ සඳහා දහස් ගණනක ජනතාව අරලියගහ මන්දිරයට ගෙන්වා ගත්තේ විශේෂ දුම්රිය හතරක් යොදවමින්ය. ඵ 10 වර්ගයේ එන්ජින් සහිත මැදිරි දහතුනකින් යුත් දුම්රිය තුනක්ද, ී-11 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටල දුම්රියක්ද වශයෙන්ය
කොළඹ කොටුව සිට පලෙයි දක්වා සහ යාපනය දක්වා හිස් දුම්රිය යවා ජනතාව රැුගෙන විත් තිබේ. පසුව දෙසැම්බර් 04 වැනිදා ඔවුන් යළි උතුර දක්වා ප‍්‍රවාහනය කර නැවත 05 වෙනිදා දුම්රිය හතරම කොළඹ බලා ධාවනය කර ඇත්තේ හිස්වය. මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 10කට අධික මුදලක් වැය කර තිබෙන බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය ජනමාධ්‍යවලට හෙළි කර තිබිණ. මෙම වියදම් ප‍්‍රවාහන අමාත්‍යංශය දරන ඒවා මිස ජනාධිපතිගේ වියදම්වලට ඇතුළත් ඒවා නොවේ. ඉරට්ටෙන් කන බව පෙන්වීමට උත්සාහ කරමින් හත්පොළේ ගාගන්නේ මෙසේය.
වැලිකඩ බන්ධනාගාරයේ දඬුවම් ලබමින් සිටි සිරකරුවන් තිස් හය දෙනෙකු ඉතාම තිරිසන් ලෙස වෙඩි තබා ඝාතනය කිරීම කාලයේ වැලි තලාවෙන් වැසී යමින් තිබේ. රාජපක්ෂවරුන්ගේ කැතකුණු සෝදා පිරිසිදු කරන වීරවංස ඒ දිනවල ප‍්‍රකාශ කළේ දේශපේ‍්‍රමී මහින්දට විරුද්ධ කුමන්ත‍්‍රණයක් බන්ධනාගාරය තුළින් මතුවූ බවය. අනියමින් ප‍්‍රකාශ කළේ සිරකරුවන්ට වෙඩි තබා ඝාතනය කිරීම සාධාරණ බවය. ඒ එදාය. දැන් මහින්ද රාජපක්ෂගේ ජඩ ඡුන්ද ගේමට සිරකරුවන්ද යොදා ගැනීමට තරම් නින්දිත තත්ත්වයට පත්ව අවසන්ය. රටපුරා පවත්වන විවිධ රැුලිවල වේදිකා තැනීම ඇතුළු විවිධ ප‍්‍රචාරක කටයුතු සඳහා සිරකරුවන්ව යොදා ගන්නේ නිල් පැහැති ජම්පර් අන්දවාය. ‘ලංකා ටෲත්’ වෙබ් අඩවිය මේ බව මුලින්ම ඡුායාරූප සහිතව හෙළි කර තිබුණේ අකුරැුස්සේ පැවැති රැුලියකට සිරකරුවන් යොදා ගනිමින් සිටියදීය. බන්ධනාගාරයේ තූර්යවාදක කණ්ඩායම වෙනුවෙන් වෙන් කර තිබූ බස් රථයෙන් සිරකරුවන්ව ප‍්‍රවාහනය කිරීමට යොදාගෙන තිබිණ. හතළිහකට ආසන්න පිරිසක් මෙයට යොදාගත් බව වාර්තා විය.
එදා සිරකරුවන් ඝාතනය කිරීමට කිසි ගින්නක් රාජපක්ෂවරුන්ට නොවීය. ගින්න ඇති වූයේ මරා දමන ලද අයගේ පවුල්වල සාමාජිකයන්ටය. මෙදා එම පවුල්වල අයගේ ඡුන්ද කොල්ලකෑමට කිසි ගින්නක් නැතිව සිරකරුවන් යොදවා ගැනීමට තරම් අන්ත පහත් තත්ත්වයට වැටී අවසන්ය.
මහින්ද රාජපක්ෂ ටෙලිකොම් සමාගම්වල පාරිභෝගිකයන්වද තමන්ගේ සිරකරුවන් බවට පත් කර ගැනීමට ක‍්‍රියා කරමින් සිටී. රජයේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් ඒ සඳහා මුල පුරා ඇත. ‘කළගුණ’ යනුවෙන් නම් කරමින් වැඩිහිටියන් මත රාජපක්ෂගේ ‘පව්’ පටවන ඡුන්ද ගේම පිළිබඳව පසුගිය සතියේ කරුණු අනාවරණය කළෙමු. එහි ඊළඟ පියවර වශයෙන් දැන් කෙටි පණිවුඩයක් ලැබෙමින් පවතී. ඒ 0719674883 දරන අංකයක් යොදා ගනිමින්ය.
‘ජනාධිපතිතුමාගේ පණිවුඩ දැන් කෙළින්ම ඔබගේ ජංගම දුරකථනයට. ඵඍ ලෙස සඳහන් කර 2468ට දැන්ම ිපි කරන්න. ජයවේවා! යනුවෙන් පණිවුඩයක් ලැබේ. ඌව පළාත් සභා මැතිවරණයේදී ද මෙවැනි කුපාඩි පණිවුඩ ටෙලිකොම් සමාගමෙන් යැවීය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට මුලින්ම ඉදිරිපත් වූ 2005 දී ඇමරිකාවේ සිට ආනයනය කරන ලද ඩලස් අලහප්පෙරුම මේ මැතිවරණයේදී උපරිම වැඩ කොටසක් ඉටු කරමින් සිටී. ඔහු මේ වනවිට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැතිවරයාය. මෙම වසරේදී ඔහුගේ අමාත්‍යාංශයට රුපියල් කෝටි 1,008ක් වෙන් කර ඇත. ලබන වර්ෂයේදී එය රුපියල් කෝටි 1,250 දක්වා වැඩි කිරීමට ඇස්තමේන්තු කර තිබේ. ඩලස් අලහප්පෙරුම මෙම මුදල් යොදවන්නේ රටේ තරුණ තරුණියන්ගේ අනාගත යහපත වෙනුවෙන් නොවේ. නාමල් රාජපක්ෂට කිරීටය පළඳවන්න සැලසුම් කරන, ක‍්‍රියාත්මක කරන ව්‍යාපෘතියටය. මූලිකම කාර්යභාරය එය වන අතර දැන් මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති ගමනට පාවාඩ එළීම සඳහා ඒ සියලූ සම්පත් යොදවමින් හිඳී.
ඩලස් අලහප්පෙරුම හොර රහසේ ගෙන යමින් සිටින ඡුන්ද ගේමක් සඳහා මුළුමනින්ම යොදවාගෙන ඇත්තේ තරුණ සේවා සභාවේ කාර්ය මණ්ඩලය, සම්පත් හා මුදල්ය. මහින්ද රාජපක්ෂගේ පෝස්ටර්, පත‍්‍රිකා හා කැලැන්ඩර් බෙදා හරිමින් රහසිගතව පවත්වාගෙන යන මධ්‍යස්ථානයක් මහරගම පිළියන්දල පාරේ දොළේ කනත්ත හන්දියේ ඇත. එම හන්දියේ ‘සුනෙර ඉංජිනියරිං’ ආයතනය අසල පිහිටි සුවිසල් නිවසක් මේ සඳහා තාවකාලිකව කුලියට ගෙන ඇත.
තරුණ සේවා සභාවට අයත් උඡු-ඡුෘ 4688 දරන කළු පැහැති කැබ් රථය ද එහි කටයුතු වෙනුවෙන් පූර්ණ වශයෙන් යොදවා ඇත. එහි රාජ්‍ය ලාංඡුනය සහ තරුණ සේවා සභාවේ ලාංඡුනය ගලවා ඇත. ඒවා ගැලවූ ලකුණු එම රථයේ දැකගත හැකිය.
එම රහසිගත මෙහෙයුමේ පූර්ණ බලවතා තරුණ සේවා සභාවේ මෙහෙයුම් අධ්‍යක්‍ෂක අජිත් නාරංගල නැමැත්තාය. කොළඹ දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්‍ෂ ඞී.ජේ. සේනාරත්න සහ දිස්ත‍්‍රික් තරුණ සේවා නිලධාරී ඒ.ජී.ආර්. සෝමචන්ද්‍ර යන අය යටතේ කම්කරුවන් තිස්දෙනෙකු දිවා ? දෙකෙහිම යොදවා සිටිති. ආහාර සහ තේ ලබා දෙන අතර, එක් අයෙකු වෙනුවෙන් දිනකට රුපියල් 2,500/-ක දීමනාවක් ගෙවන බවද අනාවරණය වේ. රට පුරා පිහිටි පන්සල්වලට බෙදා හැරීම සඳහා පිරිත් පොත් ඇතුළු පාර්සල් කට්ටල් සූදානම් කිරීම එයට අලූතින්ම පවරා තියෙන කටයුත්තය. මෙම සියලූ කටයුතු සඳහා මුදා හැර තිබෙන මුදල කොපමණදැයි හෙළි නොවේ.
මේ දිනවල මහින්ද රාජපක්ෂට පිරිත් දේශනා කිරීමේ ව්‍යාපෘතියක් රට පුරා දියත් කර තිබේ. තරුණ සේවා සභාව, නිල් බලකාය හා දිවි නැගුම දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කර තිබේ. පිරිත් දේශනා පසුගිය 14 වෙනිදා නිදහස් චතුරශ‍්‍රයෙන් ආරම්භ කෙරිණි. දිස්ත‍්‍රික්ක 24 සඳහාම එහි සිට වාහන 24ක් පිටත් කර යවා ඇත. දිනකට පන්සල් තුනකට අවම වශයෙන් ගොස් ගම්වාසීන් සමග එක්ව බෝධිපූජා පවත්වා පිරිත් දේශනා කර සෙත් පැතීමට නියෝග කර තිබේ. පිරිත් දේශනා කරමින් යන රථයේ හාමුදුරුවන් වහන්සේලා පස් දෙනෙකුද ගිහියන් තිදෙනෙකුද අවම වශයෙන් රැුගෙන යනු ලැබේ. ඉන්ධන හා වාහන නඩත්තු වියදම් සියල්ල සභාවේ මුදලින්ය. රාත‍්‍රී ඉඳුම් හිටුම් අදාළ ප‍්‍රදේශවලින් ලබාගත යුතුය. දිස්ත‍්‍රික්ක 24 පුරා සැරිසරා දෙසැම්බර් 31 වෙනි දින කොළඹට පැමිණිය යුතුය. බෙල්ලන්විල රජමහා විහාරයේ පවත්වන බෝධිපූජාවෙන් සහ පිරිත් දේශනයෙන් එය නිමා කිරීමට නියමිතය.
නාමල්ට කිරුළු පැළඳවීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ගොඩදා තමන්ගේ තක්කඩි වංචාකාරී ජීවිතය ගැට ගසා ගැනීමට ඩලස් අලහප්පෙරුම මහජන මුදල් යොදවන්නේ මෙසේය. මහින්ද උඩ යන්නේ මෙවැනි වැඩවලින්ය. ඒ කවරක් කළද දැන් දැන් මහින්දගේ හැසිරීම සම්පූර්ණයෙන් බංකොලොත්කම ප‍්‍රදර්ශනය කිරීමක් බවට පත්ව අවසන්ය. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රහාරයන් සම්පූර්ණයෙන්ම මඟහැර යමින් පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන හමුවේ ආරක්‍ෂණවාදී ප‍්‍රහාරයක් දියත් කරමින් සිටී.
ඒ අනුව මහින්ද රාජපක්ෂට කීමට සිදුව තිබෙන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ආප්පත් කා පිටුපසින් සිට පිහියෙන් ඇන ගිය බවය. තිස්ස අත්තනායක එසේ නොකළ බවය. රනිල් වික‍්‍රමසිංහට දන්වා ඉවත්ව පැමිණි බවය. තම පුතුන්ට පොඩි කාලේ නම් හෙළිකොප්ටර් තුනක් අරන් දුන් බවය. විදුලි පුටුවට ගෙන යාමට සැරසෙන බවය. විරුද්ධවාදීන් මඩ ගසන බවය.
වෛරී දේශපාලනයක යෙදෙමින් තම පවුලේ උදවියට අපහාස කරන බවය. එහෙත් පුතුන් පළඳින රුපියල් එක් ලක්‍ෂ පනස් දහසේ රාජකීය සපත්තු ගැන නොකියයි. රුපියල් හැටදහසේ ඉණපටි ගැන නොකියයි. කෙසේ වෙතත් මහින්දගේ ආරක්‍ෂණවාදී ප‍්‍රහාරයද දැන් බිඳ වැටෙමින් තිබෙන බව ඉතාම පැහැදිලිය. ජේ.ආර්.ජයවර්ධන ආඳා මාළු ඉරට්ටෙන් කෑවද මහින්ද හත්පොළේ ගාගත්තා පමණය. ඉදිරියේදී මෙය වඩාත් බලවත් වියරුවක් වෙනවා මිස ගොඩ ඒමක් නම් ඇත්තේම නැති බව තහවුරුව අවසන්ය.
follow
aaaaaaaa
Monday, December 22, 2014
facbook
Contact Form
FEEDJIT
Popular Posts
-
මාධ්‍ය මාධ්‍ය සදහා නොව මාධ්‍ය ජනතාව සදහා විය යුතුයි මාධ්‍යක ප්‍රධාන කාර්යභාර්ය ජනතාවට ගමන් කළ යුතු දිසාන්තය වෙනුවෙන් මගපෙන්වීම ඒ සදහා මාධ්...
-
වයඹ පළාත් සභා මන්ත්‍රී ( එක්සත් ජනතා නිදහස් සන්ධානය) ලක්ෂ්මන් වෙඩරුව මහතා මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ස...
-
පැල්මඩුල්ල ප්‍රදේශයේ දැන් පැවැත්වෙන රැස්වීමට මැර ප‍්‍රහාරයක් එල්ල වූ බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහත...
-
වියරු වැටිසිටින ඒකාදිපතිවාදයේ ඉතාලි අනුගාමිකයන් විපක්ෂ ක්‍රියාකාරින්හට තර්ජන හා ගර්ජන සිදුකිරිමට පටන් ගෙන ඇතැයි මිලානෝ නුවර උපුටා දක්ව...
-
ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි බුද්ධි අංශ විසින් ව...
-
වෛද්‍ය ක්ෂේත්රයේ තිබෙන විශාලම වෘත්තිය සමිතිය වන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයේ විධායක සභාව අද උදැසන අටට පමණ නව ප්රජාතන්ත්රවාදී පක්ෂය...
-
පරාජයෙන් වියරු වැටුණු රා’ක්ෂ සුනඛයින්ගේ නිවට - බියගුළු කි්රයාවක්....... අද (25) රාත‍්‍රී 8.30 ට පමණ මාතර හක්මන පාරේ පිහිටි මාතර දිස්ති්ර...
-
කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට... ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහ...
-
කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන කතාව යසට ඔප්පු කරන්නට සමන්මලී සකලසූරිය අක්කා සමත් විය. අක්කාට "රහ වහ වී වහ...

Archive
-
▼
2014
(70)
-
▼
December
(70)
- dj-sp-remix
- පරාජයෙන් වියරු වැටුණු රා’ක්ෂ සුනඛයින්ගේ නිවට - බි...
- කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට
- එරාවුර්හි සිත්තන්ඩියේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඡන...
- සිරදඬුවමක් නියම වී බන්ධනාගාරගතව
- රටක අධිවේගි මාර්ග වැනි යටිතල පහසුකම් වැඩි
- Predictions for 2015 - http://goo.gl/ZixbGI
- මුතුහෙට්ටිගමට වරෙන්තු - ආරක්ෂකයින් තිදෙනාට ඇප
- මෛත්‍රී, රනිල් විශේෂ මාධ්‍ය හමුවක (VIDEO)
- මගේ ඇහෙනුත් කඳුළු බිංදුවක් වැටුනා
- කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන ...
- මේ රටේ පාලකයා වැනි දාමරික දුෂිත අල්ලස් සංස්කෘති...
- තරුණ පරපුර මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධයි - “අලුත...
- සුභාශිංසන පණිවුඩය රනිල් වික්‍රමසිංහ
- ආදරණිය රාජ්‍ය සේවකයින් නැවතත් වරක් මුලා කරලා. 50...
- ඡන්ද ප්‍රතිඵලයක් කලින්ම
- මෛත්‍රීට ජය පතා ලන්ඩනයේ පිංකමක්
- ජාතික සඟ සමුළුවේ සහාය මෛත්‍රීට
- තිස්ස අත්තනායකට මෛත්‍රීගෙන් නඩු
- නැගෙනහිර සභානායක මෛත්‍රී ට
- K.P වහාම නීතිය හමුවට ගෙන එනු… අපරාධ වලට දඩුවම් දෙනු…
- හමුදා බලය යොදා පරාජය යටපත් කිරීමේ රාජපක්ෂගේ කුමන්ත...
- විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් වැඩිහරියක්ම මහින්ද රාජ...
- මහින්ද රාජපක්ෂගේ ඔටුන්න කුමරු පුත් නාමල් රාජපක්ෂ
- අද තැපැල් ඡන්ද සළකුණු කිරීමේ ප්‍රතිශතය සියයට 70 ක්.
- රහසිගත ගිවිසුමක් නෑ. තිස්ස පෙන්නුවේ ව්‍යාජ ලියවිල්...
- රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකුගෙන් පිල් මාරුවක්.
- වියරු වැටිසිටින ඒකාදිපතිවාදයේ ඉතාලි අනුගාමික...
- මාධ්‍ය මාධ්‍ය සදහා නොව මාධ්‍ය ජනතාව සදහා විය යුත...
- කල ගුණ සලකන්න කියල අපිත් ගියපාර දුන්න තමයි. එ...
- වඳුරඹ රැස්වීම් භූමියේ ගිනි තැබීම සම්බන්ධයෙන් අව...
- කොටියා කව්ද..? ඇමැති සුසිල් කොටි සමග හෙලුවෙන්..!!
- රාජපක්ෂලාගේ චීන කොමිස් ගැහිල්ල ...
- පොලොව ඉඹින මහින්ද දැක රණවිරුවෝ හූ කි...
- මෙන්න අප වෙත ලැබුණු පුවතක් ප...
- Janitha Kumara (FB
- No title
- බොරු අත්සන් දාලා ගිවිසුම් හදන්න අපිටත් පුලුවන්
- විශේෂ දැනුම් දීමයි.හෙට...
- මෛත්‍රීට ඡන්දෙ දෙන්නැයි ආනන්දසංගරී කියයි ...
- ඇමැති සමඟ 70ක් මෛත්‍රී...
- පොලීසියෙන් සිසුන්ට ප‍්‍රහාරයක්
- ගණිකා මඩම් පිටුපස සුමේධා
- දකුණේ ධීවර ඇමති කොරියානු රැකියා මගඩියක
- පුළුවන් නම් වත්කම් - බැරකම් හෙළිකරන්න......
- මහින්දගේ කටවුට් රැකීමට පොලිසියේ 9000 ක් රටපුරා...
- රත්නසිරි වික්‍රමනායක මෛත්‍රී ට..
- විමල්ගෙ එකක් සහ මහින්...
- ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී දැවැ...
- ජනාධිපතිගේ වියදම්වල විශේෂම තත්වය පවතින්නේ මෙම වසරේ...
- ලංකා නැගූ ප්‍රශ්ණය - ඔබ වාද පිටියේදී කළ වැඬේ ...
- පරාජය අභිමුව වියරු වැටීම”ජනවාරි 08 වැනිදායින්...
- විධායකයා, ඉහගෙන කනහැටි මහින්ද රාජපක්ෂ විසින් කැ...
- සිරකරුවන් පවා යොදාගත් මහින්දගේ ඡුන්ද ගේමආඳා මාළු...
- රිෂාඩ් බදුර්දීන් සමග මන්ත්‍රීවරුන් 76 ක් විපක්ෂය...
- ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සහායත් මෛතිටපොද...
- පැරැුදුනු ජනාධිපති බලය අත්හැරියේ නැත්නම් ති‍්‍ර...
- රටේ ජනතාව රවටා.. තමනු...
- මුස්ලිම් කොංග්‍රසයේ සහාය මෛත්රීපාලටමුස්ලිම් ක...
- ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී දැ...
- http://dinushaarea.blogspot.com
- රටේ ජනතාව දිනපතා ආණ්ඩුවට ගෙවන බදු මුදල්වලින් පාලකය...
- රටේ ජනතාව දිනපතා ආණ්ඩුවට ගෙවන බදු මුදල්වලින් පාලකය...
-
▼
December
(70)