follow

aaaa
aaaa

Monday, December 22, 2014

            පොලොව ඉඹින මහින්ද දැක රණවිරුවෝ හූ කියති!
ආබාධිත රණවිරුවන්ගේ සුභ සාධන කටයුතු සදහා ආධාර පිණිස පෙරේදා (20) වේයන්ගොඩ නයිවල සණස ශාලාවේදී ජනප්‍රිය විකට නාට්‍ය ශිල්පී විල්සන් ගුණරත්නගේ ‘චරිත අටක්' ප්‍රහසනාත්මක වේදිකා නාට්‍ය වේදිකාගත කොට ඇත.
මෙම නාට්‍ය නැරඹීම සදහා විශේෂ බලකායේ ආබාධිත සෙබළුන්, රාගම රණවිරු සෙවනේ ආබාධිත සෙබළුන් ආදී වශයෙන් ත්‍රිවිධ හමුදාවේ ආබාධිත සෙබළුන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටිනු දක්නා ලදී.
මෙම නාට්‍යයේ එක් චරිතයක් වන වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චරිතය රඟ දැක්වීම ආරම්භ වන්නේ ඔහු 2009 වසරේ යුධ ජයග්‍රහණයෙන් පසු විදේශයක සිට පැමිණ කටුනායක ගුවන් තොටුපොලේදී ලක්පොලොව සිඹින ආකාරය නිරූපනය කරමිනි.
නාට්‍ය ශිල්පී විල්සන් ගුණරත්න මහතා එසේ එම දර්ශනය ආරම්භ කිරීමත් සමග ආබාධිත රණවිරුවන්ගෙන් හොඳ අත්පොලසන් නාදයක් බලාපොරොත්තු වුවද ඔහුව මවිතයට පත්කරමින් ආබාධිත රණවිරුවන් සියළුදෙනා පාහේ එක දිගට හූ කීමට පටන් ගෙන ඇත. තම කන් අදහා ගත නොහැකි වී ඇති විල්සන් ගුණරත්න චරිතය රඟපෑම පසෙක තබා පුදුමයෙන් ශාලාවේ අසුන් ගෙන එක හඬින් හූ කියන ආබාධිත සෙබළුන් දෙස විනාඩි ගණනක් බලාසිට ඇත. ‘ඕකා තමයි අපේ පඩියටත් කෙලියෙ. යුද්දෙ කලේ අපි. මූ යුද්දෙ විකුණන් කාලා අපිට සලකන්නෙ මෙහෙමයි' යනුවෙන් ශාලාවේ හතරවටින් ආබාධිත සෙබළුන් කෑ ගසද්දී නාට්‍ය නැරඹීම සඳහා විශේෂ ආරාධිතයන් ලෙස පැමිණ සිටි මේජර් ජෙනරාල්වරුන් සහ බ්‍රිගේඩියර්වරුන් එකිනෙකාගේ මුහුණු බලාගෙන ති‍බේ. ( FB 
Mirisa/මිරිස)

facbook


Contact Form

Name

Email *

Message *