follow

aaaa
aaaa

Wednesday, December 24, 2014

තරුණ පරපුර මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධයි - “අලුත් පරපුර

තරුණ පරපුර මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධයි - “අලුත් පරපුර”
දෙවන සංස්කරණය -
කසුන් කල්හාර, මොහාන් රාජ්මඩවල, ජගත් මනුවර්ධන, ඉන්ද්‍රචාප ලියනගේ, අමා විජේසේකර සහ සමනලී ෆොන්සේකා ඇතුළු කලාකරුවන් විශාල පිරිසකගෙන් සමන්විත “අලුත් පරපුර” සංවිධානය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවක් අද (23) පිටකෝට්ටේ සෝලීස් ශාලාවේදී පැවැත්වින.
එහිදී අදහස් දැක්වූ කලාකරුවන් ප්‍රකාශ කර සිටියේ තව දුරටත් බියෙන් සැකෙන් නොසිට ගමින් ගමට ගොස් වත්මන් පාලනය වෙනස් කිරීමට ජනතාව දැනුමවත් කරන බවයි.
එහිදී අදහස් දැක්වූ කලාකරුවන් ප්‍රකාශ කර සිටියේ මෙවර මැතිවරණයේදී තරුණ පරපුර විශාල වශයෙන් වත්මන් පාලනයට විරුද්ධ බවයි. සමාජයේ අසාධාරනකම්වලට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් සංවිධානය වී ඇති බවත්, එය පාලකයන්ට උහුලාගත නොහැකිව ජාත්‍යන්තර කුමන්ත්‍රණ නමින් හදුන්වන බවත් ඔවුන් පවසයි.
ප්‍රජාතන්තුවාදී අයිතිවාසිකම් නැතිවී යනවාට, නීතියක් නැතිව යනවාට මිනිසුන් බිය විය යුතු යැයිද ඉන් මිදීමට මේ පැමිණ ඇත්තේ අවසාන අවස්ථාව බැවින් පෙරට විත් සත්ය තේරුම් ගෙන ක්‍රියා කරන්නැයි සුප්‍රකට ගායන ශිල්පී කසුන් කල්හාර අද ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු එසේ ඉල්ලා සිටියේ පවතින පාලනයට එරෙහිව ‘මුලාවෙන් මිදෙමු‘ සටන් පාඨය යටතේ ‘අලුත් පරපුර‘ එහිදී එම කලා කරුවන් ‍වැඩිදුරටත් මෙසේ අදහස් දක්වන ලදී..
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ෆේස් බුක් ගිණුමට එක් දිනයක් ඇතුළත කැමැත්ත පළ කිරීම් (ලයික්) ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආවා. මහින්ද රාජපක්ෂ මහතාට දින දහයක දී හැත්තෑ නම දහසක් කැමැත්ත පළ කිරීම් ලැබී තිබුණා. දළ වශයෙන් ගත්තොත් ජනාධිපතිට දවසට කැමැත්ත පළ කිරීම් අට දහසක් පමණ එද්දි සිරිසේන මහතාට ලක්ෂයකටත් වැඩි ප්‍රමාණයක් ආවා.
ඡන්දෙට සති දෙකයි තියෙන්නේ. අපි දැක්කා සඳුදා විශ්ව විද්‍යාල සිසුන්ට පහර පොලිසියෙන් පහර දුන් ආකාරය. ඡන්දයක් අත ළඟ තියාගෙන මෙහෙම නම් මොවුන් ඡන්දෙන් දිනුවොත් මොනවා කරයිද

facbook


Contact Form

Name

Email *

Message *