follow

aaaa
aaaa

Monday, December 22, 2014

දකුණේ ධීවර ඇමති කොරියානු රැකියා මගඩියක

        දකුණේ ධීවර ඇමති කොරියානු රැකියා මගඩියක        දකණු පළාත් සභාවේ ධීවර ඇමතිඩී. වී. උපුල් තරුණ,තරුණියන් එකසිය පණස් දෙනකුට අධික පිරිසකට කොරියානු රැකියා ලබා දෙන බව පවසා රුපියල් 59,000.00 ක් බැගින් ලබාගෙන රුපියල් ලක්‍ෂ අසූවක් පමණ වංචා කර ඇති බව හෙළි වේ.

පසුගිය පළාත් සභා මැතිවරණ සමයේ මෙම මුදල් ලබාගෙන මැතිවරණ වියදම් සඳහා යොදවා ඇති බව අනාවරණය වේ. මැතිවරණය අවසන් වී පොරොන්දු වූ නියමිත කාලසීමාවේ දී රැකියා ලබා නොදීම නිසා මුදල් ගෙවූ පිරිස් විසින් අදාළ මුදල් ආපසු ඉල්ලා තිබේ.
මෙම පිරිස කණ්ඩායම් වශයෙන් ස්ථාන කීපයකට පසුගිය මාසයේ දින කිහිපයක දී ගෙන්වාගෙන අදාළ මුදලට සරිලන චෙක්පත් ලබා දී ඇත. ලංකා බැංකුවේ අඟුණකොළපැලැස්ස ශාඛාවෙන් නිකුත් කළ චෙක් පත් මෙසේ ලබා දී තිබේ. චෙක් පත් මුදල් කර ගැනීමට යාමේ දී ලංකා බැංකු කළමනාකරුවන් කීප දෙනකු ම පවසා ඇත්තේ ගිණුමේ මුදල් තිබෙන නමුත්පළාත් සභා ධීවර ඇමතිවරයාගේ ලිඛිත දැනුම් දීමක් නොමැතිව මුදල් ලබා දිය නොහැකි බවයි.

මේ නිසා වංචාවට හසු වූ පිරිස් නැවත ඩී. වී. උපුල්ට ඒ බව දැන්වීමෙන් පසු නොවැම්බර් මස දෙවැනිදායින් පසු මුදල් ලබා දෙන බව නැවත දන්වා ඇත.          

facbook


Contact Form

Name

Email *

Message *