follow

aaaa
aaaa

Tuesday, December 23, 2014

තිස්ස අත්තනායකට මෛත්‍රීගෙන් නඩු

තිස්ස අත්තනායකට මෛත්‍රීගෙන් නඩු
අමාත්‍ය තිස්ස අත්තනායක මහතා ඊයේ කළ ප්‍රකාශය පිළිබඳ තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ (22) ශ්‍රිලංනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සහ සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එජාපය අත්සන් කල ගිවිසුම මව්බිම පාවාදෙන සහ රණවිරුවන් ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන යන බරපතළ ගිවිසුමක් බවයි.
එම ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බවත් තිස්ස අත්තනායක මහතා පෙන්වූ එම ගිවිසුමේ සඳහන් තමන් හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ඒවා බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසී ය.
ඔහු මේ බව පැවසූවේ මේවන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ රනිල් වික්‍රමසිංහ මහතා හා තමන් කිසිදු ලියවිල්ලක් අත්සන් කර නොමැති බවයි.

facbook


Contact Form

Name

Email *

Message *