follow

aaaa
aaaa

Sunday, December 21, 2014


                          රටේ ජනතාව රවටා.. තමනුත් රවටා ගන්නා මහින්ද ?
”ආයෙ මොන කතා ද?...... මේ සෙනඟ දැක්කම..... අපි දිනුම්” ජනාධිපති මහින්ද ඉතා සතුටින් දෑත් වනමින්, නව යොවුන් තරුණයෙකු පැනගෙන එන විලාශයෙන් වේදිකාවට පිවිස ජනතාව ඇමතුවේ උද්දාමයෙනි.
මහනුවර සෙන`ග මොන සෙන`ගක් ද මේක ජන ගංගාවක්...... කියමින් ගිරිය කඩාගෙන අමුතුම ස්වරයකින් විමල් වීරවංශ කෑගැසුවේ ද අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ පැවැති සන්ධානයේ මංගල රැුළියේදී ය.
ලංගම බස් 1,000ක් පමණ යොදා ලංකාවේ හතර දිග්භාගයෙන් මිනිසුන් අද්දවා මේ ආකාරයට මහින්ද රැුවටුවේ කවුද? කෑම-බීම, රුපියල් 500-1,000 දී තෝරා ගත් ආසන සංවිධායකයන්ට අඩුම වශයෙන් බස් රථ පහක් සීට් පිරෙන්නට ගෙනා යුතු බවට උපදෙස් දී ඒ ගෙනා සෙන`ග පෙන්වා රටත්, ජනාධිපතිත් රැුවටූයේ කවුද?
මහින්ද රාජපක්ෂගේ පක්ෂියා රජ කරන අවසන් දින කීපය මෙය බවත් එළැඹෙන කාලය අපල බවත්, පවසා කල් පිරෙන්නට වසර දෙකක් තිබියදී හදිසි ”ජනාධිපතිවරණයක්” කැඳවීමට උපදෙස් දී ජනාධිපතිවරයා මුළා කළේ කවුද?
නීති විරෝධී ලෙස ජනාධිපතිවරණය කැඳවීමට කටයුතු යොදන විට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ඇති ඉඩකඩ අහුරනු පිණිස ‘මත විමසුමක් කර’ ජනාධිපතිවරණය පැවැත් වීමට උපදෙස් දුන්නේ කවුද?
මැතිවරණ පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයට අංගයක් වුවද, මෙම ජනාධිපතිවරණය දරු උපතට මාස ගණනක් තිබියදී සැත්කමකින් දරුවා ලබා ගැනීමට යාම වැනි භයානක - නීති විරෝධී කි‍්‍රයාවකි.
යුද ජයග‍්‍රහණයෙන් පසු උද්දච්ඡු, අත්තනෝමතික පාලනයක් ඇරඹුණු බව ආණ්ඩුවේ මැති-ඇමැතිවරුම පිළිගනිති. රජෙකු පරදවා යුද්ධයෙන් දිනන අය ඒ රටම භුක්තියට ගන්නාසේ මහින්ද ජනාධිපති කල්පනා කරන්නේ මේ රට සැමදාම ඔහුට ණයගැති බවය. මේ රටේ සිටි සියලූම නායකයන් යුද්ධය, යුද්ධයෙන් අවසන් කිරීම සඳහා හෝ සාකච්ඡුා ම`ගින් විසඳුම් සෙවීමට උත්සාහ දරන ලදී. මේ රටේ ජනතාව හා ති‍්‍රවිධ හමුදාවේ කැපවීමක් මත ත‍්‍රස්තවාදී යුද්ධය මහින්ද රාජපක්ෂ සේනාධිනායක ලෙස සිටියදී අවසන් කරන ලදී. ඒ වෙනුවෙන් සදාකාලිකව මේ රටේ පාලකයා වීමට හෝ රටේ සම්පත් සූරා කා ඇති තරම් ධනය උපයා ගැනීමට අයිතියක් ඔහුට නැත. දැන් සිදුවෙමින් පවත්නේ එය නොවේද?
රාජකීය අශ්වයා
පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන පසුගිය දිනක හෙළිදරවු කළේ රාජපක්ෂ පවුලේ පරිහරණයට ආණ්ඩුවේ මුදල් වැය කර හෙලිකොප්ටර් හයක් හා වෙඩි නොවදින සුපිරි වාහන ගණනාවක් ගෙන්වූ බවයි. රජ පවුලේ බාල පුතා සිය මිතුරියට තෑගි කළේ එංගලන්තයේ රාජකීය අශ්වයෙකු බවද කියවේ. ‘මැදමුලන’ ගොවිකමෙන් දිවි ගෙවූ පවුලක සංවර්ධනය අපූරුය. හැබෑ වත්කම් හෙළිවන්නේ බලය ගිලිහුණු දාටය. බැසිල්ගේ හා ගෝඨාභයගේ පවුලේ අයට විදෙස්වල ඇති ධනය පිළිබඳව ද පසුගිය දා හෙළිදරව් වී තිබේ. රටේ සංවර්ධනය මුවාවෙන් ‘පවුලක්’ වසර හතරකදී උපයා ඇති මහා ධනස්කන්දය පිළිබඳව නුදුරේදීම හෙළිදරව්වෙනු නො අනුමානය. රටේ ජනතාවද මේ සෙල්ලම ගැන දනිති. රජ පවුල එසේ රට මංකොල්ල කද්දී මැති-ඇමැති නඩය ද, ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ද හැකි උපරිම ආකාරයට රට හූරාගෙන කා අවසානය.
කාලයක් විවිධ ආකාරයෙන් පිපිරෙමින් තිබූ අභ්‍යන්තර අර්බුදය දැන් එළිපිටම ර`ගදැක්වෙමින් තිබේ. මෙතෙක් කල් ජනතාව ආරංචි මාර්ගවලින් පමණක් ඇසූ හොරකම්, ¥ෂණ, වංචා, කොමිස් ගැහිලි හා ‘පවුලක්, රටක්’ ගිලගන්නා හැටි, සාක්කි සහිතව පක්ෂයේ සිටි ප‍්‍රබලයන්ගෙන්ම අසන්නට ලැබේ. ‘දෙයියෝ සාක්කි, මුන්ට හෙණ ගහන්ට ඕනෑ’ යයි ජනතාව කියන්නේ ඒ නිසාය.
‘අපි අවුරුදු හතරක් සංවර්ධනයෙන් ලද ප‍්‍රතිලාභ දැන් බෙදන බව’ ජනපති කීවේ ළ`ගදීය. දුගී, මගී, යාචකයන්ට දන් දෙන්නට ජනාධිපතිවරණය පැමිණෙන තුරුම ආණ්ඩුවට නොහැකි විය. බැසිල් මල්ලී දිවි නැ`ගුමෙන් රට න`ගද්දී කෘෂිකර්ම ඇමති හා වෙළෙඳ ඇමති අහරින් රට ස්වයංපෝෂිත කර ඇති අයුරු අපූරුය. පොහොර දී, බීජ දී සහන දුන් රටේ සහල් ඇටයක හෝ සංචිතයක් නැත. අද ආසනික් ඇති සහල් පවා පිටරටින් ගෙන්වා බඩගින්න නිවීමට සිදුව තිබේ. මේ වසර කීපයට ජනාධිපති මහින්දගේ, බැසිල්ගේ හා නාමල් රාජපක්ෂගේ ඡුායාරූප, කටවුට් හා බෝඞ් ගැසීමට වියදම් කර ඇති මුදල කෝටි ගණනකි. සංවර්ධනයට පින් සිදුවෙන්නට අද රටේ ජනතාව දෙවේලක් බඩගින්නේ සිටිති. මහින්ද ගැති, ජාවාරම්කාර, පවුල් කීපයක් සැප විඳිනවා හැරෙන්නට රට ලද සංවර්ධනයක් නැත.
ගමේ පාරක් අඩි 50ක් කොන්කී‍්‍රට් කළා නම්, රුපියල් ලක්ෂයක් යටිමඩි ගැසුවේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රය. නාගරික මන්තී‍්‍රය. ගමේ, නගරයේ පාලමක්, පොදු ගොඩනැඟිල්ලක් ඉදි කළා නම්, ප‍්‍රාදේශීය දේශපාලනඥයාගේ මල්ලට ගාණක් ගියේය. මන්තී‍්‍රවරු, ඇමැතිවරු ඉහළ කොන්ත‍්‍රාත්වලින් කොමිස් ගත්හ. මේ ආකාරයට පළාත් පාලන, පළාත් සභා මැති, ඇමැතිවරු ගැරූ අයුරු ජනතාව දනිති. රුපියල් 5,000/= දීමනාවක් ලැබූ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර, නාගරික මන්තී‍්‍ර පාවිච්චි කරන වාහනය ලක්ෂ 80-100කි. මෙහෙම සුපිරි දිවියක් ගත කිරීමට මොවුන්ට ආදායම කොහෙන්ද?
ලෝක වාර්තාවක්
දැන් දැන් හෙළිදරව් වන පරිදි, විශේෂයෙන් පසුගිය දා ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක ”ස්වර්ණවාහිනියේ” ”මහජන සේවය පිණිසයි” සාකච්ඡුාවේදී හෙළිදරවු කළ පරිදි ලෝකයේ ‘අධිවේගී මාර්ගවල වියදම් සැසැඳීමේදී අපේ රටේ ගිය වියදම ලෝක වාර්තාවකි. ඒ මුදලින් මාර්ග ‘තාර’ කාපට් නොව ‘රත්තරංවලින්’ කාපට් කිරීමට තිබිණි. දේශපේ‍්‍රමී යයි කියන පළමුවෙනියටත්, දෙවෙනියටත්, තුන්වෙනියටත් ‘මව්බිම’ කියමින් පපුවට ගසා ගන්නා අපේ නායකයා රට ණය උගුලේ පටලවා උපයා ඇති ධනස්කන්දය සෙවීමට රාජපක්ෂ රෙජීමයට බලය අහිමි විය යුතුමය.
මේ නීති විරෝධී ජනාධිපතිවරණය කැඳවා ගත්තේ කවුද? අභියෝගයකින් තොරව මැතිවරණ දිනාගෙන ‘මහින්ද චින්තනය’ - ‘ඉදිරි දැක්ම’ - ‘තුන්කල් දැක්ම’ ලෙස නිමක් නොපෙනෙන ඈතකට ගෙන යෑම ජනාධිපතිගේ අපේක්ෂාව විය. දැන් වැඬේ අමාරු බව දැන කියන්නේ ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාව හා දේශීය කුමන්ත‍්‍රණකරුවන්ගේ අවශ්‍යතාවය වන්නේ, පරාජයෙන් පසු ජනාධිපතිවරයා ”හේග් නුවර” අධිකරණයට ‘මීහරකෙක්’ වගේ ඇදගෙන ගොස් නඩු අසා, විදුලි පුටුවේ ඉන්දවීම බවයි. එදා ශිරාණී බණ්ඩාරනායකගේ නඩුව තක්කඩි, ¥ෂිත ඇමති ?නක් දමා පැය 24න් අසා තනතුරෙන් ඇද දැමුවාසේ යුද අපරාධ නඩු අසන බව මේ අය විශ්වාස කරනවා වන්නට ඇත. ලෝකයම හිනස්සවන මෙහෙම බොරු කීමට අපේ ජනාධිපති මහින්දට සිදු වූයේ ඇයි?
තමා කියන ආකාරයට මානුෂීය මෙහෙයුම කළා නම්, රටේ සංවර්ධනයේදී හොරකම් කළේ නැති නම්, පාලන කාලයේදී ¥ෂණ-වංචා සිදුවූයේ නැත්නම් දෑත්වල ලේ ගෑවී නැත්නම්... යහපාලනයේ නිරත වූයේ නම්, නීතිය අයාලේ නොයැවූයේ නම් මහින්ද ජනාධිපති බලය ගිලිහෙනවාට බිය ඇයි? ‘මම ජනතාවගේ රජු නෙමේ. භාරකරු පමණයි’ කියූ මහින්දට තමා ජනාධිපතිවරණය පැරදේ යැයි බියෙන් අහසෙන් බිමට බැස ජනතාව සොයා පාරට බහින්නේ ඇයි?. රට ස්වයංපෝෂිත නම්, රට සංවර්ධනය වී ඇත්නම්, ජනතාවට සහන සලසා ඇත්නම් අපේ රටේ ජනතාව මහින්දට ඡුන්දය නොදෙන්නේ ඇයි.? රට ආසියාවේ ආශ්චර්යයට ගෙන ගියා යයි කියන ආණ්ඩුවට ජනතාව විශ්වාස නැද්ද? අද වෙස්සන්තර වී බොහෝ දෑ දෙමින් ජනතාව රවටා යළි බලය ලබා ගැනීමට ද`ගලන්නේ ඇයි.?
දොල පිදේනි
අද ආණ්ඩුව වෙහෙස වන්නේ ඡුන්දය දිනා ගැනීමට නොව තම මැති-ඇමැතිවරු රැුක ගැනීමටය. ප‍්‍රාදේශීය සභා, නගර සභා මන්තී‍්‍රවරුන්ට දහස් ගණනින් දීමනාව වැඩි කර, යතුරු පැදි ලබා දී ඡුන්දයට වියදම් කිරීමට ද ලක්ෂ ගණනින් දෙන්නේ ඔවුන් රඳවා ගැනීමටය. මැති-ඇමැතිවරුන්ට ආසන සංවිධායකවරුන්ට ලක්ෂ ගණනින් බෙදා තිබේ. පනින්ට යන අයට ‘දොළ’ කෝටි ගණනිනි. වාහන පර්මිට්ය. සංඝයාගේ ආශීර්වාද ලබා ගැනීමට පවා තීරුබදු රහිත වාහන බලපත‍්‍ර ලබාදී ඇත්තේ බලය රඳවා ගැනීමටය.
අද ගෙම්බන් මෙන් මේ පනින පිරිස පනින්නේ රට ගැන ජනතාව ගැන ආදරයෙන් ද? ජනතාව ආර්ථික අසීරුතාවලින් පෙළෙන විට, රට ණය උගුලේ හිර කර අසාර්ථක ව්‍යාපෘති හරහා කෝටි ගණනින් ගසා කන විට, රට මතට, සූදුවට නීත්‍යනුකූලව හුරු කරන විට නීතිය වෛශ්‍යා වෘත්තියේ යොදවන විට මේ කිසිදු අයෙකුට ආණ්ඩුවෙන් අස් වී ජනතාවට සත්‍ය හෙළිදරවු කිරීමට නොහැකි වූයේ ඇයි? දැන් මෛතී‍්‍රපාල හා කීපදෙනෙකු එළියට පැමිණ සටනක නියැළෙද්දී දෙපැත්තේම කකුල් තබාගෙන සිටින පිරිස ශුද්ධවන්තයින් ද? දැන් සමහරු මෛතී‍්‍රගේ දොස් සොයමින්, කියමින් ඒ ¥ෂිත ජනාධිපති ක‍්‍රමය හා ජනාධිපති සම`ගම එක්වී සිටින්නේ රටට ජනතාවට ආදරය නිසාද? සමහරු කියන්නේ ඔවුන්ට ‘මහින්දගෙන්’ කෙනෙහිළිකම් සිදුවූ බවය. එසේ නම් එළියට නොබැස තනතුරු බදාගෙන, ආසයි-බයයි රංගනයක යෙදෙන්නේ ඇයි? අනෙක් අතට ජනතාව දන්නා පරිදි මේ රට මංකොල්ල කෑවේ මහින්ද හා පවුල විතරක් නොවේ. මේ ආණ්ඩුවේ බොහෝ මැති-ඇමැතිවරුන් ද කෝටි ප‍්‍රකෝටිපතියන් වී සිටින්නේ පරම්පරාගත ධනයෙන් නොවේ. අද මහින්දගේ ආණ්ඩුවේ විවිධ තනතුරු දරමින්, මෛතී‍්‍ර ළ`ගට ද රිංගන අය ගැන අපට තොරතුරු ලැබී තිබේ. දැන් තව ඉදිරියට මේ ආණ්ඩුව පෙරළෙන බවට හොඳටම ඉව වැටුණොත් ඒ පැත්තට පනින්නට ද පිරිසක් සූදානම්ව සිටිති. රට ඇති ඛේදනීය තත්ත්වයෙන් මුදා ගැනීමට මේ ආකාරයට හැකිවේ ද? පසුගිය දා ආචාර්ය නිර්මාල් රංජිත් ප‍්‍රකාශ කර තිබුණේ මර්වින් සිල්වා පොදු විපක්ෂයට නොගත යුතු බවකි. එවැනි ¥ෂිත, තක්කඩි චරිත කොතරම් මේ ආණ්ඩුවේ සිටීද?
අනෙක් අතට මහින්ද ජනාධිපතිවරයාට දැන් එ.ජා.ප. හිටපු ලේකම් ද සිටී. එ.ජා.ප.යේ සිටි ¥ෂිතම මැති-ඇමැතිවරු විශාල පිරිසක් ද සිටී. දැන් ඔහුට ශුද්ධ වූ යූ.එන්.පී.යක් හැදීමට වුවත් පුළුවන. වටේ නිලධාරීන් ද යූ.එන්.පී.යේම නිසා වැඬේ ලේසිය. යූ.එන්.පී.යේ අය ළ`ගට ගෙන ඉහළ තනතුරු දෙනවිට ශී‍්‍ර ලං.නි.ප.යේ අය තව තවත් කලකිරෙන බව මහින්ද වටහා නොගන්නේ ඇයි? ඊ ළ`ගට තම බලතුලනය රැුක ගැනීමට අවශ්‍ය නිසා මොන වැරැුද්දක් කළත්, මොන ¥ෂිත හොරකම කළත් මහින්දට නිහඬ වීමට සිදුව ඇත්තේ ඔවුන් අස් වී යාමට ඉඩ ඇති නිසාය.
ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා ගොඩනැෙඟන පොදු සන්ධානය ද හොරුන්ගෙන් පිරුණු හොර ගුහාවක් වනවාට ජනතාව කැමැති වන්නේ නැත. ‘අන්න හතළිහක් පැන්නා’ කියා සතුටු වෙන පිරිසක් ද සිටිය හැක. එය තාවකාලික උත්තේජනයක් පමණි. ‘ඇටි කෙහෙල් කන උගුඩුවාට වන දෙය’ නව සන්ධානයට නොවිය යුතුය. කිසියම් ප‍්‍රමිතියක් ඇතිව දැන්මම ‘යහපාලනයට’ මාර්ගය හදා ගැනීම ඔවුන්ගේ යුතුකමක් හා වගකීමකි. මේ ආණ්ඩුවේ රට කෑ හොරු රැුළම මෙහාට පැන රට පාලනය කරන්නේ නම්, විනාශයේ අන්තයට රටත්, තමාත් ළංවී සිටින ‘මහින්ද වඩා හොඳ යැයි ජනතාව ද සිතනු ඇත. එවිට රට විනාශ වී ආණ්ඩුව ද විනාශ වී වැටෙන ¥විලි මත, අළු මත නව රටක් නිර්මාණය වනු ඇත. නව යුගයක් ඇරඹෙනු ඇත. අශුද්ධ සන්ධානයකට හා අරාජික පාලනයකට වඩා ඒ යහපත්ය.
කොක්ක හා කෙක්ක
මේ මැතිවරණය කොක්කෙන් හෝ කෙක්කෙන් දිනා ගැනීම මහින්ද ජනාධිපතිගේ ස්ථාවරය බව පැහැදිලිය. ඔහු පැරදීමට හෝ පරාජය භාරගෙන බලය අතහැර දැමීමට සූදානම් නැත. ඊට සාධක ලෙස කරුණු-කාරණා බොහොමයක් දැන් සිදු වන රහසිගත දේවලින් පැහැදිලිය. සහෝදර රෙජීමය දැනට එවැනි සූදානමක් ඇති බව දැනට රට දැනගැනීම ප‍්‍රමාණවත්ය. පොදු සන්ධානයට ද ජනතා අභිප‍්‍රායයන් වටහාගෙන ඔවුන්ගේ සකී‍්‍රය දායකත්වය දිගටම රඳවා ගැනීමට කටයුතු කළ යුතුව ඇත. කොහොමටත් මේ රටේ අද පවතින තත්ත්වය තුළ යහපත් සාමකාමී මැතිවරණයක් හෝ බල හුවමාරුවක් බලාපොරොත්තු වීම සිහිනයකි. මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වුවහොත්, දැන් වසර ගණනාවකදී ඔහු ගොඩනඟන ලද තක්කඩි කල්ලියේ ද පරාජයකි ඒ. ඔවුන් ද ඒ ක‍්‍රමයම පවත්වා ගැනීමට ඇති තරම් මුදල් වියපැහැදම් කරනු ඇත. පරාජයෙන් පසුවද යටි උගුල් අටවනු ඇත. එදා එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක වෙඩි තබා ඝාතනය කළේ ඔහු බලයට පත් කිරීමට දර-දිය ඇද එහෙත් අපේක්ෂා භංගත්වයට පත් කල්ලිය බව කවුරුත් සිහියේ තබාගත යුතුය.
කෙසේ වුවද අද මහින්ද හා ආණ්ඩුව දැඩි පසුබෑමකට ලක්ව සිටින බව පැහැදිලිය. හදිසියේ ජනපති මහින්ද ‘තිරුපති’ යන්නේ තමා කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වී ඇති බව ඔහු දන්නා නිසාය. අද අරලියගහ මන්දිරය ”ශාස්ත‍්‍රකරුවන්ගේ” හා ”කට්ටඩින්ගේ” ගුබ්බෑයමක් වී ඇති බව පැවසේ. ස්වකීය ආත්ම ශක්තිය විනාශ වූ අය බොහෝ දෙනෙකු අන්ධ භක්තියෙන් දෙවියන් හා යක්ෂයන් පසුපස යන බවත්, සාස්තර, පිල්ලි, හූනියම්වලට යොමු වන බවත් නොරහසකි. දැනට මාස 3-4කට පෙර ලොව අභීත ජනනායකයා ලෙස පෙනී සිටිමින්, රටක් ඉදිරියේ ‘අද්විතීය’ නායකයා යයි කියූ මහින්ද ජනාධිපති ‘තිරුපති’ කෝවිලේ දෙවියන්ට කැප වස්ත‍්‍ර පොරවාගෙන වැඳගෙන සිටින අයුරු දකින විට ‘රජෙකු යැයි සිතා සිටි අයෙකුට’ ගිය කළ යයි අපට ඇතිවන්නේ දුකකි. ලංකාවේ මෑත දේශපාලනයේ සාස්තරකාර, හොර කට්ටඩියන් පසුපස ගියේ පේ‍්‍රමදාස ජනාධිපතිය. සුර රාශියක් පැළඳ සිටි ඔහු මහපාරේ ඝාතනය වන බව කිසි සාත්තරකාරයෙකු කීවේ ද නැත. අද ඒ සියලූ වාර්තා බිඳහෙළා ඇත්තේ මහින්ද ජනාධිපතිය. කි‍්‍රකට් තරගයක දිනුම-පැරදුම කීමට බැරිවූ කට්ටඩියන් පිටුපස දුවන ලෝකයේ එකම රාජ්‍ය නායකයා ඔහු විය යුතුය. මේ අය කරන්නේ ද ජනපති රැුවටීමය.
පසුගියදා නාවුල පැවති රැුස්වීමක දී ඔහු කීවේ ඊළ`ගට ‘විනයගරුක රටක්’ හදන බවය. හොර එතනෝල් ජාවාරම්කාර බදු හොරෙකු වන නියෝජ්‍ය ඇමැති ළ`ග තබාගෙන හදන විනයගරුක රට ගැන අමුතුවෙන් කිවයුතු නැත. අද බොරු කියා ජනතාව රවටා බලය ලබාගෙන, ඉදිරියේදී කෙලෙස රට පාලනය කරන්නද? බදු වැඩිකර ‘ඡුන්ද ගුණ්ඩු’ ආපසු හැරවීමට හමුදා බලයෙන් රට ගෙන යෑමට ඉදිරියේදී සිදු නොවන්නේ ද? තමාගේ පාලනයට වචනයෙන් හෝ විරුද්ධත්වය දැක්වූ අයගෙන් පලි නොගෙන සිටී ද? යළි යූ.එන්.පී.යෙන් ගත් අය හා ශී‍්‍ර ලං.නි.ප.යේ අය අතර ගැටුම් ඇති නොවේද? තුනෙන් දෙකේ බලය මෙන්ම විදේශ ණය තව ලබා ගැනීමටත් පුළුවන් ද? අද මේවා ගැන කවුරුත් සිතිය යුතුය. තම ‘සංවර්ධනය’ ජනතාව අනුමත කරන්නේ දැයි දැන ගැනීමට අල්ලසෙන් තොර, රාජ්‍ය බලයෙන් තොර මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය සාධකයකි. වංචාවෙන්, කුමන්ත‍්‍රණයෙන් දිනන ඡුන්දයක ආනිශංස දැනෙන්නේ පසුවටය. අද යූ.ඇන්.පී.යෙන් ආ අය ලවා ශී‍්‍ර ලං.නි.ප. අයට ශී‍්‍ර ල.නි.ප.ය ගැන, බණ්ඩාරනායකවරු ගැන, යහපාලනය ගැන කරවන දේශනා අපූරුය. මේ පාලනයට සහතික දෙන සියලූ දෙනා අවසානයේ රට වැටෙන විපතට වගකිය යුතුය.
පනිනවුන් ගණන් කරමින් රටේ ජනතාව තමන් රැුවටීමට ලක් වනවාද, මේ ‘රාජාණ්ඩුව’ බිඳ දමා නිදහස් වෙනවා දැයි තීරණය කිරීම රටේ ජනතාවට භාරය.
ඒ වගකීම එසේ විවෘතව පවතිද්දී, ”අනේ මෙහෙම ආසාවක් - අනේ මෙහෙම තණ්හාවක්, මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්....?” කියා අපට ඇසීමට සිදු වන්නේ පරාජයට බයේ මේ ආණ්ඩුවේ හොරු රැුළ අද ද`ගලන, දැ`ගලිල්ල දකින විටය.

facbook


Contact Form

Name

Email *

Message *