follow

aaaa
aaaa

Monday, December 22, 2014

විධායකයා, ඉහගෙන කනහැටි

මහින්ද රාජපක්ෂ විසින් කැඳවන ලද නීති විරෝධී ජනාධිපතිවරණය සඳහා ”ජනාධිපති මහින්ද රාජපක්ෂ” නාම යෝජනා දුන්නේය. ඉනික්බිති පැය විසිහතරක් යන්තම් ගෙවුණු තැන ඉන්දියාවේ තිරුපති කෝවිල බලා අතිවිශේෂ ගුවන් යානයකින් ගියේය. මෙරට දී බිම ඇන තියාගත නොහැකි රාජකීය පශ්චාද් භාගය තිරුපති කෝවිලේදී බිම ඇන තියා ගත්තේය. නොපෙනෙන මිථ්‍යා බලවේග වන්දනාවකට පසු පැමිණි වහාම පරමාධිපත්‍යය හිමිව තිබෙන්නේ යැයි කියන මහජනතාව අන්දන්නට පටන් ගත්තේය. ඒ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය පුටුවෙන් ඇද දමමින් අනුරාධපුරයේ සිටය. මහින්ද රාජපක්ෂගේ මංගල ප‍්‍රචාරක රැුළිය අනුරාධපුරයේ සිට ජාතික රූපවාහිනිය ම`ගින් සජීව විකාශනය කිරීමෙන් මහින්ද දේශපි‍්‍රය පුටුවෙන් බිම හෙළීය.
මහින්ද රාජපක්ෂට මේ බලය ලැබුණේ තිරුපති කෝවිලේ නොපෙනෙන බලවේග නිසා නම් නොවේ. 1977දී ජේ.ආර්.ජයවර්ධන හඳුන්වා දුන් විධායක බලතල සහිත ඔටුණු නොපලන් රජුට 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔටුනුපලන් ඒකාධිපති බලතල හිමිකර ගැනීම තුළින්ය. අතිගරු ජනාධිපතිතුමා විධායකගේ ප‍්‍රධානියා ලෙසද, ති‍්‍රවිධ හමුදාවේ අණදෙන නිලධාරියා ලෙසද ”රාජ්‍ය ප‍්‍රතිපත්ති හා බලතල කි‍්‍රයාත්මක කිරීම” නිල කාර්ය භාරය වශයෙන් ලිඛිතව හඳුන්වා තිබේ. මෙකී නිල කාර්යභාරය ඉටුකිරීම සඳහා රටේ ජනතාවගේ මුදල්වලින් වාර්ෂිකව ප‍්‍රතිපාදන වෙන් කෙරේ. එය මුදල් අමාත්‍යාංශයට අයත් කාර්යයක් ය. වර්තමාන මුදල් ඇමතිත් මහින්ද රාජපක්ෂම වන බැවින් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වාර්ෂික මුදල් ප‍්‍රතිපාදන මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ විසින් වෙන්කර දෙනු ලැබේ. කාටත් තේරෙන බාසාවෙන් කියන්නේ නම් හැන්ද හැළිය අතේ ඇති එකාට ඉහගෙන කෑ හැකිය. එය කෙතරම් නින්දිතව කරන්නේ දැයි පැහැදිලි වන්නේ ඔක්තෝබර් 24 වෙනිදා ඉදිරිපත් කළ 2015 අය-වැය කතාවට දවස් දහයක් ගෙවී ගිය තැන නොවැම්බර් 04 වෙනිදා එම වසර සඳහා වැය ශීර්ෂය රුපියල් කෝටි 35,600කින් වැඩිකර ගැනීම තුළින්ය. මේ ජනාධිපතිවරණ සමයේ මෙතරම් මුදලක් කුමන ගේම්වලට යොදා ගන්නේ දැයි හෙළිකර ගත යුතුව තිබේ.
මහින්ද රාජපක්ෂ විධායක බලයට පත්වීමෙන් පසුව හැන්ද හැළිය අතට ගෙන නිල වශයෙන් නිකුත් කරන රජයේ ගිණුම් වාර්තාවලට අනුකූලව පාරදෘෂ්‍ය භාවයෙන් යුතුව ඉහගෙන කා තිබෙන ආකාරය මහජනතාව නොදනී. අවශ්‍ය කෙනෙකුගේ දැනගැනීම සඳහා තොරතුරු හෙළිකර තිබීම වැදගත්ය. 2007 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා ජනාධිපතිගේ වියදම් ප‍්‍රමාණය ආසන්න අගයට බිලියන 43කට අධිකය.

2007
රුපියල් හාරසිය පනස්අට කෝටි හතළිස් අටලක්ෂයක් (රුපියල් 4,584,787,000/=*

2008
රුපියල් හයසිය පන්කෝටි හතළිස් තුන්ලක්ෂයක් (රු:6,054,261,000/=*

2009
රුපියල් හයසිය තිස්හතර කෝටි අසූනව ලක්ෂයක් (රු:6,348,911,000/=*

2010
රුපියල් හත්සිය හැටපන්කෝටි පනස්හතර ලක්ෂයක් (රු:7,655,465,000/*

2011
රුපියල් පන්සිය හයකෝටි තිස්එක් ලක්ෂයක් (රු:5,063,176,000/=*

2012
පන්සිය අනූතුන්කෝටි හැටඑක්ලක්ෂයක් (රු:5,936,078,000/=*

2013
රුපියල් අටසිය විසිදෙකෝටි පනස්ලක්ෂයක් (රු:8,224,977,000/=*

ජනාධිපතිගේ වියදම්වල විශේෂම තත්වය පවතින්නේ මෙම වසරේය. මුල් ඇස්තමේන්තුව රුපියල් අටසිය පනස්හත් කෝටියක් (රු:8,569,170,000/=* ය. එය පසුව සංශෝධනය කරමින් රුපියල් එක් දහස් පනස් කෝටිය (රු:10,499,103,000/=* දක්වා රුපියල් එකසිය අනූතුන් කෝටියකින් (රු:1,929,933,000/=* ඉහළ දමාගෙන තිබේ.

මෙම වියදම්වල කැපී පෙනෙන වර්ධනය 2009 වර්ෂයෙන් පසුව දැකිය හැකිය. ඒ දක්වා යුද්ධය පැවැති කාලයේ ”සේනාධි නායකයා” වශයෙන් ආරක්ෂාව ඇතුළු විවිධ හදිසි සහ අත්‍යාවශ්‍ය වියදම් වශයෙන් මුල් ඇස්තමේන්තු ඉක්මවා වියදම් ඉහළ යාම පිළිගත හැකි තත්වයක්ය. අවම වශයෙන් එවැනි සාධාරණ තර්කයක් හෝ මතු කිරීමේ ඉඩක් තිබිණ. එහෙත් 2009 දී යුද්ධය නිමා කිරීමෙන් පසුව ජනාධිපතිගේ වියදම් රුපියල් කෝටි 635 (රු:6,348,911,000/=* සිට රුපියල් කෝටි 1050 (රු:10,499,103,000/=* දක්වා දළ වශයෙන් රුපියල් කෝටි 415කින් ඉහළ ගොස් තිබීම කවර ලෙසකින් හෝ පිළිගත නොහැකි ඉහගෙන කෑමක් ය. ජනාධිපතිගේ වියදම් සම්බන්ධ මෙම තොරතුරු ඉදිරිපත් කරන්නේ එක් එක් වර්ෂයට අදාළ ”අය-වැය ඇස්තමේන්තුව” නම් කාණ්ඩ තුනකින් යුතු විශාල ග‍්‍රන්ථවලින් උපුටාගෙනය. අපට සොයාගත හැකිවූ 2007 වසරේ ජනාධිපතිගේ වියදම රුපියල් කෝටි 458 සම`ග සසඳන විට 2014 වසරේ රුපියල් කෝටි 1050 යනු වසර අටක් තුළ එම වියදම ඉතා පැහැදිලිව 229% දක්වා ඉහළ දමා ගැනීමක් ය.

ජනාධිපති බේරාගැනීමේ ලොන්ඩරිකරුවන් විසින් මෙම වියදම් සඳහා වැරදි අර්ථකතන ලබාදෙමින් ”අතිගරු ජනාධිපතිතුමා යටතේ පවතින විවිධ ආයතන වෙනුවෙන් දරන වියදම් මේ යටතේ තියෙනවා” යැයි කිව හැකිය. එහෙත් එය බොරුවක්ය. වෙනත් වියදම් වශයෙන් ඇත්තේ ”හිටපු ජනාධිපතිවරුන්ට පහසුකම් සැපයීම” යන වියදම පමණය. 2013 දී ඒ සඳහා රුපියල් මිලියන 29ක් වෙන්කර ඇති අතර, දැන් එය මිලියන 5 දක්වා කපාහැර තිබේ. මහින්ද රාජපක්ෂ යටතේ තිබෙන ”ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය” යන්න වැදගත්ය. ඒ සඳහා රුපියල් මිලියන 170ක් වෙන්කරගෙන තිබේ. මෙහි විකාර රූපී හාස්‍යයක් තිබේ. එනම් මහින්දගේ ලොන්ඩරිය සඳහා යොදවා ගෙන සිටින අනුර පි‍්‍රයදර්ශන යාපා ”ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති” ලෙස සිටියදී එහි ලේකම් කාර්යාලය මහින්ද රාජපක්ෂ යටතේ තබා ගැනීමය. විකෘති හාස්‍යය තවදුරටත් වැඩි කරන්නේ මහින්දට මේ සඳහා රුපියල් මිලියන 170ක් වෙන්කර ගන්නා විට අනුර යාපාට වෙන්කර දී තිබෙන්නේ රුපියල් මිලියන 163ක් වීමය. අමාත්‍යාංශවලට ප‍්‍රතිපාදන වෙන්කිරීම යටතේ අන්තිම ලන්සුව දී ඇත්තේ ද මේ ලොන්ඩරි බාස්ටය.

මහින්ද රාජපක්ෂගේ විදේශ සංචාර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය. ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ වෙනම යානා වෙන්කර ගෙන හැත්ත බුරුත්තක් පටවාගෙන යාම ඔහුගේ සාමාන්‍ය ක‍්‍රමයයි. එසේ නොවන්නේ තිරුපති කෝවිලට ගියා වැනි ගමන්වලදී පමණය. හදිසියේ පැදුරටත් නොකියා ඇමරිකාවට ගියා වැනි ගමන්වලදීය. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2008 දී දේශීය ගමන් වියදම් සඳහා ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ හැටහයක් වියදම් කරන අතර, විදේශ ගමන් වියදම රුපියල් කෝටි තිස් අටක්ය. 2009 දී දේශීය ගමන් වියදම එක්කෝටි හාරලක්ෂයක් වන අතර විදේශ ගමන් වියදම කෝටි තිස්හතක්ය. 2010 වසරේදී දේශීය ගමන් වියදම රුපියල් ලක්ෂ අනූවක්වන අතර විදේශ ගමන් සඳහා රුපියල් කෝටි තිස්අටක් දරා තිබේ.

2011 වසර සඳහා දේශීය ගමන් වියදම් රුපියල් එක්කෝටි එකොළොස් ලක්ෂයක්ය. විදේශීය ගමන් වියදම රුපියල් කෝටි හැටහයක් ය. 2012 වසර වන විට දේශීය ගමන් වියදම එක්කෝටි දස ලක්ෂයක් සහ විදේශීය ගමන් වියදම රුපියල් කෝටි හැත්තෑ නවයක් විය. එමෙන්ම 2013 වසර වන විට දේශීය ගමන් වියදම් රුපියල් කෝටි දෙකක් සහ විදේශීය ගමන් වියදම රුපියල් කෝටි 115 දක්වා වාර්තාගත ඉහළ මට්ටමකට ළ`ගාවී තිබිණ. මෙම වසර සඳහා දේශීය ගමන් වියදම් රුපියල් කෝටි දෙකක් ලෙස සහ විදේශ වියදම් කෝටි අසූවක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. 2013 වසර අනුව බලන විට මෙම වසරේ අඩුවක් ඇති බව මෙයින් තහවුරු නොවේ. මන්ද හදිසි ඇමෙරිකානු ගමන් වියදම් සහ තිරුපති කෝවිලට ගිය වියදම් පාප්වහන්සේගේ සංචාරයට ආරාධනා කිරීමට ගිය වියදම් වැනි බොහෝ දෑ ඇස්තමේන්තුවට පිටින් ඇති බැවිණි.

යුද්ධය අවසන් කළේ තමන් බව කියා ගනිමින් මහජන ධනය හිතූ ලෙස ඉහගෙන කෑමට යොදා ගන්නා අයුරු මෙයින් පැහැදිලිවේ. 2008 දී මහින්ද රාජපක්ෂගේ දේශීය සහ විදේශීය සියලූ ගමන් වියදම් රුපියල් කෝටි 39 (රු:385,727,000/=* වන විට එය 2013 අවසානයේ රුපියල් කෝටි 117 (රු:1,172,388,000/=* දක්වා තුන් ගුණයකින් වැඩිකරගෙන ඇත. මෙම වසර අවසන් වන විට කුමන තත්වයක පවතී දැයි සිතාගත නොහැකිය. තමන්ගේ මැතිවරණය කෙසේ හෝ ජයග‍්‍රහණය කිරීම සඳහා එකම ප‍්‍රචාරක රැුළියට උඩින් මහින්ද යන අතර ඔහුගේ ආරක්ෂිත මෝටර් රථය ඇතුළු ආරක්ෂකයින් බිමින් ගමන් කරයි. ආරක්ෂිත මෝටර් රථය පටවාගෙන යන කැඩියර් රථයට කිලෝමීටරයට රුපියල් 360/= බැගින් ගෙවිය යුතුය. ඉතිං නම් ඒකාධිපති වියරුව වෙනුවෙන් තම තමන් කරගහන ආර්ථික කොටස ගණනය කර ගැනීම ජනතාවටම බාර කිරීම සුදුසුය. තුර`ග තරග සඳහා ඔට්ටු අල්ලන මිනිසුන් කරගහගෙන සිටින බර ගැන පේ‍්‍රමකීර්ති ද අල්විස් ලීවේ ”මිනිසෙකු පිට නැගි අසරුවෙකි” කියාය. මිනිසුන් පිට ඒකාධිපතියන් හෝ වෙනත් එවැනි ගනයේවුන් නැ`ග සිටීම පිළිබඳව කළ නිර්මාණ අප රටේ ඉතා හි`ගය.

මෙයට පෙර ද හෙළිකර තිබෙන පරිදි මහින්ද රාජපක්ෂගේ කුටුම්භය සතුව පවතින්නේ අසීමිත රථගායක්ය. 2005 වසර අවසන් යාමයේ චන්ද්‍රිකා ජනාධිපතිවරිය ධුරයෙන් ඉවත්ව යනවිට එම ධුරය වෙනුවෙන් වෙන්කර තිබූ වාහන සංචිතයේ වටිනාකම රුපියල් තුන්කෝටි නවලක්ෂ දසදහසක් ය. (රු:30,910,000/=* පසුගිය 2013 වසර අවසන්වන විට එය රුපියල් තුන්සිය හතළිස් කෝටි හය ලක්ෂ අසූ අටදහස (රු:3,400,688,000/=* දක්වා වැඩි කරගෙන තිබිණ. චන්ද්‍රිකා වසර දොළහකට ආසන්න කාලයක් ජනාධිපතිකම් කළ අතර, අති බිහිසුණු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකට හසුවී ජීවිතය ආරක්ෂාකර ගැනීමට හැකිවූ වෙඩි නොවදින රථ ඇතුළු සියලූ රථවල වටිනාකම රුපියල් තුන්කෝටි නවලක්ෂයක් ය. මහින්ද රාජපක්ෂගේ කාලයේ 2006 පටන්ගෙන යුද්ධය අවසන් කළ 2009 වන විට රථවාහන සංචිතය රුපියල් කෝටි 241 ඉක්මවා තිබිණ. යුද්ධය අවසන් වී 2013 අවසන් වන විට ගෙවීගිය සිව්වසර තුළ රුපියල් කෝටි සියයකට ආසන්න මෝටර් රථ ලබාගෙන ඇත්තේ වාහන පිස්සුවට මිස අන්දේකට නොවන බව පැහැදිලිය.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සභාපතිවීමේ ඔටුන්න දාගැනීමට මහින්දට තිබූ හීනය පසුගිය වසරේ හැබෑ කර ගන්නා ලදී. මේ වෙනුවෙන් දරන ලද මුළු වියදම කොතෙක් දැයි වර්ෂයක් ගෙවීගොස් තිබුණ ද නිශ්චිතව හෙළිකර නැත. එහෙත් එයට සහභාගිවූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් ගෙන්වූ රුපියල් කෝටි පන්සිය ගණනක අධි සුඛෝපභෝගී මෝටර් රථවලට කුමක් වූයේ දැයි පැහැදිලි නැත. එය තිබියදී පසුගිය වසරේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රුපියල් තිස් එක්කෝටි පනස් තුන්ලක්ෂ පනස්හතර දහසක මෝටර් රථ මිලදී ගෙන තිබිණ. මෙයට එකතු වන තවත් අදහාගත නොහැකි දෙයක් තිබේ.

මේ වසර ආරම්භයේදීම ජනවාරි විසි වෙනිදා පරිපූරක ඇස්තමේන්තුවක් මගින් අමතර රුපියල් විසිකෝටි හැටහතර ලක්ෂ හැටහතර දහස් දෙසිය දහයක් ලබාගෙන තිබිණ. අය-වැය විවාදයට එක්වෙමින් නොවැම්බර් 24 වෙනිදා ජවිපෙ නායක අනුර දිසානායක හෙළිකර තිබුණේ ලබන වසරේ වාහන නඩත්තුවට පමණක් රුපියල් කෝටි 250ක් වෙන්කර ඇති බවය. ඉහගෙන කමින් ජනතාව ඇන්දවීමේ තරම හෙළිවන්නේ එම වාහන ගැනීමට යොදා තිබූ හේතුව බලන විටය. ”විශේෂ අමුත්තන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කිරීමට අධිආරක්ෂිත රථ මිලදී ගැනීම වෙනුවෙන් ප‍්‍රතිපාදන සැලසීම” යනුවෙන් දක්වා තිබිණ. අගෝස්තු මස හයවෙනි දින ද පරිපූරක ඇස්තමේන්තුවක් මගින් රුපියල් 17,500,000/=ක් වෙන් කරගෙන ජනාධිපති සඳහා වාහනයක් ගෙන තිබේ.

මෙම වසර සඳහා පරිපූරක ඇස්තමේන්තු මගින් වාහන ලබා ගැනීමට තව කොපමණ මුදල් යොදවා තිබේදැයි නිශ්චිතව හෙළිවන්නේ ලබන වසරේ අපේ‍්‍රල් පමණ වන විටය. විධායක ජනාධිපති ධුරයේ හිඳිමින් මහජන ධනය ඉහගෙන කන ආකාරය නිල වශයෙන් හෙළිවන්නේ මේ ආකාරයටය. එක් ප‍්‍රදේශයක පවත්වන රැුළියකට ලංකාවේ අටදිග් භාගයේම ලංගම බස් රථ යොදවා සෙන`ග ඇද ගනිමින් ස්වයං රැුවටීමක යෙදී සිටින මහින්ද තිරුපති කෝවිලේදී පශ්චාද් භාගය බිම ඇනගෙන යදින්නේ කුමකට දැයි මෙම තොරතුරුවලින් පැහැදිලිවේ. කිසිවෙකු ප‍්‍රශ්න නොකරන අසීමිත ඉහගෙන කෑමකට විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ ඉඩ තිබෙන බැවින්ය.
නමුත් ජනතාවගේ අවධානය යොමු කරන්නේ වෙනතකටය. අනුරාධපුර රැුළිය පවත්වමින් ගොතගසා කීවේත් දැන් කියමින් සිටින්නේත් වෙනත් කතාය. ”හැබැයි කොටියා ඉන්නවා තාම. උන් මෙහේ නොවෙයි. කැළෙත් නොවෙයි ඉන්නෙ. උන් ඉන්නෙ පිටරට. පිටරට..... හැංගිලා....... මේ මොකාටද එන්නෙ? මේ එන්නෙ විධායකයා වශයෙන්, ව්‍යවස්ථාවේ සේනාධිනායකයා. උන්ට ඕනෑ දැන් සේනාධිනායකයා කවුද කියල අහගන්ඩ.” අනේ උන් හරිම පව් කියා අපට හිතෙන්නේය. මහින්ද රාජපක්ෂ ප‍්‍රකාශ කරන ආකාරයට ”උන්” තොත්ත බබ්බුය. මේ රටේ විධායකයා, සේනාධිනායකයා කවුද කියා නොදන්නා තොත්ත බබුන්ය උන්. එය එසේ නම් මහින්ද රාජපක්ෂට කළ හැකි ජිල්මාට් එකක් තිබේ. එනම් ”මේ රටේ විධායකයා..... සේනාධිනායකයා” මෛතී‍්‍රපාල සිරිසේන බව වාර්තා කර හැරීමය. එසේකර කිසිම ගේමක් නැතිව තවත් වසර හයක් මේක ඉහගෙන කෑ හැකිය. මේ බේගල්වලට තවදුරටත් මුලාවන්නේ දැයි ජනතාව තීරණය කළ යුතුය.

facbook


Contact Form

Name

Email *

Message *