follow

aaaa
aaaa

Sunday, December 21, 2014

පැරැුදුනු ජනාධිපති බලය අත්හැරියේ නැත්නම් ති‍්‍රවිධ හමුදාවේ වගකීමද වෙනස් විය යුතුයි
ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති
නීතිඥ උපුල් ජයසූරිය
ලංකා - ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයට නිල ස්ථාවරයක් තියෙනවද?
නීතිඥ උපුල් ජයසූරිය - අපගේ නිල ස්ථාවරය මෙයයි. ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය හැමදාම නිර්පාක්ෂික සංගමයක්. කිසිම පක්ෂෙකට සම්බන්ධවෙලා නැහැ. කිසිම පක්ෂයක අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන්නේ නැහැ. නමුත් හැමවිටම නීතිය, සාමය සහ යුක්තිය රජ විය යුතු සමාජයක් තුළ අපේ කාර්ය භාරය ඉටු විය යුතුයි. ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයට විශේෂ අරමුණු දෙකක් තියෙනවා. පළවෙනි අරමුණ තමයි නීතියේ ආධිපත්‍යය සඳහා පියවර ගැනීම. දෙවැන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයන් වෙනුවෙන් සටන් කළ යුතු බවත් ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. මෙම අරමුණ තුළ නීතිඥ සංගමයේ කවුන්සිලය විසින් (නීතිඥයන් 700කට අධික) ඒකමතිකව තීරණයක් ගත්තා මෙම ජනාධිපතිවරණයේ නීත්‍යාණුකූලව පියවර ගැනීම සම්බන්ධයෙන්. එනම් ජනාධිපතිවරණයේ නොයෙක් නොයෙක් නොයෙක් ප‍්‍රතිපාදනයන් තියෙනවා. නොයෙක් වැරැුදි හඳුන්වලා තියෙනවා. මේ වැරැුදි අපේක්ෂකයන් අතින් හෝ පක්ෂ අතින් හෝ එහෙමත් නැත්නම් පොලිසිය අතින් හෝ අනෙකුත් පාර්ශ්වයන් අතින් නොකළ යුතු බවට සහ ඒ සඳහා ගත යුතු සෑම මට්ටමේම පියවරක්ම ගැනීමට අපි යෝජනා සම්මත කරගත්තා ඒකමතිකව.
ලංකා - මොනවද ඒ යෝජනා?
නීතිඥ උපුල් ජයසූරිය - යම්කිසි අවස්ථාවක පොලිසිය සමඟ හෝ අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටීම. සමහර විට පහර දීම් සිද්ධ වෙනවා. පහර දෙන පුද්ගලයන් පිළිබඳව කිසිම විමර්ශනයක් කෙරෙන්නේ නෑ. වෙඩි තැබීම් වෙලා තිබුණා. මේ වන විටත් කළුතර මග්ගොන ප‍්‍රදේශයේදී වෙඩි වැදිච්ච පුද්ගලයෙක් ඉතාමත් බරපතල ත්ත්වයක ඉන්නවා. ඔහුට පහර දුන් පුද්ගලයන් අද වෙනකම් අත් අඩංගුවට අරගෙන නෑ. ඔහුට පහර දුන්නයි කියලා කියන්නේ වගකිව යුතු ඇමැතිවරයෙක්ගේ කිට්ටු ඥාතියෙක්. ඊට අමතරව මාවතගම සිද්ධියක් වුණා. එතැනදීත් පහරදීම් සිද්ධ වුණා. ඒ උදවියත් අත් අඩංගුවට අරගෙන නෑ. මහනුවරදී එක්තරා දේශපාලන රැුස්වීමකින් පස්සේ එම ශාලාවට පහරදීම් කරලා තිබුණා ඩිෆෙන්ඩර් රථ වලින් ඇවිල්ලා. කිසිම නීත්‍යානුකූල පියවරක් පොලිසිය ගන්න බවට අපට පේන්න නෑ. ජනාධිපතිවරණ පනතේ 74වැනි වගන්තිය යටතේ පෝස්ටර්, කටවුට්, ආදිය ප‍්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. ඒක උල්ලංඝනය කරමින් පෝස්ටර්, කටවුට් ගහලා තියෙනවා. මේවා සම්බන්ධව පළාත් පාලන ආයතන වලට වෙනම නීති තියෙනවා. ඊට අමතරව පොලිසිය බලන් ඉදිද්දී තමයි මේ දේවල් සේරම කරලා තියෙන්නේ. 74 වගන්තිය යටතේ පොලිසියේ යුතුකමක් තියෙනවා මේ කටවුට් ඉවත් කිරීම සඳහා.
ලංකා - පොලිසියේ මාධ්‍ය ප‍්‍රකාශවරයා කියලා තිබුණා නේද මේවා ඉවත් කිරීම පොලිසියේ වගකීමක් නෙවෙයි කියලා?
නීතිඥ උපුල් ජයසූරිය - ඔව්. එහෙම කියලා තිබුණා. ඒ පුද්ගලයා නීතිඥ මහත්මයෙක් කියලා කියනවා. එතුමා මේ නීතියවත් හරියට හදාරලා නෑ. 74 වගන්තිය යටතේ පොලිසියට වගකීමක් තියෙනවා මේ සඳහා කි‍්‍රයාත්මක වීමට.
74 පහ එක වගන්තිය මේකයි.
‘‘ විධි විධාන පිළිබඳව යම් උල්ලංඝනය කිරීමක් වැලැක්වීම සඳහා සාධාරණ ලෙස අවශ්‍ය විය හැකි පියවර ගැනීම හා බලය පාවිච්චි කිරීම යම් පොලිස් නිලධාරියෙකු විසින් කරනු ලැබිය හැකි අතර ඒ උල්ලංඝනයෙහි ලා පාවිච්චි කරනු ලබන යම් අත්පති‍්‍රකාවක්, දැන්වීම් කොළයක්, දැන්වීමක්, අපේක්ෂකයෙකුගේ ඡුායාරූපයක් සලකුණක්, චිත‍්‍රයක්, කොඩියක් හෝ පතාකයක් තහනමට ගැනීම සහ ඉවත් කිරීමට කටයුතු කරනු ලැබිය හැකිය’’
එතකොට පොලිසිය මේ කි‍්‍රයාවන් කරලා නැහැ. ඊට අමතරව එක්තරා මන්දිරයකට රජයේ නිලධාරීන් සහ ජන කොටස් කැදවලා ඒ අයට සංග‍්‍රහ කිරීම කරගෙන යන බව මාධ්‍යයෙන් අපට දකින්නට ලැබුණා.
ලංකා - මැතිවරණ කොමසාරිස්වරයාත් කියන්නේ මේවා වැලැක්වීමට ඔහුට බලයක් නැති බවයි.
නීතිඥ උපුල් ජයසූරිය - මෙහෙමයි මේවා නීති විරෝධී කි‍්‍රයා හැටියට ජනාධිපතිවරණ පනතේ හඳුන්වා දී තිබෙනවා. නීත්‍යානුකූල මැතිවරණයක් පැවැත්වීම මැතිවරණ කොමසාරිස් තුමාගේ පරිපතයට අයත් යුතුකමක්. නීත්‍යානුකූල මැතිවරණයක් පැවැත්වීමට නම් අයතු බලපෑම් කිරීම, ඒ කියන්නේ 78වෙනි වගන්තිය යටතේ,79වන වගන්තිය යටතේ අල්ලස ලබා දීම එහෙමත් නැත්නම් කන්න බොන්න දීම, තෑගි දීම, දූෂණ කි‍්‍රයාවන් හැටියට ඒ පනත යටතේ හඳුන්වනවා. මුදල් ලබා දීම. මොන දෙයක් කියලා හෝ මුදල් ලබා දීම එහි අදහස වෙනුයේ යම් කිසි අපේක්ෂකයෙකුට සහයෝගය ලබා දීම නම් ඒ නීති විරෝධියි. එතකොට මේ නීති විරෝධි දේවල් සිද්ධ වෙනවනම් ඒක සාධාරණ මැතිවරණයක් වෙන්නේ නැහැනේ. ඒ නීති විරෝධි දේවල් වලක්වා ගැනීම මැතිවරණ කොමසාරිස් වරයාගේ කි‍්‍රයාවලියක්.
ඊළඟට ප‍්‍රචාරණය සම්බන්ධව පවා, රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කිරීම සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයා මේ වෙන කොට නිර්ණායකයන් ලබා දීලා තියෙනවා රාජ්‍ය මාධ්‍ය වලට සහ පුද්ගලික මාධ්‍ය වලට. පුද්ගලික මාධ්‍යවලට ලබා දීලා තියෙන නිර්ණායකයන් කි‍්‍රයාවට නැංවීම සඳහා නීතිමය පරිපතයක් නොතිබුණාට රාජ්‍ය මාධ්‍ය සඳහා දෙන උපදෙස් සහ නියෝග පිළිපැදීමට රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය සේවකයන් හැටියට බැදී ඉන්නවා. මොකද රාජ්‍ය නිලධාරියෙක් මැතිවරණ කොමසාරිස්. එතුමා දෙන නියෝගය පිළිපැදිය යුතුයි ඕනම රාජ්‍ය නිලධාරියෙක් විසින්. ඒක පිළිපදින්නේ නැත්නම් ඒ සඳහා පොලිස් ආඥාපනත යටතේ නඩු පැවැරිය හැකියි. එසේ නඩු පවරන්නේ නැත්නම් පොලිස් ආඥාපනත යටතේ පොලිස් නිලධාරීන් විසින් ගතයුතු පියවර නොගන්නවානම් නීතිය යටතේ බලය දීලා තියෙනවා.
පොලිස් ආඥා පනතේ 56වැනි වගන්තිය යටතේ මුළු රටේම ඉන්න පොලිස් නිලධාරීන්ට රටේ කොහිදී හෝ වේවා යම් කිසි නීති විරෝධි කටයුත්තක් සිද්ධ වෙනවා නම් එහි උප වගන්තිය යටතේ මෙසේ කියනවා. තමුන්ගේ උපරිමය යොදලා සෑම ව්‍යවස්ථාපිත වරදක්ම කිරීම වැලැක්වීම සඳහා කටයුතු කිරීම ඔහුගේ යුතුකම වෙනවා. එවන් නීති විරෝධි කටයුතු කරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම ඔහුගේ යුතුකමක් වෙනවා. අත් අඩංගුවට ගන්නා උදවිය නීතිය ඉදිරියට පැමිණවීම ඔහුගේ යුතු කමක් වෙනවා. මහජන සාමය පවත්වා ගෙන යෑමට පියවර ගැනීම ඔහුගේ යුතුකමක් වෙනවා. තව විශේෂ දෙයක් තියෙනවා. පොලිස් නිලධාරීන් වෙත යම් කිසි නියෝගයක් ලැබෙනවානම් නියෝගයක් දීමට බලය ඇති පුද්ගලයෙක් හරහා ඒ නියෝගය කි‍්‍රයාත්මක කිරීමට යුතුකමක් තියෙනවා. මේ යටතේ මෙම වරදවල් සම්බන්ධව කි‍්‍රයාත්මක කිරීම පොලීසිය භාර වගකීමක්. නමුත් ඔවුන් ඒ පියවර ගන්නේ නැත්නම් පොලිස් නිලධාරීන්ට විරුද්ධව ‘නිවටකම සඳහා’ නඩු පැවැරීමේ හැකියාවක් තියෙනවා. ඉංගී‍්‍රසියෙන් කියන්නේ ‘කවඩිසම්’ කියලයි. එහි සිංහල තේරුම නිවටකම. පොලිස් ආඥා පනතේ 83වන වගන්තිය යටතේ ඔවුන්ට නඩු පැවැරිය හැකියි.
ඒ වගේම පොලිස් නිලධාරීන් මෙම යුතුකම් පැහැර හරින්නේ නම් ඔවුන්ට විරුද්ධව ඔවුන්ට විරුද්ධව නඩු පැවැරීමට පොලිස් ආඥා පනතේ 82වන වගන්තිය යටතේ හැකියාව තියෙනවා.
මහජන දේපොළ ගැන විශේෂ පනතක් තියෙනවා. මහජන දේපොළ තමන්ගේ පුද්ගලික කටයුතු සඳහා පාවිච්චියට ගන්නවානම් ඒක විශේෂ වරදක්. ඒ සඳහා ඇප දීමටත් නොහැකියි. දැන් මැතිවරණය සඳහා පාවිච්චි කරන්නේ ජනතාවට අයිති දේපොළ. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධියි.
ලංකාවේ සභ්‍යත්වය තුළ සාරධර්ම කියලා දෙයක් තිබුණා. අද ඒ සාර ධර්ම සම්පූර්ණයෙන්ම ගිලිහීගොස් තිබෙනවා. මේ තත්වය උඩ වැදගත් නිලධාරීන් පවා විනයක් ඇතුව හැසිරෙන්නේ නැහැ. පොලිසියේ සමහර නිලධාරී මහත්වරුන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමේ උවමනාවක් තියෙනවා. නමුත් මෙතැන වෙන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිධාරීන් හරහා ඒ අයගෙත් ඊටත් වඩා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හරහා පීඩනයක් එනවා.
ලංකා - පොලිසිය භාර අමාත්‍යංශ ලේකම්වරයා පොලිස් නිලධාරීන්ට අනිසි බලපෑම් එල්ල කරනවා කියා මාධ්‍ය වාර්තා කර තිබුණා. ලේකම්වරයාට පොලිසියට නියෝග ලබා දිය හැකිද?
නීතිඥ උපුල් ජයසූරිය - පොලිසිය භාර අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධව කිසිම වගන්තියක් පොලිස් ආඥා පනතේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. ඔහුට කිසිම පොලිස් බලතලයක් නැහැ. මේ දේවල් සම්බන්ධව පොලිසියට පොලිස්පතිට එහෙම නැතිනම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට, කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝගයක් දීමට බලයක් හැකියාවක් නීතිමය අයිතියක් ඔහුට ඇත්තේ නෑ. ඔහු එසේ කරනවා නම් ඔහු නීති විරෝධී දෙයක් කරන්නේ. එවන් නීති විරෝධී දෙයක් කි‍්‍රයාත්මක කරනවානම් එම නිලධාරියාත් කරන්නේ නීති විරෝධී දෙයක්. ඒ දේ වෙන්න ඇරලා පොලිස්පති අහක බලාගෙන ඉන්නවානම් එතුමා කරන්නෙත් නීති විරෝධී වැඩක්. වගකීම තියෙන්නේ පොලිස්පති හරහා මේ දේවල් කි‍්‍රයාත්මක කිරීමටයි. අමාත්‍යාංශ ලේකම්ට වගකීම තියෙන්නේ පොලිසියට අවශ්‍ය මුදල් ටික අමාත්‍යංශයෙන් ලබාගෙන පඩි ටික ගෙවන්නයි. පොලිසියට වාහන අවශ්‍ය නම් ඒවා ගෙනත් දෙන්න පුළුවන්. නිලධාරීන් මාරු කිරීම සඳහාවත් පොලිස් අමාත්‍යාංශය භාර ලේකම්වරයාට කිසිම අයිතියක් නැහැ.
ලංකා - ඔබ කියන්නේ ලේකම්වරයා ඔහුට නැති බලයක් කි‍්‍රයාත්මක කරමින් ඉන්නා බවද?
නීතිඥ උපුල් ජයසූරිය - සීයයට සීයක්. ඔහු කණිෂ්ඨ නිලධාරීන් පමණක් නොවෙයි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවා ගෙන්නලා නීති විරෝධී උපදෙස් දෙමින් ඉන්නවා. වගකීමෙන් ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් කණිෂ්ඨ නිලධාරීන්ටත් කියා සිටිනවා මොහු දෙන නීති විරෝධී නියෝග පිළිපදින්න එපා කියලා. පොලිස් නිලධාරීන් කළයුත්තේ පොලිස් ආඥාපනත යටතේ තමන්ට ලැබිල තියෙන බලතල අනුව නීතිය සාමය ආරක්ෂා කිරීම සඳහා, සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා කටයුතු කරන එකයි.
ලංකා - ඔබ දිගටම තර්ක කරමින් ඉන්නේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන ඉඩකඩ ඉතා සීමිතයි කියලයි...
නීතිඥ උපුල් ජයසූරිය - සාධාරණ මැතිවරණයක් පැවැත්වීම තියෙන්නේ රජයේ නිලධාරීන්ට. එතුමන්ලා විශේෂයෙන් මේ වගේ මැතිවරණයකදී නිර්පාක්ෂිකව කි‍්‍රයා කරන බවක් ඉතිහාසයේ දැක තියෙනවා. මෙවරත් ඒ නිලධාරී මහත්වරු ඒ අයුරින් කි‍්‍රයාකරයි කියලා සැකයක් නෑ. නමුත් සමහර සැකයට තුඩු දෙන කාරණා සි්ද්ධවෙන බවක් පේන්න තියෙනවා. විශේෂයෙන්ම ගණකාධිකාරීවරුන්, දිස්ති‍්‍රක් ලෙකම් කාර්යාලවල වැඩ කරන ගණකාධිකාරීවරුන් කැඳවලා ඒ ගොල්ලන්ට කන්න බොන්න දීම්.සමහර දිසාපතිවරුන් ඇතුළු කීප දෙනෙක්ගේ ස්ථාන මාරුවීම් සිද්ධවීම. මේවා සැකයට තුඩු දෙන කාරණා.
ලංකා - සාධාරණ මැතිවරණයක් සඳහා වන යෝජනා ඔබ සංගමය විසින් මැතිවරණ කොමසාරිස් වරයාට ලබා දීලා තියෙනවද?
නීතිඥ උපුල් ජයසූරිය - සාකච්ඡුා කළා. යෝජනා ඉදිරිපත් කළා. මේ වෙන තෙක් ප‍්‍රතිචාර ලැබිලා නෑ. අපි ඉල්ලා හිටියා නීතිඥ සංගමය තුළින් නීතිඥවරුන්ට අවස්ථාවක් දෙන්න කියලා සාධාරණ ඡුන්දයක් වෙනවාද කියලා නිරීක්ෂණය කිරීම සඳහා. ඊට අමතරව ඡුන්දය ගණන් කිරීමේදීත් මේ අවස්ථාව ලබා දෙන්න කියලා අපි ඉල්ලා හිටියා. මේ මැතිවරණයේදී වරදවල් හැටියට දක්වා ඇති වරදව කෙරීගෙන යන නිසා ඒවා වැලැක්වීමේ යුතුකම එතුමාගේ කාර්ය භාරයේ කොටසක්. එතුමාගේ නියෝගයන්ට පිටින් දේවල් කෙරෙනවානම් නියෝගයන් ඉටු නොවෙනවා නම් එතුමා ජනතාවට එය ප‍්‍රකාශ කළ යුතුයි. මොකද එතුමාගේ ධුරයේ කර්ත්‍යවයන් කෙරෙන්නේ ජනතාව වෙනුවෙන්. එතුමා ඉටු කරමින් ඉන්නේ ජනතාව විසින් භාරදුන් වගකීමක්. ඒක කවුරු හරි දේශපාලඥයෙක් දීපු පත්වීමක් නෙවෙයි. මැතිවරණ කොමසාරිස් මේ කාලය තුළ රටේ ඉන්න අගවිනිසුරටත් එහායින් නිර්පාක්ෂිකව තද බල තීරණ ගැනීමට හැකියාවක් තියෙන පුද්ගලයෙක් විය යුතුයි.
ලංකා - ආණ්ඩුව පැත්තෙන් නැගෙන ප‍්‍රබල තර්කයක් වන්නේ දින සීයකින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කළ නොහැකියි කියන එකයිි. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?
නීතිඥ උපුල් ජයසූරිය - සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාව වෙනස් කිරීමයි අවශ්‍ය විශේෂ ප‍්‍රතිපාදන වෙනස් කිරීමයි දෙකක්. මම හිතනවා එතනයි ගොඩක් කට්ටිය පැටලිලා ඉන්නේ. පළමුවෙන්ම ඇති කළයුතු දේ තමයි 17වන සංශෝධනය නැවැත වරක් කි‍්‍රයාත්මක කිරීම. ඒ සඳහා 18වන සංශෝධනය ඉවත් කළයුතුව තියෙනවා. 18වන සංශෝධනය සම්මත කර ගත්තේ සතියක් සති දෙකක් ඇතුළත. කෙටි කාලයක් තුළ. එහෙමනම් දින 100ක් අවශ්‍ය වෙන්නේ නැහැ. 18වන සංශෝධනය වෙනස් කිරීමට පුළුවන් නම් කෙටි කාලයක් තුළ ජනාධිපති ධුරය වෙනස් කරලා එයට කෙටි සංශෝධනයක් ගෙන ඒම රොකට් තාක්ෂණ විද්‍යාවක් නොවේ. ඒක පාර්ලිමේන්තුවේ ඉන්න නූගත්ම මන්තී‍්‍රවරයෙක්ගෙන් ඇහුවත් කියයි පුළුවන් කියලා. වැඩි හරියක්ම පාර්ලිමේන්තුවේ ඉන්නේ නූගත් අයයි. පාර්ලිමේන්තුවට යන්න අද සුදුසු කම වෙලා තියෙන්නේ නූගත්කමයි. නූගත්කම තියෙනවානම්, අපරාධකාරයෙක් නම් පාර්ලිමේන්තු යන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ සංශෝධන ගෙන ඒමට අවුරුදු ගණන් කාලය අවශ්‍ය නැහැ. ඒ නිසා ඒක පුහු තර්කයක් පමණයි.
ලංකා- තවත් තර්කයක් තියෙනවා. විශේෂයෙන්ම ව්‍යවස්ථාව වෙනස් කළොත් රට කෑලි නමයකට කැඩෙනවා කියලා. මේ ගැන මොකක්ද ඔබේ අදහස?
නීතිඥ උපුල් ජයසූරිය - කෑලි නමයකට කඩලනේ තියෙන්නේ දැන්. 13වන සංශෝධනය හරහා රට කෑලි 9කට කඩලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න නම් 13වැනි සංශෝධනය නැවැත වරක් අයින් කරන්න ඕනි. ඒක ඇත්ත වශයෙන්ම දේශපාලනමය ප‍්‍රශ්නයක්. මම ඒ ගැන වැඩිදුර අදහස් දක්වන්නේ නැහැ. කෙටි උත්තරයක් දෙන්න පුළුවන්. 13වන සංශෝධනය හරහා රට කැඩිලා ඉවරයි. ඒක වෙනස් කරන්න ඕන කමක් තියෙනවානම් මේ රජයට ඒක කරන්න තිබුණා. දැන් අවුරුදු 10ක්ම ගියා. නමුත් ඒක කළේ නැහැනේ. තුනෙන් දෙකේ බලය තියාගෙන මේක දිගටම අරන් ආවා.
ලංකා - අද සියළුම හමුදා නිලධාරීන්ට පොලිස් බලතල ලබා දීලා තියෙනවා. ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ යම් යම් ඉඟි ඵල කරනවා පැරැුදුනත් බලය නොදෙන බවට. සමහර කණ්ඩායම් සෘජුව කියා සිටිනවා පැරදුනත් ජනාධිපති මහින්ද රාජපක්ෂයි කියලා. ඒ නිසා ජනතාවට සැකයක් ඇති වෙලා තියෙනවා ජනාධිපතිවරයා පැරැුදුනත් බලය නොදෙයි කියා. මෙවැනි තත්වයක් නිර්මාණය වෙයි කියලා ඔබ විශ්වාස කරනවද?
නීතිඥ උපුල් ජයසූරිය - එසේ නොවේවා කියලා මම ප‍්‍රාර්ථනා කරනවා. එසේ වුවහොත් මේ රටේ නීතිය සාමය යුක්තිය පවත්වා ගැනීමට මං හිතන්නේ නැහැ ති‍්‍රවිධ හමුදාවටවත් පුළුවන් වෙයි කියලා. ඒ වගේ තත්වයක් උදා වුනොත් ති‍්‍රවිධ හමුදාවේත් කාර්යභාරය මීට වඩා ගොඩක් වෙනස් වෙයි කියලා මම හිතනවා.
මේ වන විට මැතිවරණ කොමසාරිස්තුමා ඉතාමත් ධනාත්මක නියෝගයක් දීලා තියෙනවා ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට. ඒ නියෝගය යටතේ එතුමා කියා තියෙනවා මේ මැතිවරණය සාධාරණ, සාමාකාමී සහ නිදහස් මැතිවරණයක් ලෙස කරගෙන යා යුතු බවත් ඒ සඳහා ප‍්‍රශ්න ඇති වෙන විදිහට කිසිම අයුරකින් ති‍්‍රවිධ හමුදාව පියවරක් ගැනීමෙන් වලකින ලෙසත්. එතුමා කෙලින්ම නියෝගයක් කරලා තියෙනවා ති‍්‍රවිධ හමුදාවේ ඕනෑම මට්ටමක සෙබළුන් මැතිවරණ කටයුතු සඳහා පාවිච්චි කරන්න එපා කියා. මේ නියෝගයට කටයුතු කිරීමත් ති‍්‍රවිධ හමුදාපති වරුන්ගේ භාර වගකීමක් වෙනවා. මොකද පොලිස් ආඥා පනතේ පොලිස් නිලධාරීන්ට දෙන නියෝගයක් කි‍්‍රයාත්මක කිරීම ඒ අයට අයත් වගකීමක් වෙනවා. අද ති‍්‍රවිධ හමුදා පතිවරුන් ඇතුළු සියළුම හමුදා නිලධාරීන්ට පොලිස් බල තල ලබා දීලා තියෙනවා. ඒ අය එතනදී පොලිස් නිලධාරීන් වෙනවා. මේ දෙන නියෝගය කි‍්‍රයාත්මක නොකළහොත් ඔවුන්ට විරුද්ධවත් පොලිස් ආඥා පනත යටතේ නඩු පැවැරිය හැකියි.
මම හිතන්නේ නැහැ කිසිම මැතිවරණ කොමසාරිස්වරයෙක් මෙවැනි නියෝගයක් දුන්නයි කියලා. දෙන්න සිද්ධවුණා කියලා. එතුමා නිර්භයව ඒ පියවර අරන් තියෙනවා. ඒක බලවත් නියෝගයක්. එතුමාට අපේ ප‍්‍රශංසාව සහ මල් කළඹක් පුද කරනවා මේ දීපු නියෝගය සම්බන්ධව.

facbook


Contact Form

Name

Email *

Message *