එරාවුර්හි සිත්තන්ඩියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද කාර්යාලයට අද (25) අලුයම වෙඩි තබා අලාභහානි කැර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කැර ඇත.
නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ ටී එම් වී පී පක්ෂයේ බව කියන පිරිසක් එම කාර්යාලයට පහරදී ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
Read More ->>
follow
aaaaaaaa
Thursday, December 25, 2014
සිරදඬුවමක් නියම වී බන්ධනාගාරගතව
සිරදඬුවමක් නියම වී බන්ධනාගාරගතව සිටින සංජේ දත්ට සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව නිවසට යාමට අවසර ලබාදී තිබෙනවා. සිය නිවස වෙත යාමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මෙම කාලය තුළදී තමාගේ බර කිලෝග‍්‍රෑම් 18 කින් අඩු වී ඇති බවයි. වසර 05 ක සිරදඬුවමක් නියම වී සිටින සංජේ දත් මේ වනවිට මාස 18 ක ආසන්න කාලයක් බන්ධනාගාරයේ සිටිනවා. මීට පෙර 2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ සහ 2013 දෙසැම්බර් මාසවල ඔහුට දින 28 බැගින් වූ නිවාඩු බන්ධනාගාරය විසින් ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. බොලිවුඩ් චිත‍්‍රපට අධ්‍යක්ෂ රාජ් කුමාර් හිරානි සංජේ දත්ගේ ජීවිත කතාව අලලා
චිත‍්‍රපටියක් නිෂ්පාදන කිරීමේ කටයුතුද මේ වනවිට අරඹා තිබෙනවා.
Read More ->>
චිත‍්‍රපටියක් නිෂ්පාදන කිරීමේ කටයුතුද මේ වනවිට අරඹා තිබෙනවා.
රටක අධිවේගි මාර්ග වැනි යටිතල පහසුකම් වැඩි
රටක අධිවේගි මාර්ග වැනි යටිතල පහසුකම් වැඩි වුණාම ඒ රටට ආයෝජන ගලා එනවා. ඒත් කනගාටුවට කාරණය අපේ රටට එහෙම එන ආයෝජනයක් නැති කමයි....මේ පාරවල් වල දුවන වාහන කුලියෙන් අඩුම ගාණේ ගත්තු ණය වල පොලියවත් ගෙවන්න බැ..ඒකනිසා මේක රටට මහ බරක්...
තරඟකාරී ටෙන්ඩර් පටිපාටියක් නෝමැතිව කරන ලද ව්‍යාපෘති නිසා අනිවාර්නේම දූෂණ වංචා මහාපරිමානයෙන් සිදුවෙලා තියෙනවා කියන සැකය කුඩා දරුවෙකුට වුණත් ඇතිවෙන්නක්...පාරවල්වලට දැම්මේ රත්තරන්ද කියලා මිනිස්සු අහන්නේ ඒකයි.
අධිවේගී පාරවල් හැදීමට, ඈත පිටිසර සිරියාවතිලාගේ බූමිතෙල් කාලෙන්, කිරිපිටි පැකට්‍ටුවෙන් බදු ගැසීම සාධාරණ නොවන බව ඉතා සධාරණ තර්කයක් උනත්, පෙර කි පරිදි රට තුළ විදේශ ආයෝජනයන් අතිවුයේ නම් පෙරලා එම ප්‍රතිලාභ සිරියාවතිලාටද ලැබෙනු ඇති...එහෙත් කුමන හෝ වරදකින් මහින්ද මහතාගේ අසාර්ථක ව්‍යාපෘති ගොඩට මහ බරක් දෙමින් අධි වේගි මාර්ගද පතිත වි ඇත
Wednesday, December 24, 2014
මුතුහෙට්ටිගමට වරෙන්තු - ආරක්ෂකයින් තිදෙනාට ඇප
සුළු අපනයන භෝග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ ඔහුගේ රියදුරු මෙත්සිරි චාමින්ද යන දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරමින් බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා අද (24) වරෙන්තු නිකුත් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයාට උසාවියේ පෙනී සිටින ලෙස නොසීති නිකුත්කරන ලෙස පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගත හැකි වරදක් සිදු කර ඇති බවයි.
මේ අතර රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි ඇමති ආරක්ෂකයන් තිදෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
වදුරඹ දී පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැළියේ වේදිකාවට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පොලිස් අත්අඩංගුවෙන් රැගෙන ගියැයි සැකපිට අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කළ ඇමති ආරක්ෂකයන් තිදෙනා සම්බන්ධ නඩුව යළි විභාගයට ගත් අවස්ථාවේ දී මේ නියෝග නිකුත් කළේය. එම නඩුව ලබන 29 වැනිදාට කල් තැබිණි.
මෛත‍්‍රී, රනිල් විශේෂ මාධ්‍ය හමුවක (VIDEO)
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේවන විට පැවැත්වේ.
“ස්ථාවර සංකල්ප සහිත ව්‍යාපාරික පරිසරයක්“ මැයෙන් විශේෂ ව්‍යාපාරික හමුවක් පැවත්වේ.
එහි සජීව විකාශය පහතින් නරඹන්න
මගේ ඇහෙනුත් කඳුළු බිංදුවක් වැටුනා
මගේ ඇහෙනුත් කඳුළු බිංදුවක් වැටුනා, ජගත් චමිල..... ඒ උඹට වගේ මුදලට පෙනී ඉඳලා, රණවිරුවන් විකුණගෙන කන දැන්වීමෙදි වගේ ග්ලිසරින් කඳුලක් නොවෙයි මචං... රට බේරගත්ත අපේ රණවිරුවන් ලවා දේශපාලන පෝස්ටර් අලවනව දැකල මම සංවේදී වුණු නිසා....
Read More ->>
facbook
Contact Form
FEEDJIT
Popular Posts
-
වෛද්‍ය ක්ෂේත්රයේ තිබෙන විශාලම වෘත්තිය සමිතිය වන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයේ විධායක සභාව අද උදැසන අටට පමණ නව ප්රජාතන්ත්රවාදී පක්ෂය...
-
පැල්මඩුල්ල ප්‍රදේශයේ දැන් පැවැත්වෙන රැස්වීමට මැර ප්‍රහාරයක් එල්ල වූ බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහත...
-
වයඹ පළාත් සභා මන්ත්‍රී ( එක්සත් ජනතා නිදහස් සන්ධානය) ලක්ෂ්මන් වෙඩරුව මහතා මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට ස...
-
ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි බුද්ධි අංශ විසින් ව...
-
මාධ්‍ය මාධ්‍ය සදහා නොව මාධ්‍ය ජනතාව සදහා විය යුතුයි මාධ්‍යක ප්‍රධාන කාර්යභාර්ය ජනතාවට ගමන් කළ යුතු දිසාන්තය වෙනුවෙන් මගපෙන්වීම ඒ සදහා මාධ්...
-
පරාජයෙන් වියරු වැටුණු රා’ක්ෂ සුනඛයින්ගේ නිවට - බියගුළු කි්රයාවක්....... අද (25) රාත්‍රී 8.30 ට පමණ මාතර හක්මන පාරේ පිහිටි මාතර දිස්ති්ර...
-
වියරු වැටිසිටින ඒකාදිපතිවාදයේ ඉතාලි අනුගාමිකයන් විපක්ෂ ක්‍රියාකාරින්හට තර්ජන හා ගර්ජන සිදුකිරිමට පටන් ගෙන ඇතැයි මිලානෝ නුවර උපුටා දක්ව...
-
කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට... ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහ...
-
කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන කතාව යසට ඔප්පු කරන්නට සමන්මලී සකලසූරිය අක්කා සමත් විය. අක්කාට "රහ වහ වී වහ...











